Thursday, December 22, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- කුඩය (Umbrella)



ඊයේ උදැසන අපේ විදායක අද්‍යක්ෂ අපට දිවා ආහාරයට ආරාදනා කළේය. මම වයිද්යවරයා හමුවීමට යාම හවස 6 ක් පසු එනම් කාර්යාල වේලාවෙන් පසුවට කල් දැමුවෙමි. ඉන්දියානු බොජුන්හලක දිවා ආහාරය ගත්තේම්. ඉන්පසුව නැවත්තත් රැ කැමකටද ආරාදනා ලැබුවෙමි. මම එහි නොගියෙමි. ඒ වෙනුවට වයිද්යවර්යා හමු වන්නට තීරණය කලෙමි. 

කාර්යාල වේලාවෙන් පසු එලියට ගිය විට මල් වැස්සක් ඇද හැලුනේය. මම එය ගණන් නොගත් අතර පාරට ගියෙමි. පුද්ගලයකු පැමිණ මට කුඩයක් දී take care යයි පවසා යන්නට ගියේය. ඔහු වැසි ආවරණයක් පැලද සිටි අතර මට මුහුණ පවා මතක සිටියේ නැත.

මම ලංකාවේ සිටියදී අපේ කාර්යාලයට පැමිණි නාදුනන කතක් සාරිය මාරු කිරීමට ඉල්ලා සිටියාය. අපි බැහැයි කීවෙමු. කුඩය ලැබුණු අවස්ථාවේ සිට මට මේ සිද්දිය මතකයට නැගිණි.

මම රෝහලට ගියෙමි. ඒ මගේ දෙවන දිනය විය. මගේ නම එහි හෙදියන් දෙදෙනාට මතක තිබිණි. මම එහි ගියේ දකුණු ඇස සහ කන තුල ඇති වූ වේදනාව නිසාය. වෛද්‍ය වරයා මා පරික්ෂා කල අතර ප්‍රශ්නයක් නැති බව කිවේය. මා මුදල් ගෙවීමට කවුන්ටරයට ගිය විට මුදල් ගෙවීමට අවශ්‍ය නැති බව කියැවිණි. වයිද්යවරයා සිය කාමරයෙන්එලියට පැමිණ කිවේ මුදල් ගෙවීමට අවශ්‍ය නැති බවයි. 

ශ්‍රී ලංකාවේ පවුද්ගලික රෝහලක නම් බෙහෙත් නියම නොකලද රෝහල් ගාස්තු ගෙවීමට සිදුවේ.

අපිට යහපාලනය නිතිය මත පාලනය ප්‍රජාතන්ත්‍රවාදය සත්ජන සහ සුබාෂිත සමාජයක් සදහා බොහෝ දුරක් යාමට ඇත.


1 comment:

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...