Thursday, December 8, 2016

කොරියානු දිනපොත ( Korean Diary ); නත්තල් දා (Christmas in South Korea)



දකුණු කොරියාවේ ක්‍රිස්තියානි අය බහුලව සිටිති. එය ආසියාවේ චීනයට හා ජපානයට වඩා වැඩි වේ. මෙහි පුළුල්ව නත්තල් උත්සවය සමරනු ලැබේ. 

ජනගහනයෙන් 25 - 30% අතර ප්‍රමාණයක් ක්‍රිස්තියානි අය වේ. කෙසේනමුත් දකුණු කොරියාවේ ජනගහනයෙන් 70%ක් බවුද්දාගමික (25% පමණ ) හෝ ආගමක් නැති අයවලුන්ය. ජපානය මෙන් නොව මෙහි නත්තල් දිනය නිල මහජන නිවාඩු දිනයකි. නමුත් ඔවුන් දෙසැම්බර් 26 වැනිදා වැඩට යති. අලුත් අවුරුද්දේ නිල ශිත නිවාඩුවක් ඇත. 

මෙදින පල්ලි අලංකාර විදුලි බුබුළු වලින් වර්ණවත් වේ. නත්තල් දින පල්ලි විවුර්තය. ක්‍රිස්තියානි නොවන අයද මෙදිනට පල්ලි යාම ජනප්‍රිය කරුණක් වේ. සියෝල් සහ හැන් ගංගාවද විදුලු බුබුළු වලින් මෙදින අලංකාර කර තිබේ. නිවෙස් වල නත්තල් ගස් නිර්මාණය කෙරේ. තෑගි හුවමාරු වේ. තෑගි ලෙස මුදල් දීමට විශේෂත්වයක් හිමි වේ. ජනප්‍රිය නත්තල් ආහාරය නත්තල් කෙක්ය.

නමුත් උතුරු කොරියාවේ නත්තල මිට වෙනස්ය. එහි ක්රිස්තියනිවිම, බයිබලයක් ලග තබා ගැනීම සිරගත වීමට හෝ මරා දැමීමට හේතුවක් වේ. එහි ක්රිස්තියනුවන්ගේ හමුවීම, නත්තල් උත්සවය සැමරීම රහසිගතව සිදුවන්නකි.






No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...