Thursday, December 22, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- කුඩය (Umbrella)



ඊයේ උදැසන අපේ විදායක අද්‍යක්ෂ අපට දිවා ආහාරයට ආරාදනා කළේය. මම වයිද්යවරයා හමුවීමට යාම හවස 6 ක් පසු එනම් කාර්යාල වේලාවෙන් පසුවට කල් දැමුවෙමි. ඉන්දියානු බොජුන්හලක දිවා ආහාරය ගත්තේම්. ඉන්පසුව නැවත්තත් රැ කැමකටද ආරාදනා ලැබුවෙමි. මම එහි නොගියෙමි. ඒ වෙනුවට වයිද්යවර්යා හමු වන්නට තීරණය කලෙමි. 

කාර්යාල වේලාවෙන් පසු එලියට ගිය විට මල් වැස්සක් ඇද හැලුනේය. මම එය ගණන් නොගත් අතර පාරට ගියෙමි. පුද්ගලයකු පැමිණ මට කුඩයක් දී take care යයි පවසා යන්නට ගියේය. ඔහු වැසි ආවරණයක් පැලද සිටි අතර මට මුහුණ පවා මතක සිටියේ නැත.

මම ලංකාවේ සිටියදී අපේ කාර්යාලයට පැමිණි නාදුනන කතක් සාරිය මාරු කිරීමට ඉල්ලා සිටියාය. අපි බැහැයි කීවෙමු. කුඩය ලැබුණු අවස්ථාවේ සිට මට මේ සිද්දිය මතකයට නැගිණි.

මම රෝහලට ගියෙමි. ඒ මගේ දෙවන දිනය විය. මගේ නම එහි හෙදියන් දෙදෙනාට මතක තිබිණි. මම එහි ගියේ දකුණු ඇස සහ කන තුල ඇති වූ වේදනාව නිසාය. වෛද්‍ය වරයා මා පරික්ෂා කල අතර ප්‍රශ්නයක් නැති බව කිවේය. මා මුදල් ගෙවීමට කවුන්ටරයට ගිය විට මුදල් ගෙවීමට අවශ්‍ය නැති බව කියැවිණි. වයිද්යවරයා සිය කාමරයෙන්එලියට පැමිණ කිවේ මුදල් ගෙවීමට අවශ්‍ය නැති බවයි. 

ශ්‍රී ලංකාවේ පවුද්ගලික රෝහලක නම් බෙහෙත් නියම නොකලද රෝහල් ගාස්තු ගෙවීමට සිදුවේ.

අපිට යහපාලනය නිතිය මත පාලනය ප්‍රජාතන්ත්‍රවාදය සත්ජන සහ සුබාෂිත සමාජයක් සදහා බොහෝ දුරක් යාමට ඇත.


Wednesday, December 21, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- බැන්කි මුන් කොරියානු ජනාදිපති දුරයට. (Banki Moon as Korean president)



එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා බැන්කි මුන්ය. ඔහුගේ දුර කාලය මේ මාසය අවසානයේ නිමා වේ. ඔහු කොරියානු ජාතිකයෙකි. ඔහු තමන් කොරියාවේ ජනාදිපතිදුරයට තරග කිරීමට කැමති බවට ඉගි පල කරයි. ඔහුට මහා ලේකම්වරයා ලෙස වසර 10 ක පළපුරුද්දක් ඇත. ඔහු සිය අත්දැකීම් තම රටට හිමි කරදීමට කැමති බව කියයි. ඔහු එහිදී පුරවැසියන්ගේ කැමැත්ත වඩා වැදගත් බව කියා සිටි. ඔහු එක්සත් ජාතීන්ගේ ප්‍රදානියා ලෙස දෙවන දුර කාලය නිමා කර වසර අවසානයේ සිය ගෙදර බලා යාමට නියමිතය. ඔහු ස්රිජුව තමන් රටේ ජනපති දුරයට තරග කරන බව නොකිවුවද ඔහුගේ චේතනාව එය බව ප්‍රකාශ වේ. 

           මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.


කොරියානු දිනපොත (Korean Diary) ;- බැසිල් ප්‍රනාන්දු මහතා ( Mr Basil Fernando - Who really they are)


බැසිල් ප්‍රනාන්දු මහතා වුර්තියෙන් නීතිඥවරයෙකි. මානව හිමිකම් ක්රියදරයෙකි. කවියෙකි. ලේකකයෙකි. දැනට හොන්ග් කොන්ග් හි ආසියානු මානව හිමිකම් කොමිසමේ වැඩසටහන් අද්යක්ෂකවරයා ලෙස කටයුතු කරයි. හෙතෙම කුවන්ජු මැයි 18 අනුස්මරණ පදනමේ සම්මාන ලාබියෙකි. හෙතෙම එහි ප්‍රථම සම්මාන ලාබියද වේ. ඔහුට එම සම්මානය හිමි වුයේ 2001 වසරේදීය. ඒ ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කල අපරිමිත කැප වීම උදෙසාය. 

