Friday, July 15, 2016

Is my country a rule of law country?


කළුතර බෝ සමිදු අබියස යුක්තියේ දෙවගන පිහිටා ඇත. වෙලාව උදැසන 10 ට පමණය. විලා හවුස් ළමා නිවාස හබය වේ. මුද්ඩ්ලිය නම හඩ ගසයි. සුදාර නිකලස්, ජනිත් ජූඩ් පොල්...... කෝ අනිත් අය. අනිත් 08 දෙනා පොලිසිය සොයයි. විනිසුරුද තුෂ්නිම් බුත වී තිබේ. පැමිණිල්ලේ නීතිඥ මෙසේ කියයි. My Lord they don't know how to respect the court. පසුවට තබයි.

හබය කැදවයි. විත්තියේ නීතිඥ මෙසේ කියයි. ගෙයක් නැතිනම් ගවලෙනක් හරි දෙන්න. පාප් තුමා ගැන කිහිපවරක් සදහන් වේ. පැමිණිල්ලේ නීතිඥ පාප් තුමා නොව අගරදගුරු බව කියා සිටි. විත්තියේ නීතිඥ දිගටම පාප් තුමා බව කියයි. පැමිණිල්ලේ නීතිඥ සියලු පහසුකම් සහිත නිවාස අනාත ළමුන්ට ලබා දෙන බව කියා සිටි. විත්තියේ නීතිඥ ගෙදරට ටොයිලට් එකක් තිබය යුතු බවත් එයට වතුර තිබිය යුතු බවත් අවදාරණය කරයි.

මේ අදිකරණයේ ඉඩ පහසුකම් අඩුය. පැමිණ සිටින අය ගෙන් බොහෝදෙනෙක් සිටින්නේ දොරටුවෙන් පිටතය. නීතිඥ මහත්ම මහත්මින්ද බොහෝ අවස්ථා වල සිටගෙන සිටි. වාඩි වීමට පුටු නැත.

මේ යහපාලන ආණ්ඩුවයි. යහපාලනය ක්‍රියාත්මක වීමට නම් නිතිය මත පාලනය තිබිය යුතුය. ඒ සදහා බොහෝ බාදක මැද අරගල කල යුතුව තිබේ. නිතිය මත පාලනය යනු සැමට ඉහලින් නිතිය පිහිටා තිබීම වේ. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...