Sunday, January 1, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- ශිත පාසැල (Winter School)



මෙය මැයි 18 අනුස්මරණ පදනම සහ චෝනම් ජාතික විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් පැවැත්විණි. වැඩසටහනේ නම 2016 ශිත පාසලයි. එනම් 2016 Winter School යන්න වේ. එය දෙසැම්බර් 26 සිට 31 දක්වා පැවැත්විණි. එහි ඉලක්ක කණ්ඩායම වුයේ ආසියාවේ තරුණ මානව හිමිකම් ආරක්ෂකයින් වේ. ඔවුන්ව එකට එකතු කිරීම අත්දැකීම් සහ දැනුම බෙදාහදාගැනීම අපේක්ෂාව විය. දින 05 ක් පුරා පැවති මෙම වැඩසටහනට හොන්ග් කොන්ග් , මැලේසියාව සහ තායිලන්තයේ මානව හිමිකම් ආරක්ෂකයින් පැමිණීම සුවශේෂී විය. මෙය කුවන්ජු හි අද්යාපන මද්යස්ථානයේදී පැවැත්විණි. එම පරිශ්‍රය මැයි 18 අනුස්මරණ පදනමට අයත් වුවකි.

පළමු දින සහබාගි වන අයගේ පැමිණීම සිදු වූ අතර හවස් වරුවේ වැඩසටහන කල් තැබීමට සිදුවුයේ ගුවන් ගමන් ප්‍රමාදය හේතුවෙනි. දෙවන දින හදුනාගැනීම මැයි 18 අනුස්මරණ පදනමේ විදායක අද්යක්ෂකගේ දේශනය මැයි 18 සුසාන බුමියට යාම සිදු විය. සුසාන බුමිය අලුත් සහ පරණ යනුවෙන් කොටස් දෙකකි. එහිදී සහබාගි වූ අය තම රටින් ගෙන ආ ගලක් , ගල් ස්තුපයේ තැබිය.

දෙවන දින මහාචාර්ය යුවෝම්බි තොනා ගේ දේශනයක් පැවැත්විණි.චෝනම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පාක්ප්‍රශ්න උත්තර සැසිවාරයක්පවත්වනු ලැබිණි. පසුව මැයි 18 අනුස්මරණ පදනමේ වාර්ෂික උත්සවය පැවැත්වූ අතර තෙවන දින උදැසන තායිලන්ත කණ්ඩායම් ඉදිරිපත් කිරීමද හවස චෝනම් ජාතික විශ්ව විද්‍යාලයට යාමද සිද්ද විය. සතරවන දින උදැසන සහ සවස හෝන් කොන් සහ මැලේසියා සහබගිවුවන්ගේ කණ්ඩායම් ඉදිරිපත් කිරීම් පැවැත්විණි. හවස සහයෝගිතා රාත්‍රියකි. එය ඇති තරම් විනෝදවීමට බිමට අවස්ථාවක් විය.

පසු දින උතුරු කොරියා දකුණු කොරියා දේශසීමාවට යන ලදී. එය සුවිශේෂී වෙහෙසකර අත්දැකීමක් විය. කෙටි චිත්රපටියක්ද නරබනු ලැබිණි. උතුරු කොරියානුවන් සැදු උමන් සතරකි. ඒවා ගල් අගුරු සොයා කල කැනීම් බව කීවද සත්‍ය එයින් වෙනස් වේ. එනම් හමුදා ආක්‍රමණයකට වේ. සියලු සහබාගි වූ ඇයට තෙවන උමන් මාර්ගයට යාමට අවස්ථාව උදා විය. ඉන්පසුව හන් ගංගාවේ බෝට්ටු සවාරියකි. රාත්‍රී ආහාරයද විශාල බෝට්ටුව තුලම සංවිදානය කර තිබිණි. අවුරුද්ද අවසානයේ මල් වෙඩි සංදර්ශනය නැරබිමටද අවස්ථාව උදා වුනි.

අපි රාත්‍රියේ එනම් ඉන්ටන්ලා සුවෙච්චා සේවකයින් චෝනම් ජාතික පාසලේ ලෝක එන් ජි ඔ පශ්තාත් උපාදි අපේක්ෂකයින් කුවන්ජු වෙත පැමිණි අතර අනෙකුත් සහබාගි වූ අය සොල්හි නතර වෙනු ලැබුවේ පසු දින ඉන්චියන් ගුවන් තොටුපලින් සියරට බලා යාමටය.

වැඩසටහනේදී මත් පැන් බිමට තහනමක් නොතිබුණු අතර ලිංගික හිංසනය සපුරා තහනම් විය. ලිංගික කරුණු ප්‍රකාශනය ද සපුරා තහනම් කෙරිණි.







No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...