Saturday, June 11, 2016

Another grave injustice.



The complaint was made on 09.06.2016. She is 25 years old married woman with one child. Her husband tortured her. The child was born out of legal marriage. These things happened due to the brutal behavior of lawful husband. He is a media personal. Now the police and the court tries to harass her and give the custody of the child to the lawful husband who he is not the real father. 



යුක්තියේ දෙවඟන දෙඇස් බැඳගෙන කඩුව ගෙන දීපු නියෝගයක් පිළිබඳව සැබෑ පුවතක්. 


මේ නියෝගයට පොලීසිය ද, පරිවාසය ද හවුල් ....



වයස අවුරුදු 16 දී, මව්පියන් ඇගෙන් නිදහස් වීමට විවාහ කර දුන්නේ, කුලියට බ්ලොක් ගල් ගසන්නෙක් වූ පත්තර වාර්තාකරුවකුට ය. මේ ඊනියා මාධ්‍යවේදියා මව්බිමට හා දිවයිනට සේවය කරන දේශ පේ‍්‍රමියෙකි.



විවාහයෙන් පසුව මොහු තෘප්තිමත් වූයේ තමාට වඩා දස වසරක් බාල බිරිඳට ශාරීරික මානසික වධ දීමෙන්ය. ගුටිකන්න බැරිව පොලීසි ගියත්, මාපියන් ළඟට ගියත් ඇයට නිවනක් නම් නොවීය. නීතියෙන් කසාද මිනිහට උඹ දැන් අයිතියි කියමින් ඇයව මොහු වෙත ගෙනවිත් බාර දුන්නේ ය.

කසාද මිනිහාගෙන් ගුටි කන්න බැරිව 2011 වසරේ ඇය ගෙදර ගියේ මාපිය රැුකවරණය පතාය. 
බේබදු පියා. මවට කරන හිංසා ඉවසාගත නොහැකිව ඇය මැදිහත් විය. පියාගේ පහරින් විසිවී ගොස් බිත්තියේ ඔලූව හැපී සුසුම්නාව කැඩින.

ගෙලෙහි සුසුම්නාව බිඳී රෝගීන්ට කරන ලද ශෛල්‍යකර්මවලින් මෙතෙක් ජීවත්වන්නට වරම් හිමිවුණේ දෙදෙනෙකුට පමණක් බවත් ඉන් එක් අයෙක් තවමත් සිටින්නේ, රෝද පුටුවේ බවත් ඇය පවසා සිටී. අදටත් ඇය සතියකට වරක් සායනික ප‍්‍රතිකාර ලබා ගනී.

කොළඹ ජාතික රෝහලේ මාස 04 කට වැඩි කාලයක් නේවාසික ප‍්‍රතිකාර ලබද්දී කසාද මිනිහා ඇයව බලන්නට ඇවිත් තිබුණේ  දෙපාරකි.

නැගිටින්නට වාරු ලැබූ දිනම, නැවත මාපියන් අතහැර තමන් අයිති කසාද මිනිහාට නිසා ඔහු වෙත නොගොස් සිටීමට ඇයට නොහැකි විය. 
වෛද්‍ය උපදෙස් මත හා ජීවන බර සැහැල්ලූ වීමට ඇය සැහැල්ලූ රැුකියාවක් සොයා ගන්නා ලදි.

රැුකියාව අතරතුර ඇයට පෙම්වතෙකු හමුවිය. මෙය ඊනියා කසාද මිනිහාට එය රහසක් නොවීය. එම සම්බන්ධයට ඔහුගෙන් විරෝධයක් එල්ල නොවීය. එහෙත් වධ දීම් නතර නොවීය.

2014 වසරෙදී ඇය පිළිසිඳ ගන්නා ලදි. 2015 ජනවාරි මස 10 දින කු`ඵඳුල් දියණිය උපත ලැබීය. පියා නොවුනත් කසාද මිනිහාගේ නම පියා ලෙසට දැමීමට සිදු විය. සදාචාය එයයි. නීතිය එයයි. මේ දරුවාට දැන් පියවරු දෙන්නෙකි. එ් නියම පියා හා නීත්‍යානුකූල පියා වශයෙනි.

