Sunday, June 12, 2016

බංග්ලාදේශය 3000ක් අත්අඩංගුවට.



බංග්ලාදේශයේ අගමැති මිනීමරුවන් අල්ලන බවට පොරොන්දු වීමත් සමග එරට පොලිසිය පුද්ගලයින් 3000ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මෑතකදී සිදුවූ මාරාන්තික ප්‍රහාර මර්දනය කිරීම උදෙසාය. 

ශ්‍රී ලංකාවේද අපරාද දිගින් දිගටම ඉහල යයි. මිනීමැරුම් ස්ත්‍රී දුෂණ වැනි අපරාද සැලකෙන්නේ රජයට එරෙහි අපරාද ලෙස. එබැවින් ඒ සම්බන්දයෙන් නිතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පොලීසය අදිකාරණය නීතිපති දෙපාර්තමේන්තුව බන්දනාගාරය සහ රජයේ නිලදාරීන් වෙත පැවරී ඇත. නමුත් මේවා යහපත් ලෙස සිදු නොවේ. 

රාජපක්ෂ යුගයේ පොලිසිය හැසිරුනේ ජනතාවගේ ආරක්ෂකයින් ලෙස නොව ඔවුන්ගේ මිනීමරුවන් ලෙසය. පොලීසය අත්අඩංගුවට ගත් පුද්ගලයින් අත්අඩංගුවේදී ආයුද පෙන්වීමට ගොස් ගගට පැන වෙඩි තබා ගැනීමෙන් කුඩුවේදී ගෙල වැල ලා ගැනීමෙන් මරණයට පත් විය. යහපාලන ආණ්ඩුව තුල මේවා වාර්තා නොවන තරම්ය. නිතිය සැමට ඉහලින් තැබීම නිතිය සැමට සමානව ක්‍රියත්මක වීම යන නිතිය මත පාලනයේ මුලදර්ම ක්‍රියාත්මක නොවුනහොත් ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම ජීවත්වීමට යහපත් තැනක් වන්නේ නැත. 



No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...