Wednesday, October 25, 2017

නිතිය සැමට (Law for All );- තෑගි ඔප්පුවක් පිළිබද අබියාචනයක්. (Deed Of Gift)



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 30/2015 දරන අබියාචන නඩුවයි. අබියාචනය පමණක් අවසන් වන්නේ 2017.10 23 වැනිදාය. අබියාචනය පමණක් නිමා වීමට ගත වූ කාලය වසර දෙකකට වැඩිය. හෝමාගම දිසා අදිකරණයේ විබාග වූ නඩුවකි. ශේෂ්ට්‍රදිකරණයේ අබියාචනය ඇසෙන විට අබියාචක ජිවතුන් අතර සිටියේ නැත. එයට අදෙෂකයෙකු ඇතුලත් කෙරිණි.ඔහුගේ නිවසක් වගයුත්තරකරුට කුලියට දි තිබිණි. පසු අවස්ථාවකදී අබියාචක වගයුත්තරකරුට  පයචස් 10 ක් සහ නිවසක් තෑගි ඔප්පුවකින් පැවරුවේය. වගයුත්තරකරු එයට අලුත්වැඩියා කිරීම් ද සිදු කළේය. තෑගි ඔප්පුව ලිවීමට මත්තෙන් වගය්ත්තරකරු අබියචක ගේ දුක සැප බැලිය. නමුත් ඔප්පුව ලිවීමෙන් පසුව එම කෘතඥතාව මද වීම මත අබියාචක (පැමිණිලිකරු ) දිසා අදිකරණයේ තෑගි ඔප්පුව අවලංගු කරන ලෙස ඉල්ලා නඩු පැවරිය. එය ඔහු ජයග්‍රහණය කළේය. එයට විරුද්දව අබියාචනා අදිකරණයේ දැමු අබියචනයෙන් හෙතෙම පරාජය වුනි. ඔහු පසුව ශේෂ්ට්‍රදිකරණයේ අබියාචනයක් දැමු අතර එයින්ද පරාජයට පත්වුණි. එයට හේතුවුයේ තෑගි ඔප්පුවේ සදහන් ආකාරයට කෘතඥතාව මද බවක් ඔප්පු වී නැති බවයි. මෙය තව දුරටත් පැහැදිලි කලොත් තෑගි ලබුම්කාර තෑගි දිමනාකරුට නරක ලෙස සලකා නොමැති බවයි. මෙම නඩුවේ දි තෑගි ඔප්පුවේ ජිවිත බුක්තිය තිබු බවක් සදහන් වුයේ නැත. ජිවිත බුක්තිය තිබුනානම් නඩු පැවරීම එලෙසෙම සිදුකල හැකි අතර එය වෙනේකෙනුකට විකිනීමට පැවරීමට හෝ බද්දට දීමට තෑගි ලබුම්කරුට කල නොහැක.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.



No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...