Monday, February 20, 2017

ආසියානු මානව හිමිකම් කොමිසම, අදිකරණ සේවා කොමිසමට ලියයි.



හොන්ග් කොන්ග් හි ආසියානු මානව හිමිකම් කොමිසම අදිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රදීප් ජයතිලක මහතාට ලිපියක් යොමු කර තිබේ. ඒ දැනට විශ්‍රාමික විනිසුරු බි ඒ ආර් සෝමසිංහ හිටපු දිසා විනිසුරුට එරෙහිව ඇති වසර 05 ක් තිස්සේ විබාග වන පදනම් විරහිත සහ ද්වේශ සහගත චෝදනා සම්බන්දවයි.

ආසියානු මානව හිමිකම් කොමිසම වෙනුවෙන් මෙම ලිපිය ලියන්නේ එහි විදායක අද්යක්ෂක බිජෝ ෆ්‍රැන්සිස් මහතාය. ඔහු අවදානය යොමු කරන්නේ ව්ශ්‍රමික දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් බි ඒ ආර් සෝමසිංහ මතතා යොමු කල පැමිණිල්ල සම්බන්දයෙනි. මෙම විනිසුරුව වින්දිතයෙකු කර ඇත. එය වසර 05 කට වැඩි කාලයක්අල්ලස් කොමිසම සිදුකරන පදනම් විරහිත සහ ද්වේශ සහගත චෝදනා සම්බන්දයෙන් කරනු ලබන විමර්ශන හේතුවෙනි. සෝමසිංහ මහතාට එරෙහි චෝදනා නිසා ඔහුට මහා අදිකරණ විනිසුරුවරයකු ලෙස හිමිවිය යුතු උසස් වීම අහිමිව ගියේය. තවද ඔහුගේ පාර්ශවයෙන් වරදක් නොමැතිව ඔහුට අපහාසයන්ට මුහුණ දීමට සිදුව ඇත. ඔහු කියන්නේ මෙම චෝදනා වල දෝෂ සහගත බව සහ මෙම කරුණ පිළිබද පරීක්ෂණ පැවැත්වීමට ගතවන අසාදාරන කාලය ගැන අදිකරණ සේවා කොමිසම නිසි පරිදි දැනුවත් කල බවයි. ඔහු තව දුරටත් පැමිණිලි කරන්නේ ඔබ අදිකරණ සේවා කොමිසම ඔහුව ආරක්ෂා කිරීමට කිසිවක් නොකළ බවත් සාදාරන කාලයක් තුල පරීක්ෂණ පැවැත්වීම සහතික නොකළ බවය. අල්ලස් කොමිසම 2012.11.22 ඔහුව කැදවනු ලැබිණි. ඒ ලේකන කිහිපයක් ගොනු කිරීමටය. ඔහු එය සිදු කළේය. නමුත් අදටත් මෙම පරීක්ෂණය අවසන් නැත. ඔහුගේ ඉල්ලීම්ද ඉටු වී නොමැත.

මේ අතරතුර අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් තිබේ යයි නිගමනය කර 2013 සිට සෝමසිංහ මහතාගේ වැටුප් වරදක අදිකරණ සේවා කොමිසම විසින් අත්හිටුවා ඇත. 2016.10.12 දින පමණක් ඔහුගේ වාර්ෂික වැටුප් වරදක වලට අවකාශ සලසා දෙන බවට ඔහුට දන්වා තිබේ.

තවද සෝමසිංහ මහතා ඔහුගේ විශ්‍රාම වයසට ලගා වී ඇත. සේවයයේ සිටියදී ඔහු වැඩිම ජෙෂ්ට දිසා විනිසුරු වූ බැවින් මහා අදිකරණ විනිසුරු දුරයට උසස් වීම ලැබීමට හැකියාව තිබිණි. කෙසේනමුත් ඔහුට එරෙහිව වියාජ පරීක්ෂණයක් පැවතීම හේතුවෙන් ඔහුගේ රැකියාවේ ඉහලට හබා යාම අහිමි කෙරිණි. සොම්සිංහ මහතාට අනුව ඔහුට එරෙහි අල්ලස් කොමිසමේ පරීක්ෂණ අවසන් නොවූ බැවින් ඔහුට මහා අදිකරණයට පත්වීම් ආදිය සලකා බැලීමට නොහැකි විය. ඔහුට මේ බව වාචිකව දැන්වූ බව ප්‍රකාශ වුනි. ඔහු විසින් මේ පිලිබදව අදිකරණ සේවා කොමිසමට ලිපි ගණනාවක් ලියන ලද මුත් එය මැදිහත් වීමට අසමත් වුනි.

