Thursday, December 15, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- දේශපාලනය ( Politics of South Korea)


දකුණු කොරියානු ජනාදිපතිනිය පාක්ය. ඇය පළමු කාන්තා ජනාදිපතිනිය වේ. ඇයට ඇගේ සමීප මිතුරියක් පිළිබද දුෂණ අපචාර චෝදනා එල්ල වී ඇත. ජනතාව ඉල්ලා අස්වන ලෙස මිලියන ගණනින් විදි බැස විරෝදය පල කර සිටිති. මේ අතර 2014 බෝට්ටු අනතුරින් 300 ක් මියයන ලදී. එහි බහුතරය උසස් පාසල් සිසුන් වේ. මෙම සිද්දියට ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වීම පිළිබදවද පාක් ජනාදිපතිනියට චෝදනා එල්ල වේ. 

රජයේ  ප්‍රදානියා ජනාදීපතිවරයාය. මෙහි බහු පක්ෂ දේශපාලනයක් ක්‍රියාත්මක වේ. ආණ්ඩුව විදායක බලය ක්‍රියාත්මක කරයි. විවස්ථාදායක බලය ආණ්ඩුව සහ ජාතික සබාව යටතේ පවතී. 

අදිකරණය විදායකයෙන් සහ විවස්තදයකයෙන් සුවාදින වේ. අදිකරණයට ශේෂ්ට්‍රදිකරණයක් අබියාචනා අදිකරණ සහ විවස්ථාපිත අදිකරණයක් අයත් වේ. අදිකරණය විවස්තදයකයෙන් සහ විදායකයෙන් සුවාදින වේ. ශේෂ්ට්‍රදිකරණය ඉහලම අදිකරණයයි. එහි විනිසුරුවරු ජාතික සබාවේ අනුමැතිය මත ජනාදිපතිවරයා විසින් පත් කරනු ලබයි. 

රජයේ ප්‍රදානියා ජනාදිපතිවරයාය. ඔහුව හෝ ඇය ව වසර 05 ක කාලයක් සදහා ජනප්‍රිය චන්දයෙන් තොරා පත්කර ගැනේ. ජනාදිපති දකුණු කොරියානු හමුදාවන්හි ප්‍රදානියා වේ. ඔහු හෝ ඇය සැලකියයුතු විදායක බලතල දරා සිටියි. ජාතික සබාවේ අනුමැතිය ඇතිව ජනාදිපති අගමැතිවරයා පත් කරයි. ජාතික සබාව සාමාජිකයින් 300 කින් සමන්විත වේ. එහි දුර කාලය වසර 0 4 කි. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...