Friday, August 18, 2017

ජනතා අදිකරණය (94) ;- පොලිස් පොඩ්ඩා පොලිස් ලොක්කාට එරෙහිව නඩුව දිනයි.


මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 12/2012 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. මෙහි තීන්දුව දුන්නේ 2017.08.04 වැනිදාය. පෙත්සම්කරු පාලිත නන්දසිරිය. වගයුත්තරකරුවන් වුයේ පොලිස් නිලදාරීන් පොලිස්පති සහ නිතිපතිවරයාය. මෙය ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන පි බි අලුවිහාරේ ප්‍රියන්ත ජයවර්දන සහ උපාලි අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ජේ සි වැලිඅමුණ සමග නීතිඥ පුලස්ති හේවාමාන්න යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ රජිවූ ගුණතිලක යන අයද පෙනී සිටියහ.

පෙත්සම්කරු කියා සිටින්නේ පොලිස්පති තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම සහ සාජන් දුරයේ සිට කොස්තාපල් දක්වා සේවයෙන් පහලට දැමීම යථාර්තවාදී නොවන අතර අත්තනෝමතික නිසා තමාගේ මුලික අයිතිවාසිකම් කඩ වූ බවයි. ඔහු වැඩි දුරටත් කියා සිටියේ විනය පරීක්ෂණය පැවැත්වීම පොලිස් දෙපාර්තමේන්තු රෙගුලාසි වලට පටහැනි බවත් තනතුරෙන් පහලට දැමීම අසාදාරණ බවත්ය.

2009 නොවැම්බර් 07 පෙත්සම්කරු හැටන් පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සිටියේය. ඔහු සහ තවත් නිලදරියෙකු සේවයේ යෙදි සිටියදී වාහනයක් නතර කල අතර එහි රියදුරු සහ අනෙක් මගින් බිමත්ව සිටි අතර එහි රියදුරුට නිසි බලපත්‍රයක් නැති බවත් තීරණය කළහ.

පෙත්සම්කරු රියදුරුව පොලිසියට ගෙනා අතර ඔහු බිමත්බව සොයන පරීක්ෂණයට සහයෝගය නොදැක්වීම නිසා රෝහලට ගෙන ගිය අතර එහිදී වය්ද්‍ය පරීක්ෂණයකට බදුන් වූ අතර බිමත්ව සිටි බව තහරු වුනි පසුව පොලිස් ස්ථානයට නැවත රැගෙන විත් වෙනත් පොලිස් නිලදාරියකු විසින් ප්‍රකාශයක් ලබා ගෙන පොලිස් ඇප මත මුදා හැරිණි. එසේ කලේ හැටන් මහේස්ත්‍රාත් අදිකරණයේ පෙනී සිටීමට නියෝග කරමිනි. ඔහු අදාල දිනයේ අදිකරණයට ඉදිරිපත්ව චෝදනා දෙකටම වරදකරු බව පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 7500 ක දඩයක් මත මුදා හැරිණි.

ඉන්පසුව මෙම පුද්ගලයා කරේ දේශපාලනඥයින්ගේ සහය ඇතිව උක්ත පෙත්සම්කාර පොලිස් නිලදාරියට බලපෑම් කිරීමයි. එනිසා ඔහු මෙම මුලික අයිතිවාසිකම් නඩුව පැවරු අතර එයින් ජයග්‍රහණය කළේය. නමුත් වන්දි හෝ නඩු ගාස්තු හිමි වුයේ නැත. එනම් 11 වන වගයුත්තරකරු පෙත්සම්කරුගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති මුලික අයිතීන් කඩ වූ බව තීරණය කෙරිණි. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න. 






No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...