ඔහුගේ ගම් ප්‍රදේශය හදල පල්ලියවට්ට වේ. එය සුවාබවදර්මයෙන් අනුන වේ. ඔහු කුඩා කල සිටම කුල ක්‍රමයේ ආදීනව වටහා ගත්තේය. ඔහු මෙම පොතේ who really they are කුඩා කල අත්දැකීමක්ද ගෙන හැර දක්වයි. එවිට ඔහුට වයස අවුරුදු 07 කි. ඔහු පියා සමග ආගමික නායකයකු සහබාගි වන උත්සවයකට ගියේය. රැස්වීම ආරම්බයේදී ඔහුට ස්තුති කතාව පිරිනැමිණි. රැස්වීම අවසන් විය. ඔහුගේ නම අඩ ගැසුවේ නැත. ඔහු පියා සමග ගෙදර පැමිණියේය. පියා වචනයකුද කතා කලේ නැත. මේ සිදුවීම ඔහුගේ මතකයේ රැදිනි.

ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ විදායක ජනාදිපති දුරයට එරෙහිව ඔහු හඩ නැගුවේය. 2015 ජනවාරි 08 ලංකාවේ දේදුනු විප්ලවය සිදු විය. මේ කර්තව්‍ය සදහා ඔහු තිරය පිටුපස සිට විශාල කාර්යබාරයක් සිදු කළේය. අදටත් ලංකාව මොසැම්බික් රජයක් වීම වැළැක්වීමට නිතිය මත පාලනය ස්ථාපිත කිරීමට ඔහු විශාල කාර්යබාරයක් කරන්නේය.



Tuesday, December 20, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- පොතක වරුණ ( Who really they are?)



මානව හිමිකම් සම්බන්දයෙන් වැදගත් පොතකි. එය කුවන්ජු May 18 අනුස්මරණ පදනමේ ප්‍රකාශනයකි. වසර 2000 දී කුවන්ජු මානව හිමිකම් තියාගය හදුන්වා දෙනු ලැබිණි. එහි අරමුණ මැයි 18 පිබිදීම ඔපවත් කිරීම වේ. එය තෝරා ගත් පුද්ගලයින්ට සහ සංවිදාන වලට පිරිනැමේ. එම සංවිදාන සහ පුද්ගලයින් මානව හිමිකම් එක්සත් බව සහයෝගිතාව සහ ලෝක සාමය වෙනුවෙන් මෙහිදී කල කැපවීම සලකා බැලේ. මෙය සැම වසර දෙකකට වරක්ම ප්‍රදානය කෙරේ.

මෙම කුවන්ජු සම්මාන ලාබින්ගේ ලිපි සහ තොරතුරු එකතු කරමින් පොත සංස්කරණය කලේ සහිඩ් කායිස්ය. ඔහු කවියෙකි. ලේකකයෙකි. මානව හිමිකම් ක්රියදරයෙකි. බංග්ලාදේශ පුරවැසියෙකි. මයී 18 අනුස්මරණ පදනමේ වැඩ කල ඔහු දැනට චෝනම් ජාතික විශ්වවිද්‍යාලයේ පශ්ෂත් උපාදි අපේක්ෂකයකු ලෙස අද්යන කටයුතු වල නිරත වේ. 

මෙම තියාගය ශ්‍රී ලංකාවේ පුරවැසියන් දෙදෙනෙකුට හිමි විය. ඒ බැසිල් ප්‍රනාන්දු මහතා සහ ජයන්ති දන්දෙනිය මහත්මියට වේ. ඊට අමතරව අනෙක් සම්මාන ලාබින් වන්නේ වරදා හෆිද, අන්ගකනා - ඉන්දුනීසියාව, ඉරෝමි ශාමිලා චානු - ඉන්දියාව, මුනීර් අහමඩ් මලික් - පකිස්ථානය, මින් කූ නයින්, ශුස්හිල් පක්යර් - නේපාලය, මුන් ජෙයන් හ්යියෝන්, අදිලුර් රහමන් කාන්, කහවරන් හි මවුවරු සහ සොම්බත් සොම්ෆොනේ යන අයයි. 

මගේ ඉදිරි කොරියන් දිනපොත ලිපි මාලාවෙන් මේ එක එක සම්මාන ලාබින් පිලිබදව වෙන වෙනම ලිවීමට බලාපොරොත්තු වෙමි. 


