ගිය සතිය පුරාවට ශිත පාසැල පැවැත්විණි. මෙම නම පැටබදුනේද ශිත රිතුව හේතුවෙනි.
එහි එක අංගයක් වුයේ උතුරු සහ දකුණු කොරියානු දේශසීමාවට යාම වේ. මෙයට පෙර දින සංවිදයකින් එහි නොඑන ලෙස මට පැවසිනි. මෙහිදී මට යම් කෝපයක් ඇතිවුණු අතර මට මගේ ශරීර සවුක්ය ගැන 100% ක විශ්වාසයක් තිබුණු අතර මා එහි යාමට දැඩි ලෙස අදිෂ්ටාන කර ගත්තෙමි.
දිනය උදා විය. මම එහි ගියෙමි. දරා ගත නොහැකි ශීතලක් විය. මම ජම්පර් ජකට්ටුවක් ඇද නොසිටියෙමි. එයට හේතු වුයේ ජැකට්ම නොතිබීම නොව එයට දැක්වූ අකමැත්තයි. මගේ කොරියානු යෙහෙලියන් දෙදෙනා එනම් මිරි සහ ඉල්ෂින් මට ඔවුන්ගේ ජම්පර් ජකට්ටුවක් ඇන්ද වුහ. මම මා ගැන සැලකිලිමත් නොවීම ගැන ඇති වුයේ දැඩි පසුතැවිමකි. මින් පසු එම දුර්වලතාවය නැති කර ගැනීමට තරයේ අදිටන් කර ගත්තෙමි.
ඉන්පසුව දේශසීමාව වෙත ගියෙමි. තුන්වන උමන් මාර්ගය වෙත පිවිසුනෙමි. පහලට බෑවුමක් විය. ආපසු එන විට එය තරණය කල යුතුවිය. මෙහිදී මට ඉල්ශින්ගේ සහ තවත් කොරියානු යෙහෙළියකගේ සහය ලැබුණි. ඉල්ශින්කිවේ ඇය මට ඒමට නොඑන ලෙස කි හේතුව මෙය බවයි.
මෙම දේශසීමාවේ උමන් මාර්ග සතරක් තිබේ. ඒ සියල්ල උතුරු කොරියනුවන් දකුණු කොරියාවට ඒමට තැනු ඒවා විය. උතුරු කොරියානුවන් පැවසුවේ මේවා ගල් අගුරු කැණීමට සැදු බවයි. නමුත් මෙය හමුදා බටයින් එවීමට සැදු ඒවා බව පැහැදිලිය.
දේශ සීමාව දුර්ලබ ශාක සහ සත්ව ජවිය විවිදත්වයෙන් යුක්තය.
No comments:
Post a Comment