Tuesday, December 6, 2016

කොරියානු දිනපොත (Korean Diary ) ;- මේ කවුද ? මොනවාද කරන්නේ ? (President Park )



පාක්‌ ජියුන් හියු දකුණු කොරියාවේ 11 වන සහ වර්තමාන ජනදිපතිනියයි. තවද ප්‍රථම කාන්තා ජනාදිපතිනිය වේ. ෆොර්බ්ස් ලයිස්තුවේ ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතර පාක්ට හිමිවුයේ 11 වන ස්ථානයයි. තවද ෆොර්බ්ස් ලයිස්තුවේ ලොව බලවත්ම පුද්ගලයින් 100 දෙනා අතර ඇයට හිමිවුයේ 46 වන ස්ථානයයි.

1952 පෙබරවාරි 02 වැනිදා ඇය උපත ලැබිය. ඇය 1963 සිට 1979 දක්වා රට පාලනය කල දකුණු කොරියානු ජනාදිපති පාක් චුන් හිගේ පළමු දරුවාය. ඇගේ මව යුක් යන්සය. පාක් කිසිදා විවාහ වුයේ නැත. 1979 ඔක්තෝම්බර් 26 තම බුද්දි අංශ ප්‍රදනියා විසින් පාක්ගේ පියාව ගාතනය කරනු ලැබිණි. ඇගේ මවවද ගාතනය කරනු ලැබිණි.

පාක්ට කොරියානු බාෂාවට අමතරව චීන ඉංග්‍රීසි ප්‍රංශ සහ ස්පාඥ බාෂා කතා කල හැක. ඇයට විශ්ව විද්‍යාල කිහිපයකින්ම ගවුරව උපාදි හිමි විය.

2016 දී දකුණු කොරියාවේ දේශපාලන අපචාරයක් සිදු  වුනි. එය චෝයි සුන් සිල් අපචාරය ලෙස හදුන්වනු  ලැබේ. චෝයිට ආණ්ඩුවේ නිල තනතුරක් හිමි වුයේ නැත. නමුත් ඇය ජනදිපතිනියගේ විශ්වසවන්තයෙකු ලෙස කටයුතු කළාය. ඇය ජනදිපතිනියගේ විස්වස්නිය ලිපිගොනු සහ තොරතුරු වලට ප්‍රවේශය ලැබුවාය. ඇය මේ තත්වය තුල නොයෙකුත් අපචාරයන්ට දායක වුවාය. මේ තත්වය අද වන විට ජනාදිපති පාක්ට නරක ලෙස බලපෑ ඇත. ජනතාව ඇයට ඉල්ලා අස්වෙන්නයයි බල කරයි. ජනතාව මිලියන ගණනින් පාරට බැස අද වෙන කොට උද්ගෝෂණ පවත්වති.ඇයට එරෙහිව දෝෂාබියෝගයක්ද පමුණුවා ඇත. එය 2016 දෙසැම්බර් 09 වැනිදා විබාගයට ගැනීමට නියමිතය.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...