Sunday, December 11, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- කිමිදුම්කරුගේ බිරිදට උදවු කරන්න. (2014 Doomed Sewol ferry)


ඔහු සියොල්හි වීර කිමිදුම්කරුවෙකි. නම කිම් කුවන් හොන්ය. ඔහු පශ්තාත් ක්ලමත ආතති තත්වයට බෙහෙත් ගත් අතර අනතුරුව සියදිවි නසා ගත්තේය. ඔහුගේ වැන්දබු බිරිදට උදවු කරන ලෙස ඉල්ලා අන්තර් ජාලයේ වියාපෘතියක් පටන් ගෙන ඇත. 

2014 අප්‍රියෙල් 16 මෙම බෝට්ටු අනතුර සිදුවිය. මියගිය ගණන 300 ට වැඩිය. ඒ අතර බහුතරය උසස් පාසල් අද්‍යාපනය දරන සිසුවෝ වෙති. ඔහු අනතුරට පත්වූවන් බේරා ගැනීමට කිහිපවරක් වතුරට පැන්නේය. අවසානයේ ඔහු ලෙඩ විය. 

ජනාදිපති පාක් මේ පිලිබදව දැක්වූ අලස ප්‍රතික්‍රියාව ඇයට එරෙහි බොහෝ විවේචනයන්ට හේතු විය. දැන් පාක්ට එරෙහිව දෝෂාබියෝගයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මේ බෝට්ටු අනතුර කරලියට පැමිණ ඇත. 

මේ අතර කිම්ගේ වැන්දබු බිරිද මල් විකුණන කඩයක් පවත්වා ගෙන යන්නීය. එයට ආදාර කරන්නයි ඇය අන්තර් ජාලයේ සමාජ මාද්‍ය හරහා ඉල්ලීමක් කර තිබේ.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...