සෝමසිංහ මහතාට අනුව නිර්නාමික පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය ආරම්බ වුනි. එනම් ඔහුගේ මතය අනුව එයට කිසිදු පදනමක් නැත. තවද එය ඔහුගේ නඩු තීන්දුවකට ප්‍රති ප්‍රහාරයක් වශයෙනි. ඔහු මෙම නඩු තීන්දුව දෙන ලද්දේ  මොරටුව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ව සිටි සමයේ පල්ලියේ දේපලක් සම්බන්දයෙනි. හෙතෙම විනුසුර්වරයකු හැටියට නීතියට අවශ්‍ය ආකාරයට ඔහු එම නඩු තීන්දුව ලබා දුන්නේය. මෙම නඩුවේ සක්ෂිකරයකු වශයෙන් නීතිඥයකු සිටි අතර හෙතෙම ඔහුට දැන ගැනීමට සලස්වුයේ මෙම නඩු තීන්දුව දුන් විනිසුරුව දුරයේන් ඉවත්කරන බව ප්‍රසිද්දියේ කියමින් බවයි.

තවදුරටත් සෝමසිංහ මහතා මෙසේ කියා සිටියි. එනම් හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් මහතා ඔහුව කැදෙවුයේය. හෙතෙම ඔහුට රැකියාවෙන් ඉවත් වන ලෙස පැවසුවේය. ඔහු විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී. ඔහු කියා සිටියේ තමාට විරුද්දව චෝදනා ඇත්නම් අගවිනිසුරුවරයා විසින් විමර්ශනයක් පැවැත්විය යුතු බවය. හෙතෙම අදිකරණ සේවා කොමිසමෙන්ද තමාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර නිසි පරීක්ෂණයක් පවත්වන්නයි නයිතිකව ඉල්ලා සිටියේය. කෙසේනමුත් එවැනි පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව ඔහුගේ වැටුප් වර්දක සහ උසස් වීම සම්බන්දයෙන් තීරණ ගැනිණි.

ඉහත සදහන් කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාවේ නිතිය මානව හිමිකම් සහ නීතියේ පරිපාලනය පිළිබද බොහෝ කරුණු කාරනා යෙදී තිබේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුතියට අත්සන් තබා ඇත. අල්ලස් කොමිසම මෙම චෝදිත පරීක්ෂණය නිමා කිරීමට අනිසි  ප්‍රමාදයක් ගැනීම එම සම්මුතියේ දැක්වෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් වේ. ශ්‍රී ලංකාව මෙම සම්මුතියේ වයිකල්පික ප්‍රටෝකොලයටද අත්සන් තබා ඇත. එහි .5.2 පරිච්චේදයට අනුව පුද්ගලයකුට එරෙහි පරීක්ෂණයකදී අනිසි  ප්‍රමාදය එම පුද්ගලයාගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් වේ.

සුන්දාරච්චිගේ ලලිත් රාජපක්ෂ එරෙහිව ශ්‍රී ලංකාව නඩුව ගනිමු. (CCPR/83/D/1250/2004) එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව මෙසේ තීරණය කෙරිණි. එනම් ඔහුගේ පැමිණිල්ල සම්බන්දයෙන් කඩිනම්ව කටයුතු නොකිරීම පෙත්සම්කරුගේ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් බවයි. එම නඩුවේ කමිටුව සන්නිවේදනය කරන අවස්ථාවේ ප්‍රමාදය වසර තුනක් විය. 2006 සැප්තැම්බර් 05 දින ඉහත සන්නිවේදනය පිළිබද නඩුවේදී අවසාන මතයෙදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව මෙය වැඩි දුරටත් ස්ථිර කර දක්වනු ලැබිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව අර්ථ නිරුපනය කල මුලදර්මයක් තිබේ. ඒ පුද්ගල ආරක්ෂාවට දෙනු ලබන මුලික වැදගත්කමයි. විනිසුරුවරු ඇතුළු ඕනෑම තැනැත්තෙකුට එරෙහිව පැමිණිලි විබාග කිරීම රජයේ වගකීම වේ. එමෙන්ම විමර්ශනය කරන සහ අදිකරනමය කර්රයක් කරන වගකිවයුත්තන්ටද වගකීමක් තිබේ. එනම් එවැනි පරීක්ෂණ සාදාරන කාලයක් තුල සහ විශේෂයෙන් අසාමාන්‍ය ප්‍රමාදයකින් තොරව ඒවා සිදු කිරීම වේ.

