Saturday, January 7, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- ඕපදුප (Gossip)


මේ කවුද ? මොනවාද කලේ ? මැගේ නම සහ හැඩරුව යන දෙකම මිහිරිය. ලංකාවේ මානව හිමිකම් කාර්යාලයක වැඩ පුහුණුව ලැබ මාස පහකට පසු සිය රට පැමිණියාය. සිංහල වචන 07 ,08 ක් පුළුවන. මට හර්ෂි අක්කි කියා ආමන්ත්‍රණය කළාය. එය ලෙන්ගතු අමන්ත්රනයක් ලෙස මම මුලදී සැලකුවෙමි. බලෙන්ම කතාවට ආවාය. 

ඉන්පසු පහත ප්‍රශ්න මැසෙන්ජර් හරහා පැමිණෙන ලදී. 

Harshi Akki, 

How is your life in Korea? If there is any problem pl let me know. How is ..........? How is your friendship with him?

මම ඕපදුප කියන කෙනෙක් නොවෙමි. එම යහ පුරුද්ද මා තුල කෙසේ ගොඩ නගුනේදැයි මා දන්නේ නැත. මගේ පියා කිසිදා මා සමග ඕපදුප කියා නැත. නමුත් මගේ මව ඉට වඩා හාත්පසින්ම වෙනස්ය. ඇය අල්ලපු ගෙදර මිනිසා හයියෙන් ඇනුමක් ඇරියත් මා සමග කියයි. එවිට මා කරන්නේ කේන්ති ගැනීම නොව මාතෘකාව වෙනස් කිරීමයි.

මගේ ලංකාවේ කාර්යාලයේ ප්රාදනියා මගේ පියාය. මා ඔහු සමග කාර්යාලයේ වෙන දේවල් පවසමි. ඒ අතර සිත් රිදිම්ද වේ. මෙය කේලම් කිමක්දයි මම දන්නේ නැත.

දකුණු කොරියාව ලංකාවට වඩා බෙහෙවින්ම දියුණු රටකි. එහි මිනිසුන්ද ඉතා උසස්ය. මේ බව මිට පෙර කොරියානු දිනපොත හරහා මැනවින් පැහැදිලි කලෙමි.

එත් ඒ දියුණු රටේ ඕපදුප හොයන කේලම් කියන අයද කිහිප දෙනෙකු හෝ සිටියි. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...