Thursday, December 15, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- දේශපාලනය ( Politics of South Korea)


දකුණු කොරියානු ජනාදිපතිනිය පාක්ය. ඇය පළමු කාන්තා ජනාදිපතිනිය වේ. ඇයට ඇගේ සමීප මිතුරියක් පිළිබද දුෂණ අපචාර චෝදනා එල්ල වී ඇත. ජනතාව ඉල්ලා අස්වන ලෙස මිලියන ගණනින් විදි බැස විරෝදය පල කර සිටිති. මේ අතර 2014 බෝට්ටු අනතුරින් 300 ක් මියයන ලදී. එහි බහුතරය උසස් පාසල් සිසුන් වේ. මෙම සිද්දියට ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වීම පිළිබදවද පාක් ජනාදිපතිනියට චෝදනා එල්ල වේ. 

රජයේ  ප්‍රදානියා ජනාදීපතිවරයාය. මෙහි බහු පක්ෂ දේශපාලනයක් ක්‍රියාත්මක වේ. ආණ්ඩුව විදායක බලය ක්‍රියාත්මක කරයි. විවස්ථාදායක බලය ආණ්ඩුව සහ ජාතික සබාව යටතේ පවතී. 

අදිකරණය විදායකයෙන් සහ විවස්තදයකයෙන් සුවාදින වේ. අදිකරණයට ශේෂ්ට්‍රදිකරණයක් අබියාචනා අදිකරණ සහ විවස්ථාපිත අදිකරණයක් අයත් වේ. අදිකරණය විවස්තදයකයෙන් සහ විදායකයෙන් සුවාදින වේ. ශේෂ්ට්‍රදිකරණය ඉහලම අදිකරණයයි. එහි විනිසුරුවරු ජාතික සබාවේ අනුමැතිය මත ජනාදිපතිවරයා විසින් පත් කරනු ලබයි. 

රජයේ ප්‍රදානියා ජනාදිපතිවරයාය. ඔහුව හෝ ඇය ව වසර 05 ක කාලයක් සදහා ජනප්‍රිය චන්දයෙන් තොරා පත්කර ගැනේ. ජනාදිපති දකුණු කොරියානු හමුදාවන්හි ප්‍රදානියා වේ. ඔහු හෝ ඇය සැලකියයුතු විදායක බලතල දරා සිටියි. ජාතික සබාවේ අනුමැතිය ඇතිව ජනාදිපති අගමැතිවරයා පත් කරයි. ජාතික සබාව සාමාජිකයින් 300 කින් සමන්විත වේ. එහි දුර කාලය වසර 0 4 කි. 

Tuesday, December 13, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- අනේ බල්ලනේ ! (Export Dogs to Korea)



මට ගෙදර බල්ලන් දෙදෙනෙකු ඇත. ඔවුන් ටෙඩි සහ කිලර් වේ. මට මතක ඇති කාලයක සිටම ගෙදර බල්ලෙක් සිට ඇත. ඒ අතරින් බ්ලක්කි අමතක නොවේ. මොකද මා ඉගෙන ගන්නා කාලයේ අසනීප වූ හැම දවසකම උ ලගට වී සිටින බැවිනි. මා කොරියාවට එන විට එක් හිතවත් පුද්ගලයෙක් පැවසුවේ බලාගෙන කන්න බලු මස් දෙයි යනුවෙනි. 

ඊජිප්තුවේ දඩාවතේ යන බල්ලන් පිළිබද ප්‍රශ්නයක් ඇත. එම බල්ලන්ගේ සන්කයාව ඉහල අගයක් ගනී. දැන් ඊජිප්තුව හදන්නේ මෙම බල්ලන් කොරියාවට අපනයනය කිරීමටය. එයට කොරියාවද එකගතාවය පල කර ඇත. ඊජිප්තු ගාතකයින් මෙම බල්ලන් මරා දමති. එයට දැඩි විවේචනද එල්ල වේ. මහජන සේවකයින් අලෙක්සන්ද්රියහි දඩාවතේ යන බල්ලන් මරා දැමීම පිළිබද චායාරුප පල කර ඇත. කොරියාවේ බල්ලන් පිළිබද වෙළදාම පුදුමය දනවන්නකි. කොරියානුවන්ට බල්ලන් ආහාරයට ගැනීම පිළිබද සම්ප්‍රදායක් ඇතිද එය ම්ලේච්ච බවට දැඩි විවේචනයක් තිබේ. 

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න. 

Monday, December 12, 2016

Hostage Taking by Mathugama police.


Mathugama police has taken 18 years old as hostage instead of his father. Anthoni Ayiya Devaraj is the father who is a estate labor. He has written a letter to the inspector general of police. He states it is due to the influence of illicit liquor sellers in the area to the police. 

Anthony Ayyia Devaraj is a 53 years old married person with three children resides at Sirikadura Watta Mathugama. He has written to the inspector general of police on 10.12.2016. His son is Devaraj Sadish Kumara 18 years old who was brought to the police station on 10.12.2016 at around 12 in the afternoon and had been detained. This took place due to the conflict between to line rooms. 

Anthony Ayyiya Devaraj was injured due to the brawl and treated at Waththava government hospital on 09.12.2016 and discharged on the following day. 

