Tuesday, December 6, 2016

මෙය හොද ආරම්බයකි.


යාපන පුස්තකාලය ගිනි තැබීම අමතක නොකළ යුතුය. එය අපේ ඉතිහාසයයි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවැති කාලයේදී යාපනය පුස්තකාලයට ගිනි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.

නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා වූ ඩී.එම්. ස්වාමිනාදන් මහතාට දොස් නගමින් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා කතා කරද්දී නැගී සිටි අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද ඝෝෂා කරමින් අගමැතිවරයා වෙත බාධා කරන්නට වූහ. එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්
අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

උතුරේ ජනතාවට අපි රැකියා දෙනවා. ආයෝජන කර්මාන්ත ලබා දෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවැනි සංවත්සරය වෙද්දී අපි විශාල වැඩ කොටසක් උතුරේ ආරම්භ කරනවා.
(සභාවේ ඝෝෂා)

ඔබගේ පක්ෂයේ නායකයාගේ පදවි ප්‍රාප්තියට ඇවිල්ලා මේකට සහාය දෙන්න. ඇයි නායකතුමාගේ පදවි ප්‍රාප්තියට යන්නේ නැද්ද?....
(ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු යළි බාධා කරයි)

අපේ කාලයේ යාපනය පුස්තකාලය ගිනි තිබ්බ එක ගැන මම සමාව ඉල්ලනවා. ඔබතුමාලාත් කරපු වැරදිවලට සමාව ඉල්ලනවාද..... ඇයි සමාව ඉල්ලන්නේ නැද්ද?

Lakbima
ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...