Tuesday, December 12, 2017

ජනතා අදිකරණය (100) ;- අත කඩා බරපතල තුවාල ලැබූ පියදාසගේ නඩුව. ( Judgement of Piyadasa)




පියදාස පානදුර ජනසන්සදයට පැමිණි වින්දිතයෙකි. ඔහුගේ කතාව  යු  ටියුබ් මගින් බලා ගත හැක.

ඔහු ශේෂ්ට්‍රදිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය. එහි අංකය 629/2010 වේ. තීන්දුව දුන්නේ 2017.12. 06 වැනිදාය. මෙය ශේෂ්ට්‍රදිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් එනම් විනිසුරු බුවනෙක අලුවිහාරේ විනිසුරු අනිල් ගුණරත්න විනිසුරු කේ ටි චිත්‍රසිරි හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්දන සමග නීතිඥ චාමර නානායක්කාරවසම් ද වගයුත්තරකරුවන් වූ පොලිස්පති මහින්ද බාලසූරිය මතුගම මුලස්ථාන පොලිස් පරීක්ෂක සහ නීතිපති වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම නීතිඥ ලහිරු ගලප්පත්තිගේ නීතිඥ කේ වී ගුණසේකර සහ ජෙෂ්ට රජයේ නීතිඥ අනුපා ද සිල්වා යන අය පෙනී සිටියහ.

පියදාසගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11 වන වගන්තියෙන් දක්වා ඇති මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බව ශේෂ්ට්‍රදිකරණය තීරණය කරන ලදී. මතුගම පොලිසිය පියදාසට පහර දුන් අතර ඔහුගේ අත ද කැඩිනි. මතුගම පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමේදී ඔහුගෙන් ගිනි අවියක් ඉල්ලා සිටියේය. පසුව ඔහුව සහ ශංකර් යන අයව කසිප්පු පෙරෙන බැරල් සමග තබා චායරුපද ගත්තේය. පොලිසියට අනුව පියදාස තුවාල ලැබුවේ වැටීමෙනි. ඔහුව වැත්තාව රෝහලටත් පසුව නාගොඩ මහා රෝහලටත් යොමු කෙරිණි. වත්තව රෝහලෙන් කිසිදු වෛද්‍ය වාර්තාවක් නිකුත් කෙරුනේ නැත. නාගොඩ රෝහලේදී ඔහුව අදිකරණ වයිද්ය නිලදාරී පරික්ෂා කල අතර එම වයිද්‍ය වාර්තාව ශේෂ්ට්‍රදිකරණයට ඉදිරිපත් කෙරිණි.

පියදාස ඔහුගේ මුලික අයිතිවාසිකම් නඩුව ජයග්‍රහණය කළේය. එහි තීන්දුවේ සදහන් කලේ ඕනෑම අපරදකරුවෙකුට 11 වන වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම් අදාල වන බවයි. එනම් කිසිදු පුද්ගලයෙකුට සැකකරුවකු වරදකරුවකු වුවද වදහිංසා පැමිණවිය නොහැකි බවයි. ශේෂ්ට්‍රදිකරන විනිසුරු බුවනෙක අලුවිහාරේ තීන්දුව ලියු අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය. පියදාසට වන්දි සහ ගාස්තු ලෙස රුපියල් 45,000ක් නියුම කෙරිණි. එයින් රුපියල් 15,000 ක් රජය විසින්ද නඩු ගාස්තු ලෙස රුපියල් 10000 ක්ද නියම විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබදියාවට යොමු වන්න.












No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...