Monday, January 9, 2017

කොරියානු දිනපොත (Korean Diary); ගිනි තබාගත් බික්ෂුව මිය යයි. (Monk Dies)




රෝහල් නිලදාරින්ට අනුව ගිනි තබා ගත් බික්ෂුව සදුදා එනම් දින දෙකකට පසුව මිය ගොස් ඇත. රටේ දෝෂාබියෝගය පැනවූ ජනාදිපතිනියට එරෙහිව මද්‍යම සෝල් හි විශාල විරෝදතා රැළියක් පැවැත්විණි. එහි දී මෙම බික්ෂුව ගිනි තබා ගන්නා ලදී. මෙය සෙනසුරාදා රාත්‍රී 10.30 ට පමණ සිදුව ඇත.

මෙම රැලියට ඉටි පන්දම් පත්තු කර ගත් දහස් ගණනක ජනතාවක් සහබාගි වුහ. මෙම බික්ෂුවගේ වාසගම සියෝ වේ. ගිනි තබා ගැනීමෙන් අනතුරුව බික්ෂුවගේ තත්වය බරපතල වී ඇත. පොලිසිය මෙම 64 හැවිරිදි බික්ෂුව සියදිවි නසා ගැනීමට උත්සහ කලේ යයි සැක පල කරයි. ඔහු මියයාමට පෙර සටහනක තබා තිබුනේ ජනපති පාක් ජියුන් හයි වහා බලයෙන් ඉවත්විය යුතු බවය.

ගිය මාසයේ ජනාදිපති පාක්ට එරෙහිව ගෙනා දෝෂාබියෝගයේදී පාර්ලිමේන්තුව එයට පක්ෂව චන්දය පාවිච්චි කළහ. ඒ ඇගේ සහ දිගු කාලින මිතුරියගේ දුෂණ අපචාරයක් හේතුවෙනි. දැන් ඇයට ජනපති බලතල ක්‍රියාත්මක කරීම තහනම් වේ. මේ අතර විවස්ථාදායක අදිකරණය මෙම දෝෂාබියෝගයේ වටිනාකම විමර්ශනය කරයි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://koreatimes.co.kr/www/news/nation/2017/01/113_221721.html

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...