Mathugama police gave a telephone call to his wife and told her to confirm Anthony Ayyiya Devaraj to surrender to the police with equipment s used to make illicit liquor. He says he has now connection with brewing illicit liquor. This has happened due to influence to the police by two persons in neighboring line rooms who are being engaged in making illicit liquor called Sri Rangam and his brother in law called Madana.

The link to Sinhala article


Janasansadaya 
038 2231419
077 3201270  

Sunday, December 11, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- කිමිදුම්කරුගේ බිරිදට උදවු කරන්න. (2014 Doomed Sewol ferry)


ඔහු සියොල්හි වීර කිමිදුම්කරුවෙකි. නම කිම් කුවන් හොන්ය. ඔහු පශ්තාත් ක්ලමත ආතති තත්වයට බෙහෙත් ගත් අතර අනතුරුව සියදිවි නසා ගත්තේය. ඔහුගේ වැන්දබු බිරිදට උදවු කරන ලෙස ඉල්ලා අන්තර් ජාලයේ වියාපෘතියක් පටන් ගෙන ඇත. 

2014 අප්‍රියෙල් 16 මෙම බෝට්ටු අනතුර සිදුවිය. මියගිය ගණන 300 ට වැඩිය. ඒ අතර බහුතරය උසස් පාසල් අද්‍යාපනය දරන සිසුවෝ වෙති. ඔහු අනතුරට පත්වූවන් බේරා ගැනීමට කිහිපවරක් වතුරට පැන්නේය. අවසානයේ ඔහු ලෙඩ විය. 

ජනාදිපති පාක් මේ පිලිබදව දැක්වූ අලස ප්‍රතික්‍රියාව ඇයට එරෙහි බොහෝ විවේචනයන්ට හේතු විය. දැන් පාක්ට එරෙහිව දෝෂාබියෝගයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මේ බෝට්ටු අනතුර කරලියට පැමිණ ඇත. 

මේ අතර කිම්ගේ වැන්දබු බිරිද මල් විකුණන කඩයක් පවත්වා ගෙන යන්නීය. එයට ආදාර කරන්නයි ඇය අන්තර් ජාලයේ සමාජ මාද්‍ය හරහා ඉල්ලීමක් කර තිබේ.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

Thursday, December 8, 2016

කොරියානු දිනපොත ( Korean Diary ); නත්තල් දා (Christmas in South Korea)



දකුණු කොරියාවේ ක්‍රිස්තියානි අය බහුලව සිටිති. එය ආසියාවේ චීනයට හා ජපානයට වඩා වැඩි වේ. මෙහි පුළුල්ව නත්තල් උත්සවය සමරනු ලැබේ. 

ජනගහනයෙන් 25 - 30% අතර ප්‍රමාණයක් ක්‍රිස්තියානි අය වේ. කෙසේනමුත් දකුණු කොරියාවේ ජනගහනයෙන් 70%ක් බවුද්දාගමික (25% පමණ ) හෝ ආගමක් නැති අයවලුන්ය. ජපානය මෙන් නොව මෙහි නත්තල් දිනය නිල මහජන නිවාඩු දිනයකි. නමුත් ඔවුන් දෙසැම්බර් 26 වැනිදා වැඩට යති. අලුත් අවුරුද්දේ නිල ශිත නිවාඩුවක් ඇත. 

මෙදින පල්ලි අලංකාර විදුලි බුබුළු වලින් වර්ණවත් වේ. නත්තල් දින පල්ලි විවුර්තය. ක්‍රිස්තියානි නොවන අයද මෙදිනට පල්ලි යාම ජනප්‍රිය කරුණක් වේ. සියෝල් සහ හැන් ගංගාවද විදුලු බුබුළු වලින් මෙදින අලංකාර කර තිබේ. නිවෙස් වල නත්තල් ගස් නිර්මාණය කෙරේ. තෑගි හුවමාරු වේ. තෑගි ලෙස මුදල් දීමට විශේෂත්වයක් හිමි වේ. ජනප්‍රිය නත්තල් ආහාරය නත්තල් කෙක්ය.

නමුත් උතුරු කොරියාවේ නත්තල මිට වෙනස්ය. එහි ක්රිස්තියනිවිම, බයිබලයක් ලග තබා ගැනීම සිරගත වීමට හෝ මරා දැමීමට හේතුවක් වේ. එහි ක්රිස්තියනුවන්ගේ හමුවීම, නත්තල් උත්සවය සැමරීම රහසිගතව සිදුවන්නකි.






Wednesday, December 7, 2016

කොරියානු දිනපොත (Korean Diary ) ;- තවත් සුවපහසු කාන්තාවක් මිය යයි. (Another comfort woman dies)



ඇය නමින් පාක් සුක් යිය. දෙවන ලෝක යුද්ද සමයේ ජපන් හමුදාවේ ලිංගික වහල්බාවයට ගොදුරු විය. අගහරුවාදා රාත්‍රියේ අබවප්ප්‍රර්ත වූ අතර එවිට ඇය වයස අවුරුදු 94 හි පසුවුනි. 

