ඊයේ සිට දකුණු කොරියාවට දැඩිව ශිම පතනය වේ. උදේ කාර්යාලයට එන අතරමග දරුවන් තිදෙනෙකු හිම මත සෙල්ලම් කරමින් සිටුනු දුටුවෙමි. මා වහා ඔවුන්ගේ චයාරුපයක් ගත්තෙමි. මා කාර්යාලයට පැමිණ එය මුණු පොතේ දාන්නට උත්සහ කල විට දුටුවේ එය බොද වී ඇති ආකාරයයි. පසුව එම උත්සාහය අත් හෙලෙමි.
චෝයි මහතා සුපුරුදු ලෙස හිම අස් කිරීමට කතා කළේය. එවිට මා ගියමුත් මගේ යෙහෙළිය සෝ හොන් මට කාර්යාලය ඇතුලට වී සිටින ලෙස අවවාද දුන්නාය. මම එය පිලිපද්දෙමි. නමුත් මට යලිත් එලියට යාමට සිතුනි. මා එලියට ගිය විට මගේ බොස් පැමිණ මා ඇතුලට කැදවූ අතර අපි ඇතුල අස් කළෙමු.
එය අවසානයේ මම මගේ ෆෝනය පරික්ෂා කල අතර එහි වරදක් ඇති බව අවබෝද විය. මම එය ඇෆ්ටබ්ට පෙන්නුවෙමි. ඔහුටද එය යතා තත්වයට පත් කිරීමට නොහැකි විය. ඉන්පසුව දාසොම් වෙත යොමු වුනෙමු. ඇය ටද පිළියම් නොමැති විය. ඇය කිවේ තමා දුරකථන විශේශ්ඥාවරයකු නොවන නමුත් මා හට උදවු කිරීමට කැමති බවයි. මා පසුව මගේ බොස්ට කාරණය දන්වා එය අලුත් වැඩියා කිරීමට ඔලි වෙත පැමිණියෙමි. මට චෝයි මහතා මෙම ෆෝනය රැගෙන දුන්නේද ඕලි වෙතිනි. එහි සිටි අය මට සිතියමක් ඇද දී එතනට යන ලෙස උපදෙස් දුන්හ. එහි අදාල ස්ථාන මා කියාම කොරියන් බාෂාවෙන් ලියා ගතිමි. දැඩිව ශිම පතනය විය.
මම යාමට තීරණය කලෙමි. මගදී පිරිමි ළමයෙකුගෙන් පාර ඇසුවෙමි. ඔහු කිවේ තව විනාඩි 10 ක පමණ දුරක් යන ලෙසය. තුන් පාරක් පය ලීස්සා ගියද ඇද වැටුනේ නැත. ඊළගට හමු වුයේ හමුදා සොල්දාදුවෙකි. ඔහුගෙන්ද පාර ඇසුවෙමි. ඔහුට කිසිම ඉන්ග්රිසියක් බැරිය. ඔහු මගේ සිතියම බලා මා සමග සැලකියයුතු දුරක් පැමිණ ඉදිරියට යන ලෙස ගොළු බාෂාවෙන් කිවේය. මා කම්සා මිදා (Thank You ) කියා එදෙසට ගියෙමි. නැවත අදාල ස්ථානය ගැන පිරිමි ළමයෙකුගෙන් විමසා සිටියෙමි. ඔහු කිවේ විනාඩි 20 ක දුරක් ගිය විට අදාල ස්ථානය දැකිය හැකි බවය. මා ඒ අනුව ඉදිරියට ගියෙමි. ශීතල ඉතා දරුණු විය. මා සැම්සුන් යන බෝඅර්ඩ් ලෑල්ල දුටුවෙමි. යම් සතුටක් ඇති විය. මා එය ඇතුලට ගොස් විමසුවෙමි. කාන්තා සේවිකාවක් මට යම් දිශාවක් පෙන්විය. එතන සිටි කිසිවෙකුට ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි විය.
මා සියල්ල අතහැර දමා ගෙදර ඒමට තීරණය කලෙමි. උදැසන කම්මැලිකම නිසා කිසිවක් ඉවුවේද නැත. මා බෙකරියකට ගොස් කෑම මිලදී ගත්තෙමි. එන අතරමග සිතුවේ අලුත් ෆෝනයක් මිලදී ගැනීමයි. ගෙදර පැමිණ කෑම කා බංකු පොත පරික්ෂා කලේ ෆෝනයක් මිලදී ගැනීම ගැන අදහස නිසාය.
පසුව දිවා විවේකය අවසානයේ කාර්යාලය වෙත නැවත පැමිණියෙමි. චෝයි මහතා හමු විය. ඔහුට ෆෝනය පෙන්නුවෙමි. ඔහු එය බලා කැමරා කාචයේ යම් ද්‍රවියක් තැන්පත් වී ඇති බව පෙන්වා ඔහුම වතුර සුවල්පයක් ටිශු එකකට ගෙන එය පිස දැමුවේය. සියල්ල සාර්ථක ලෙස නිමා විය. මට දැඩි සතුටක් දැනිණි.
No comments:
Post a Comment