Tuesday, January 31, 2017

ගුරුවරුන්ට ගහන්න බනින්න අයිතියක් නැත.



පහත සිදුවීම ඉතා නින්දිත්ය. නීති විරෝදිය. මෙයට නීතියෙන් යුක්තිය ඉටු විය හැක. නමුත් සිසුවාට වූ ශාරීරික මානසික හානියට වග කියන්නේ කවුද? ශාරීරික දඩුවමට එරෙහිව ශ්‍රී ලංකාවේ නීති ඇත. නමුත් ජන මතය කවරක්ද? තවමත් අපේ රටේ අම්මලා සහ තාත්තලා ළමුන්ට ගැසිය යුතුය බැනිය යුතුය යන මානසිකත්වයේ පසුවන අතර එය ප්‍රයෝගිකවද ක්‍රියාත්මක වේ. එයට බලපාන ජන වහරේ කියමනක්ද ඇත. එනම් නොගහ හදන දරුවා හැදී නොගා හදන හොද්දකට උපමා කිරීමය. 


නියෝජ්‍ය විදුහල්පති සිසුවාගේ කන පලලා


ඇඟට හිර කමිසයකින් සැරසී පාසලට ආ සිසුවකුට එම පාස‍ලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා කන පැලෙන්න පහරදීමේ සිද්ධිය පිළිබඳව උතුරු කළුතර ‍පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මෙම පහර දීමෙන් කනට තුවාල සිදුවූ දියගම ගල්ගන ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි සිසුවා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල් ‍පොලීසිය මගින් උතුරු කළුතර ‍පොලීසියට කරන ලද දැනුම් දීම අනුව මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

තාරක දුෂ්‍යාන්- කළුතර

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...