බදාදා බලපෑම් කණ්ඩායමක් කියා සිටියේ දැන් නොනැසී ජිවත්වන කොරියන් වින්දිතයින් ගණන 39 ක් බවයි. ඇය නිවුමොනියා රෝගයට රෝහල් ගතව ප්‍රතිකාර ලැබුවාය. ඇය 1923 දී උපත ලැබිය. ඇය සිය නිවස අසල ඥාති සොහොයුරා සමග සිටියදී ජපන් සොල්දාදුවන් විසින් පැහැර ගනු ලැබිණි. එවිට ඇයට වයස අවුරුදු 16ක් විය. ඇය ලිංගික වහලියක් ලෙස ලිංගික සුරා කැමට වසර 07 ක් මන්චුරියාවේදී සහ චීනයේදී පාත්‍ර වුනි. 1945 දී රට ජපන් යටත් විජිත වාදයෙන් අත්මිදිනි. ඇය ඉන් අනතුරුවද ජපානයේ රැදී සිට 1948 දී සිය රට පැමිණියාය. 

2011 දී ලිංගික වහල්බාවයට ලක්වූ වින්දිතයකු ලෙස ඇය ලියාපදිංචි වුවාය. ඇය තරුණ පරම්පරාවට දේශන පැවැත්විය. එහිදී ඇය  අපරාදකරු සමාව ඉල්ලීමට ඇති වැදගත්කම ඉස්මතු කළාය. ඇය රෝගාතුරුව සිටියදීද සෑම අවුරුද්දකම ආර්ථික අපහසුකම් ඇති ශිෂ්‍යයින්ට ශිෂ්ශත්ව ප්‍රදානය කළාය.

පාක්ගේ මරණයෙන් පසුව ඉතිරි වූ වින්දිතයින් ගණන 39 කි. ඒ කොරියානු ආණ්ඩුව සමග නිල වශයෙන් ලියාපදිංචි වූ වින්දිතයින් 238 දෙනා අතුරිනි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.koreatimes.co.kr/www/news/nation/2016/12/116_219671.html

Tuesday, December 6, 2016

මෙය හොද ආරම්බයකි.


යාපන පුස්තකාලය ගිනි තැබීම අමතක නොකළ යුතුය. එය අපේ ඉතිහාසයයි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවැති කාලයේදී යාපනය පුස්තකාලයට ගිනි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.

නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා වූ ඩී.එම්. ස්වාමිනාදන් මහතාට දොස් නගමින් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා කතා කරද්දී නැගී සිටි අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද ඝෝෂා කරමින් අගමැතිවරයා වෙත බාධා කරන්නට වූහ. එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්
අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

උතුරේ ජනතාවට අපි රැකියා දෙනවා. ආයෝජන කර්මාන්ත ලබා දෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවැනි සංවත්සරය වෙද්දී අපි විශාල වැඩ කොටසක් උතුරේ ආරම්භ කරනවා.
(සභාවේ ඝෝෂා)

ඔබගේ පක්ෂයේ නායකයාගේ පදවි ප්‍රාප්තියට ඇවිල්ලා මේකට සහාය දෙන්න. ඇයි නායකතුමාගේ පදවි ප්‍රාප්තියට යන්නේ නැද්ද?....
(ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු යළි බාධා කරයි)

අපේ කාලයේ යාපනය පුස්තකාලය ගිනි තිබ්බ එක ගැන මම සමාව ඉල්ලනවා. ඔබතුමාලාත් කරපු වැරදිවලට සමාව ඉල්ලනවාද..... ඇයි සමාව ඉල්ලන්නේ නැද්ද?

Lakbima
ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න

කොරියානු දිනපොත (Korean Diary ) ;- මේ කවුද ? මොනවාද කරන්නේ ? (President Park )



පාක්‌ ජියුන් හියු දකුණු කොරියාවේ 11 වන සහ වර්තමාන ජනදිපතිනියයි. තවද ප්‍රථම කාන්තා ජනාදිපතිනිය වේ. ෆොර්බ්ස් ලයිස්තුවේ ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතර පාක්ට හිමිවුයේ 11 වන ස්ථානයයි. තවද ෆොර්බ්ස් ලයිස්තුවේ ලොව බලවත්ම පුද්ගලයින් 100 දෙනා අතර ඇයට හිමිවුයේ 46 වන ස්ථානයයි.