මෙය අදාල පුද්ගලයන්ගේ වැටුප් වර්දක සහ උස්සස් වීම සම්බන්දයෙන් වන පරීක්ෂණ වලදී එනම් මෙම සිද්දියේදී ජෙෂ්ට දිසා විනිසුරුවරයකු වන විට මෙය සිදුවීම සුවිශේෂී වේ. සැම පුරවැසියකුටම හිමි අයිතිවාසිකමක් ඇත. එනම් ඔවුන්ට එරෙහි ඇති චෝදනා අනිසි  ප්‍රමාදයකින් තොරව විමර්ශනය කිරීම වේ. පැමිණිල්ල සැලකියයුතු ලෙස
සාක්ෂි සහිතව ඔප්පු වන විට අදාල පුද්ගලයාට කඩිනමින් නඩු පැවරිය යුතුව ඇත.
නමුත් චෝදනා කල්පිත වන විට සාක්ෂි නොමැති කල අදාල පුද්ගලයා කඩිනමින් නිදොස් කොට නිදහස් කල යුතුය.

සැම පුරවැසියකුටම හිමි අයිතිවාසිකමක් ඇත. ඒ ඉතා හානිකර ද්වේශසහගත සහ වැරදි පැමිණිලි වලින් ආරක්ෂා වීම වේ. මෙම සිද්දියේදී අදාල වන සැලකිල්ල යොමු වන වින්දිතයා එනම් ද්වේශසහගත පැමිණිල්ල යොමුව ඇත්තේ දිසා අදිකරණ විනිසුරුවරයකු බවය. මෙහිදී විනිසුරුවරයකු අවදානම් තත්වයකට පත්ව තිබේ.
ඔහුගේ නඩු තීන්දුවෙන් තෘප්තිමත් නොවූ පුද්ගලයා ඔහුට එරෙහිව එදිරිවාදී තත්වකට පත්ව තිබේ. එමනිසා මෙවැනි චෝදනා සහ ඔවුන් සම්බන්දයෙන් කටයුතු කිරීමේදී සාදාරන ආරක්ෂාවක් අවශ්‍ය වේ. නීතිපති එරෙහිව එම් සුරේෂ් ගුණසේන සහ තවත් පස් දෙනෙක් නඩුවේදී (SC/SPL/LA/No 259/2012) ශේෂ්ට්‍රදිකරණය මෙසේ කිවේය. එනම් වින්දිතයට එරෙහිව පවත්නා සැකය මත ප්‍රථමික පරීක්ෂණය බැහැර කරන අවස්ථාවක වෙනත් ක්‍රියාමාර්ග ගැනීම සම්පුර්ණයෙන්ම අසාදාරන වේ. (එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ මතවාදයන් මෙයට අමුණා ඇත.)

රටක් තුල නිතිය මත පාලනය ආරක්ෂා කිරීමට විනිසුරුවරුන්ට දැවැන්ත බුමිකාවක් තිබේ. මේ හේතුව අනුව ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම අත්‍යවශ්‍ය වේ. මෙයින් විනිසුරුවරුන්ට එරෙහි චෝදනා පරික්ශා කරන්න එපැයි අදහස් නොවේ. නමුත් කිසිදු පරීක්ෂණයක් නිස්සාර නොවිය යුතුය. තවද සැම පරික්ෂනයක්ම සාදාරන කාලයක් තුල අවසන් විය යුතුය.

