02 වැනිදා උදැසන කාර්යාල කටයුතු අරම්බක කෙරිණි. සුපුරුදු සදුදා උදැසන කාර්යාල රැස්වීම පැවැත්විණි. ඉන්පසුව අපි අපිම කාර්යාලය පිරිසිදු කිරීමේ වැඩ කටයුතු වල නිරත වුනෙමු. ඊළගට නැවත රැස්වීමකි. එහිදී මැයි 18 අනුස්මරණ පදනමේ මහා ලේකම්වරයා සියලු කාර්යාල සාමාජිකයින් ඇමතුවේ 2017 වසරට සුබ පැතුමද එක් කරමිනි.
ඉන්පසුව ශානවාස් අප සමග වැඩ කල පකිස්තානු ජාතිකයෙකි. ඔහු අදාල වැඩ මුරය සාර්ථකව නිමවා ගිය දෙසැම්බර් 31 සිය රට බලා ගියේය. චෝයි , අෆ්ටාබ් සහ මම ඔහුගේ නිවස වෙත ගියෙමු. ඒ ඔහු පාවිච්චි කල බාන්ඩ කාර්යාලය වෙත ගෙන එමටය.
ඒ අවස්ථාවේ මගේ ගෙදරටත් ගිය අතර මම චෝයිට මගේ දොරේ එන කින් කින් ශබ්දය ගැන කීවෙමි. ඔහු කිවේ හැකි ඉක්මනින් දොරට අලුත් බැටරි දමන ලෙසත් නැතිනම් දොර ඇරීමට නොහැකි වන බවයි. මේ නව තාක්ෂණයයි.
අපි ආපසු කාර්යාලය වෙත පැමිණියෙමු. මම චෝයි ගෙන් ඉල්ලීමක් කලෙමි. ඒ බැටරි මිලදී ගන්නට කඩයට යාමටය. එවිට වෙලාව දවල් 12.30 වූ අතර දිවා ආහාර විවේකයද විය. චෝයි එය ප්‍රතික්ෂේප කල අතර පැවසුවේ සවස 6 න් පසුව යන ලෙසයි.
මට තරමක අපහසුතාවක් දැනිණි. සියුම් තරහක්ද සිතේ ඇති විය. නමුත් කලබල වුයේ නැත.
විනාඩි 5 ක් 10 ක් ගත විනි. චෝයි මට කතා කළේය. බැටරි සතරක්ද දුන්නේය. මේ ලංකාව නොවේ කොරියාවයි මට සිතිනි.
හවස ගෙදර ඇවිත් ඇෆ්ටබ්ගේ සහයද ඇතිව දොරේ අගුලට අලුත් බැටරි දැමුවෙමි.
No comments:
Post a Comment