1952 පෙබරවාරි 02 වැනිදා ඇය උපත ලැබිය. ඇය 1963 සිට 1979 දක්වා රට පාලනය කල දකුණු කොරියානු ජනාදිපති පාක් චුන් හිගේ පළමු දරුවාය. ඇගේ මව යුක් යන්සය. පාක් කිසිදා විවාහ වුයේ නැත. 1979 ඔක්තෝම්බර් 26 තම බුද්දි අංශ ප්‍රදනියා විසින් පාක්ගේ පියාව ගාතනය කරනු ලැබිණි. ඇගේ මවවද ගාතනය කරනු ලැබිණි.

පාක්ට කොරියානු බාෂාවට අමතරව චීන ඉංග්‍රීසි ප්‍රංශ සහ ස්පාඥ බාෂා කතා කල හැක. ඇයට විශ්ව විද්‍යාල කිහිපයකින්ම ගවුරව උපාදි හිමි විය.

2016 දී දකුණු කොරියාවේ දේශපාලන අපචාරයක් සිදු  වුනි. එය චෝයි සුන් සිල් අපචාරය ලෙස හදුන්වනු  ලැබේ. චෝයිට ආණ්ඩුවේ නිල තනතුරක් හිමි වුයේ නැත. නමුත් ඇය ජනදිපතිනියගේ විශ්වසවන්තයෙකු ලෙස කටයුතු කළාය. ඇය ජනදිපතිනියගේ විස්වස්නිය ලිපිගොනු සහ තොරතුරු වලට ප්‍රවේශය ලැබුවාය. ඇය මේ තත්වය තුල නොයෙකුත් අපචාරයන්ට දායක වුවාය. මේ තත්වය අද වන විට ජනාදිපති පාක්ට නරක ලෙස බලපෑ ඇත. ජනතාව ඇයට ඉල්ලා අස්වෙන්නයයි බල කරයි. ජනතාව මිලියන ගණනින් පාරට බැස අද වෙන කොට උද්ගෝෂණ පවත්වති.ඇයට එරෙහිව දෝෂාබියෝගයක්ද පමුණුවා ඇත. එය 2016 දෙසැම්බර් 09 වැනිදා විබාගයට ගැනීමට නියමිතය.

Monday, December 5, 2016

ඇය නික්ම ගියාය.



ඉන්දියාවේ ජයලලිතා ජයරාම් අවුරුදු 68 දී මියගොස් ඇත. ඇය ඉන්දියාවේ දකුණු ප්‍රාන්තයේ දෙවි කෙනෙකු හා සමාන ජනප්‍රියත්වයක් ලැබ සිටියාය. ඇය මාස දෙකක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය. ඇය තමිල්නාඩු මහා ඇමතිනියයි. ඇය ජනතාව අතර අම්මා ලෙස ප්‍රසිද්දියක් ඉසිලිය. ඇගේ අම්මා බොජුන් හල තුල දිවා ආහාරය රුපියල් තුනකට විකිණීම ඉතා දැඩි ප්‍රසිද්දියකට හේතු විය. 2014 දී ඇයට මහා ඇමති දුරය අහිමි වුයේ දුෂණ චෝදනා හේතුවෙනි. නමුත් අබියාචනා කිරීම මගින් දඩුවම අත්හිටවනු ලැබිණි. ඒ අවස්ථාවේ ඇගේ සමහරක් අදාරකරුවන් සියදිවි පවා නසා ගන්නා ලදී.

ලංකාවේ ජනාදිපති මයිත්රිපාල සිරිසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ටියුටර් සමාජ මාද්‍ය හරහා ශෝක පණිවිඩ තැබුහ. ලංකාවේ දකුණේ බොහෝදෙනකු ඇයට කැමති නැත. ඒ ඇය මෙරට දෙමල ජාතින් වෙනුවෙන් පෙනී සිටීම නිසාය.

Sunday, December 4, 2016

කොරියානු දිනපොත (Korean Diary ) ;- සිංගප්පුරු මැරතන් තරගයේදී පුද්ගලයකු මරණයට පත්වේ.



සන්විදායකයින්ට අනුව අවසානයට කිලෝමීටර් එකක් තිබියදී 29 හැවිරිදි පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබේ. ඉරිදා මෙසේ මරණයට පත්වුයේ හොන්කොන් ජාතිකයෙකි. ඒ ස්ටෑන්ඩඩ් චාටඩ් සිංගප්පුරු මැරතන් තරගයේදීය. 

මියගිය පුද්ගලයා කවුදැයි සන්විදායකයින් නොකිවුවද දේශීය මාද්‍ය අනාවරණය කලේ ඔහු හොන්කොන් ජාතිකයෙකු බවය. ඔහු ජෝන් ගිබ්සන් බව ත් රොබට් ගිබ්සන්ගේ ඥාතියෙකු බවත් මුණු පොතේ පල විය. 