කසාද මිනිහාගේ තාඩන පීඩන දිනෙන් දින උග‍්‍ර විය. ඔහුගේ පහර දීම් වලින් ඇය ජීවිතය බේරා ගත්තේ දැඩි අසීරුවෙනි. 2016 ජනවාරි 11 දින තවදුරටත් ගුටි කන්න බැරිව, පොලීසියේ පැමිණිල්ලක් ද කර ඇය දරුවා රැුගෙන මාපියන් ළඟට ගියේ වෙන කරන්නට දෙයක් නැති නිසාය. ඊනියා මාධ්‍යවේදී කසාද මිනිහා වෙනත් පොලීසියකට ගොස් පැමිණිල්ලක් කර, එහි ස්ථානාධිපති මැය ගෙන්වා, දරුවාව, නීත්‍යානුකූල පියාට බාර දෙන්නට නියම කළේ මේ වන විට අවුරුද්දකුත් මාස හතරක් ක් වන කිරි බොන දරුවාය. ළමයා අයිති  ඕ.අයි.සී ට හා මහෙස්ත‍්‍රාත් ට බව, ස්ථානාධිපතියා ඇයට කියා තිබින.

එ් හා සමගාමීව, උසාවියේ නඩුවක් පොලීසිය ගොනු කළේය. උසාව් දිනයේ මැයව පරිවාසයට රැුගෙන ගිය පොලීසිය, පරිවාසය මගින් කසාද මිනිහා සමග යෑමට කැමති බවට වන අත්සන බලය යොදවා ලබා ගන්නා ලදි. එ් එයට කැමති නොවුනොත් දරුවාව පරිවාස භාරයට ගන්නා බවට කරන ලද තර්ජනය නිසාය.

ඇය පරිවාස නිලධාරිණියට දරුවා කසාද මිනිහාගේ නොවන බව ප‍්‍රකාශ කර තිබිණ. පරිවාස නලිධාරිණිය එය විනිසුරුවරියට කියන ලදි. 

සැමියාව කාමරයෙන් පිට කළ මහේස්ත‍්‍රාත්වරිය, ඇගෙන් එහි ඇත්ත නැත්ත විමසා සිටියේය. ඇය දරුවා කසාද මිනිහාගේ නොවන බව ඇයට කිව්වේය.

විනිසුරුවරිය පරිවාස නිලධාරිණියගෙන් හා පොලීසියෙන් ඇහැව්වේ මෙයාගේ පෙම්වතා උස මහත ද කියාය. දරුවාගේ හැඩරුව අනුව, දරුවා නීත්‍යානුකූල පියාගේ නොවන බව පෙනෙන්නට තිබෙන බවද නොකියා ඉන්නට විනිසුරුවරියට බැරි විය.

නමුත් අවරුදු එකයි මාස හතරක කිරි බොන දියණියගේ අයිතිය නීත්‍යානුකූල සැමියාට අයිති බවට නියෝග කළ විනිසුරුවරිය ඉන් නොනැවතී ඇයට ද කසාද මිනිහා ළඟට යන ලෙසට නියෝග කළේ ය. එසේ නොගියහොත් රිමාන්ඞ් කරන ලෙසට පොලීසියට උපදෙස් දීමට ද විනිසුරුවරිය එඩිතර විය.

උසාවි නියෝගය දුන්නේ ඇයට ය. උසාවියෙන් එළියට ආ විගස කසාද මිනිහා ඇයට කිව්වේ මම දරුවා අරන් යනවා, උඹට ගෙදර එන්න බෑ කියාය.

මව හා දරුවා දැන් දෙපලක ය. ඇය කසාද මිනිහා ළඟට ගියොත් සිදුවන්නේ මැරුම් කන්නටය. තමාගේ නොවන බව දැන දැනම, මේ නිත්‍යානුකූල පියා දරුවා නොමරා මරණු ඇත.

සටහන:

මේ වන විට නීතිය මු`ඵමණින්ම කඩා වැටුණු රටකි. ස්ත‍්‍රී ¥ෂකයන්, අලි හොරුන්, පගා කාරයන්, සූදු අන්තුවන්, විනිසුරු පුටුවල ඉඳගෙන සිටීම ගැන පුදුම වන්නට දෙයක් නැත. 
එ් අතර වැරදි කරන විනිසුරුවරුන්ට උසස්වීම් ද දෙති. තවදුරටත් නිහඬව සිටිනවාද?
ඉදිරියේදී  මෙම සිද්ධියට අදාල සියලූ තොරතුරු නම් ගම් සහිතව එළිදරව් කරන්නෙමු.

Janasansadaya 038 2231419  0773201270


No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...