අදිකරණ සේවා කොමිසම පහත පියවර ගත යුතුය. එනම් මෙම විනිසුරුට එරෙහි චෝදනා සාදාරණද යන්නයි. මෙහිදී පැමිණිල්ල නිස්සාර සහ දෙෂසහගත බවට සැක කිරීමට හේතු තිබේ. අප කොමිසම තිදින් කියා සිටින්නාක් ඇත. එනම් අල්ලස් කොමිසම විමර්ශන සාදාරන කාලයක් තුල අවසන් කල යුතු බවය. අනිසි ප්‍රමාදය සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය මුලිකව උල්ලංගනය කිරීමක් වේ. පර්ක්ෂණයක් පැවැත්වීමට වසර 05 ක කාලයක් ගතවීම පැහැදිලිවම දිගු කාලයකි. එනම් මෙහිදී පුද්ගලයකුගේ අයිතිවාසිකම් උල්ලන්ගනය වී තිබේ. මෙහිදී පුද්ගලයා විනිසුරුවරයෙකි. ඔහුගේ ප්‍රසිද්දිය පිළිබද කරුණ ජනතාව අදිකරණය මත තැබූ විශ්වාසය මත අනුකුල වන්නකි. 

මෙම සිද්දියේදී පැහැදිලිව පෙනී සිටින්නක් ඇත. එනම් පරීක්ෂණය අවසන් කිරීමට ඇති ප්‍රමාදය ඔහුගේ වැටුප් වර්දක සහ උසස් වීම වැළැක්වීම විනිසුරුව පිඩාවට පත් කරන බවය. එය නඩු පැවරීමේ චේතනාවෙන් කරන නිතියනුකුල පරීක්ෂණයකට වඩා වැඩි දෙයක් වේ.

විනිසුරුවරයකු යම් තත්ත්වයක් දරා සිටි. ඔහුගේ හොද නම සහ ප්‍රසිද්දිය ඔහුගේ වුර්තිය අවංක බවේ කොටසකි. මෙහිදී බලපෑමට ලක්ව ඇත්තේ දිසා විනිසුරුවරයෙකි. ඔහුට අයිතියක් ඇත. එනම් නිසි ප්‍රසිද්දියකින් පසුව නිදොස් කොට නිදහස් වීමට සහ ඔහුට සිදුවූ හානි වලට වන්දි ලබා ගැනීමට වේ. 

මෙහිදී අවශ්‍ය දෙයක් ඇත. එනම් දෙවෙෂසහගත පැමිණිල්ලක් කල පැමිණිලිකරුගේ බුමිකාවයි. අනෙක වන්නේ හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් ගේ බුමිකාවයි. ඔහු උත්සහ කලේ බලය යොදා පරීක්ෂණයක් සිදුනොකර සෝමසිංහ මහතාට ඉල්ලා අස්වීමට සැලැස්වීමයි. අතීතයේදී අනෙක් විනිසුරුවරුද පැමිණිලි කර තිබේ. විනිසුරුවරුන් පිඩාවට පත් කර පදනම් විරහිතව ඉල්ලා අස් කිරීමට බල කිරීම අදිකරණ සේවා කොමිසමේ දැකිය හැක. එය බරපතල මහජන තැකීමක් ඇති කරන කරුණක් වේ මෙම බාවිතය නිතිය මත පාලනයට සහ විනිසුරුවරුන්ගේ සුවදිනත්වය්ට අහිතකර ලෙස බලපායි. නිතිය මත පාලනය සහ විනිසුරුවරුන්ගේ සුවදිනත්වය ශ්‍රී ලංකාවේ නයිතික ක්‍රියාදාමයේ පදනමට බලපාන වැදගත් දේ වෙයි.

මෙම සියලු කරනා වල බරපතල තත්වයක් තිබේ. අපි ගවුරවනිය ලෙස මෙසේ ඉල්ලා සිටිමු. ඔබේ වගකීම ඇති කරුණ ගැන සලකා බලන්න. සෝමසිංහ මහතාගේ නම නිවැරදි කරන්න. ඔහුගේ උසස් වීමට ඇති අයිතිය ඇතුළු ඔහුට හිමි නිසි සියලු දේ ලබා දෙන්න. අපි යම් දැක්මක සිටින්නෙමු. මෙවැනි කරුණු වලදී අදිකරණ සේවා කොමිසමට නය ගැති බවක් ඇත. එනම් අදිකරණය පිළිබද මහජන විශ්වාසය ආරක්ෂා කිරීමේ මහජන සමාවක් පිලිබදවයි.

මිට විශ්වාසී 
බිජෝ ෆ්‍රැන්සිස් 
විදායක අද්‍යක්ෂ.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවිම්ට්ට පහත සබැදියාව හා යොමු වන්න.


පරිවර්තනය ;- හර්ෂි සි. පෙරේරා



No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...