සංගමය තම ශෝකය ජෝන්ගේ පවුලේ උදවියට ප්‍රකාශ කර සිටිති. තරගයේ මුහුණු පොත හරහා බොහොමයක් සහබාගි වුවන් සන්විදයකයින් විවේචනය කලේ ජලය ප්‍රමාණවත් පරිදි සැපයුවේ නැති බව පවසමිනි. අවුරුදු 15 ක තරග ඉතිහාසයේදී දෙවන වරට තරගකරුවකු ජිවිතක්ෂයට පත්වුයේ මේ අවස්ථාවේදීය. දේශීය මාද්‍යට අනුව සහබාගි වූ සන්කයාව 46,000ක් පමණ වේ.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.


කොරියානු දිනපොත (Korean Diary ) ;- කෘෂිකර්මාන්තය ( Agriculture in South Korea )




දකුණු කොරියාවේ ශ්‍රී ලංකාවේ දැකිය හැකි බොහොමයක් එළවලු සහ පලතුරු දැකිය හැක. මා නොදැක්කේ ගස්ලබු සහ රතු ලුණු පමණි. මට බතලද කැමට අවස්ථාව හිමි විය. ඉතා හොද කිරි ඇත. බිත්තර වැහි වහලාය. සැම ආහාර වෙලකම බත් ඇත. මස් වලදී උරු මස් හරක් මස් සහ කුකුළු මස් ජනප්‍රිය වේ. අපේ දවල් ආහාරය පෙරවරු 12 ටත් රාත්‍රී ආහාරය සවස 06 ටත් ගන්නෙමු. 

මගේ කොරියානු යෙහෙලියක් පැවසුවේ කොරියානුවන ගෙදරදී ට වඩා බැහැරට ගිය විට වැඩිපුර ආහාර ගැනීමට උනන්දු වන බවයි. මෙසේ ආහාර ගැන සැලකිලිමත් වීමේදී මා දකුණු කොරියාවේ කෘෂිකර්මාන්තය ගැන අන්තර් ජාලය ඔස්සේ සෙවුවෙමි. පහත කරුණු එහි සම්පින්ඩනයක් වේ. 

දකුණු කොරියාවේ කෘෂිකර්මාන්තය එහි ආර්ථිකයේ කොටසකි. එහි කෘෂිකර්මාන්තය පිළිබද සුවාබවික සම්පත් අතහැර දමා නොමැත. රටින් 2/3ක් කදු හා උස් බුමිය. රටේ බුමියෙන් 22% ක් කෘෂිකාර්මික බුමි වේ. දකුණු කොරියාවේ වැදගත්ම බෝගය සහල් වේ. සහල් නිෂ්පාදනය සමස්ත දාන්‍ය නිෂ්පාදනයෙන් 90% ක් විය. එය ගොවිතැන් ආදායමෙන් 40% ක් වේ. අනිකුත් දාන්‍ය වර්ග අනෙකුත් රටවලින් ආනයනය කරනු ලැබේ. 

දකුණු කොරියාවේ වර්දනය වන ආර්ථික සහ නාගරීකරණය හමුවේ කෘෂිකාර්මික බිම් අඩුවෙමින් පවතියි. තවද ග්‍රාමීය ජනගහනය ග්‍රාමීය ප්‍රදේශ වල සිට නගර දක්වා සන්ක්‍රමනය වේ. 

දකුණු කොරියාවේ කෘෂිකාර්මික සහයෝගිතාවය වෙනුවෙන් ජාතික කෘෂිකාර්මික සහයෝගිතා ෆෙඩරේෂණය පිහිටුවා ඇත. එය රට පුරා වියාප්ත වූ සංවිදානයකි. එය කෘෂිකාර්මික බැංකු කටයුතු, කෘෂිකාර්මික ද්‍රවිය බෙදා හැරිම සහ කෘෂිකාර්මික නිෂ්පාදන විකිණීම සම්බන්දයෙන් කටයුතු කරනු ලැබේ.





Thursday, December 1, 2016

කොරියානු දිනපොත (Korean Diary);- 2015 දී ආයු කාලය අවුරුදු 82.1 ක් වේ. (Life Expectancy)




මේ බව සදහන් වන්නේ සිකුරාදා ආණ්ඩුවේ වර්තාවකය. එනම් 2015 දී උපදින දකුණු කොරියානු ළදරුවකුගේ ජිවිත කාලය වසර 82 ට වඩා වැඩිවේ. එනම් මරණය පිළිබද අනතුර දියුණු වයිද්‍ය පහසුකම් සහ අනෙකුත් උත්සාහයන් මගින් වලක්වා ඇත. සන්කයලේකන අනුව එය 2015 දී උපත ලද අයෙකුට අවුරුදු 82.1 ක් වන අතර ඊට කලින් වසරේදී එය අවුරුදු 81.8 ක් විය. ගිය අවුරුද්දේ පිරිමි සහ ගැහැණු දරුවන්ගේ ජිවිත කාලය අවුරුදු 79 ක් සහ අවුරුදු 85.2 ක් විය. 

