Wednesday, February 1, 2017

ගබ්සාවට ඉඩ ඕනෑ



කාන්තාවට තම සිරුර සම්බන්දයෙන් තීන්දු තීරණ ගැනීමට අයිතිය තිබිය යුතුය. එහෙත් සමාජ සංස්කෘතික කාරනා සලකා ගබ්සාව සීමිත අවස්ථා වලදිවත් නිතියානුකුල කිරීම හොදය. මෙය ජි එස් පි බලා ගෙන නොව ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තකි. මෙය මුලික කාන්තා අයිතියකි.


''අවසර ලත් ඉඩ ප්‍රස්ථා යටතේ ගර්භනීභාවය අවසන් කර ගැනීමට හැකිවන ලෙස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන ගෙන ආ යුතු බව එම පනත් සංශෝධනය කිරීම සඳහා වූ විශේෂ කමිටුව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට යෝජනා කර ඇත.

එම කමිටුව පෙන්වා දී ඇත්තේ ස්ත්‍රී දූෂණය, ව්‍යභිචාරය, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක වින්දිතයෙකු වන අවස්ථාවක වයස අවුරුදු 16ට අඩු  ගැහැණු ළමයෙකුගේ ගර්භනීභාවය සහ බරපතල කළල දුබලතා සහිත අවස්ථාවලදී වෛද්‍ය හේතු මත ගර්භනීභාවය අවසන් කර ගැනීමට අවසර ලැබෙන අයුරින් මෙම නීතියේ වෙනස්කම් කළ යුතු බවයි.  
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කමිටුවේ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් හෝ යෝජනා, විරෝධතා ඇත්නම් අධිකරණ අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස අධිකරණ අමාත්‍යංශය දැනුම් දී ඇති අතර මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා ඉදිරියේ දී ආගමික නායකයින් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ද අමාත්‍යංශය පවසයි.

දැනට ලංකාවේ පවතින නීතිය අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තියෙන් මවගේ ජීවිතය ආරක්ෂා කිරීමට හැර ගබ්සා කිරීම හෝ ගර්භනීභාවය අවසන් කිරීම බරපතල අපරාධයක් ලෙස සලකයි.
රන්මලී සෝමසිරි'' - ලක්බිම 

1 comment:

  1. වැඩිහිටියන් ලෙස වගකීමෙන් ක්‍රියා නොකිරීමෙන් ඇතිවන කනගාටුමය තත්වයක් තමයි මෙය.
    ඔබ සදහන් කල //බරපතල කළල දුබලතා සහිත අවස්ථාවලදී වෛද්‍ය හේතු මත ගර්භනීභාවය අවසන් කර ගැනීමට අවසර ලැබෙන // සහ //ස්ත්‍රී දූෂණය, ව්‍යභිචාරය, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක වින්දිතයෙකු // හි මුල්ම අවස්ථාවේදී යම් සමාවක් දීමට පුළුවන් උනත් සමස්තයක් ලෙස මමනම් මෙය සලකන්නේ මිනීමැරුමක් ලෙයි.

    ඉහත සදහා සාධාරණ හේතු වලින් තොරව ගබ්සාවට යොමුවන අය පහත සංවේදී https://www.youtube.com/watch?v=lgn-da7MAx0
    වීඩියෝව බලන්න වටිනවා

    ReplyDelete

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...