Sunday, January 8, 2017

කොරියානු දිනපොත (Korean Diary );- මද්‍යසාර (Drinking culture of korea)



කොරියානු මෙසේ උඩ මා දැක්කේ සොජු, රයිස් වයින් සහ මකොලිය. මේ තුනේම රස මා ටික ටික බැලුවෙමි. නමුත් ඇබ්බැහියි වුයේ නැත.

මකොලි සම්ප්‍රදායික මද්‍යසාර වර්ගයකි. සුදු පාටය. රයිස් වයින් ඇගට ගුණයයි පැවසේ. සොජු කොරියාවේ ඉතා ජනප්‍රිය වේ. එයට වර්ණයක් නොමැත. එහි වැඩි වර්ග ගණනක් නිෂ්පාදනය වන්නේ දකුණු කොරියවේදිය. එය සාදන්නේ සහල් ,ඉරිගු සහ බාර්ලි මගිනි. සමහර අවස්ථා වල සහල් වෙනුවට අර්තාපල්, පැණි රස අර්තාපල් සහ ටපියෝකා යොදා ගනී. එහි ඇති මද්‍යසාර ප්‍රමාණය 18% සිට 45% දක්වා වෙනස් වේ.

දකුණු කොරියාවේ පුද්ගල ජිවිත වල අවශ්‍ය අංගයක් බවට මද්‍යසාර පත්ව තිබේ. ඔවූන් ඉතා සැර මද්‍යසාර බාවිතයට ගනී. එය ලොව අන් කිසිදු රටකට දෙවෙනි නොවේ. ඔවුන්ගේ ප්‍රදානම රස සොජුය.

කොරියානු ජන ජිවිතයේ උත්සව අවස්ථා වල නිවාඩු දිනවල විශේෂයෙන් මද්‍යසාර වලට සුවිශේෂී තැනක් හිමි වේ. රටේ බුගෝලය , දේශගුණය සහ සංස්කෘතිය මිට බලපාන සෙසු සාදක වේ. ඔවුන් මද්‍යසාර පානය කරමින්  සිය මියගිය ඥාතීන්ට ගවුරව කිරීම මිතුරන්ට සහ අසල්වැසියන්ට හොද හිත පැතිරීම සිදු කරති. ඔවුන් අලුත් අවුරුද්දේ සොජු පානය කරන්නේ ලෙඩ දුක් පලවා හැරීමට සහ වැරදි ආත්මයන් ගෙන් මිදී සහනයන් සොයාය.

කොරියානු සමාජය කාලයත් සමග වෙනස් විය. මේ සමග මද්‍යසාර බාවිතා කිරීමේ සංස්කෘතියද වෙනස්ව ඇත. පැරණි කොරියානුවන් විශේෂ අවස්තා වල පමණක් මද්‍යසාර ගත්තද දැන් කොරියානුවන් එයට විශේෂ අවස්ථාද නැද්ද යන්න ප්‍රශ්නයක් නොවේ. 

මා නිරීක්ෂණය කල දෙයක් විය. එනම් ලංකාවේ තත්වයට වඩා වෙනස් දෙයකි. ලංකාවේ පිරිමි කාන්තාවනට මද්‍යසාර ගැනීමට උදවු කරන්නේ නැත. නමුත් කොරියානු පිරිමින් කාන්තාවන් බොනු දැකීමට කැමතිය. ලංකාවේද මේ වන විට කාන්තාවන් බියර් පානය කරනු ඉහල ගොස් ඇත. නමුත් එය තවමත් ප්‍රසිද්දියේ සිදු නොවේ. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...