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.koreatimes.co.kr/www/news/nation/2016/12/116_219387.html

ජනතා අදිකරණය (87) ;- මර්වින් සිල්වා නඩුව.



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 573/2010 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු කිරිබත්ගොඩ පදිංචි අසිත නානායක්කාර ලියනගේය. වගයුත්තරකරුවන් වුයේ කැලණිය ප්‍රාදේශීය සබාවේ නිලදාරීන්ගම්පහ පළාත් පාලන කොමසාරිස් ,කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානදිපති, දිලාන් ලක්ෂිත, දොන් පාලිත වික්‍රමසිංහ, නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා සහ නිතිපතිවරයාය. 

පෙත්සම්කරු වෙනුවන් නීතිඥ විශ්ව ගුණරත්න සමග නීතිඥ සන්දීපනී විජේසුරියද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ඩි එම්  ජි දිසානායක නීතිඥ එල් එම් සි ඩි බණ්ඩාර නීතිඥ රජිවූ ගුණතිලක සහ නීතිඥ චතුර ගල්හේන යන අය පෙනී සිටියහ. 

මෙය විනිසුරු වනසුන්දර, අනිල් ගුණරත්න සහ කේ ටි චිත්‍රසිරි යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. තීන්දුව ලබා දුන්නේ 2016. 11. 28 වැනිදාය.

කැලණිය ප්‍රාදේශීය සබාවේ උපකරන යන්ත්‍ර වාහන මගින් පෙත්සම්කරුගේ තාප්පය බිමට සමතලා කිරීම ඇතිලුව ඔහුගේ දෙපලට හානි පමුණුවනු ලැබිණි. වගයුත්තරකාර ත්‍රීවිලර් රියදුරන් පෙත්සම්කරුට සහ ඔහුගේ බිරිදට තවදුරටත් හිරිහැර කළහ. තාප්පය කඩා දමන අවස්ථාවට නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වාද සහබාගි විය. එසේ පැමිණීමට පෙර මර්වින් සිල්වා පෙත්සම්කරුට දුරකථන ඇමතුමක් ලබාදී එසේ එන බව සහතික කළේය.

මේ පිලිබදව නයිතික කටයුතු කිරීමට මර්වින් සිල්වාට ඇති බිය නිසා නිතිඥවරුද මැලි විය. කෙසේනමුත් ශේෂ්ට්‍රදිකරණය ව්සින් පෙත්සම්කරුගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12 (1) වගන්තියෙන් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් කඩවූ බව තීරණය කරන ලදී. වගයුත්තරකරුවන් කියා සිටියේ තමන් අත්තොනොමතිකව හැසිරුනේ නැති බවත් පෙත්සම්කරුගේ මුලික අයිතිවාසිකම් කඩ නොකළ බවත්ය.

පෙත්සම්කරුගේ දේපල වලට සිදුවූ අලාබය මිලියන දෙකක් පමණ වේ. දේපල බැකෝ යන්ත්‍ර මගින් විනාශ කෙරිණි. එය සිදුවුයේ පොලිස් ආරක්ෂාව මද්යේය. බැකෝ යන්ත්‍ර කැලණිය ප්‍රාදේශීය සබාවට අයත් ඒවාය. 

කෙසේනමුත් ශේෂ්ට්‍රදිකරණය තීරණය කලේ මෙම සියලු සිදුවීම් වලින් පෙත්සම්කරුගේ නීතියේ සමාන රැකවරණය ලැබීමට ඇති අයිතිය උල්ලංගනය වූ බවයි. සිද්දිය ඇසින් දුටු අයගේ දිවුරුම් ප්‍රකාශ මෙහිදී වැදගත් ස්ථානයක් ඉසිලනු ලැබිණි. 

ශේෂ්ට්‍රදිකරණය 07 වන සහ 04 වන වගයුත්තරකරුවන් පෙත්සම්කරුගේ මුලික අයිතීන් කඩකළ බව තීරණය කළේය. අදිකරණය 07 වන වගයුත්තරකරු පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 04 ක්ද 04 වන වගයුත්තරකරු රුපියල් 50,000ක්ද පුද්ගලිකව පෙත්සම්කරුට වන්දි ලෙස ගෙවිය යුතු බව තීරණය කෙරිණි. නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වා සම්බන්ද වූ බැවින් රජය පෙත්සම්කරුට වන්දි ලෙස රුපියල් 100,000 ක්ද ගෙවිය යුතු බව තීරණය කෙරිණි. පොලිස්පතිටද මේ පිලිබදව නිතිපතිවරය්ගේ උපදෙස් ගෙන විමර්ශනයක් කිරීමට නියෝග කෙරිණි.

මෙම නඩුවේ තීන්දුව විනිසුරු අනිල් ගුණරත්න ලිවූ අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉග්රිසි බසින් කියවිමට පහත සබැදියාව හා යොමු වන්න.

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...