Thursday, February 23, 2017

ජනතා අදිකරණය (89) ; ලසන්ත ගාතන සැකකරුගේ නඩුව.



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 458/2010 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු වැලිකඩ රක්ෂිත බන්දනාගාරයේ පසුවූ කෙන්දෙගෙදර ප්රියවංස විය. වගයුත්තරකරුවන් වුයේ ආරක්ෂක ලේකම් පොලිස් නිලදාරීන් සහ නිතිපතිවරයාය. 

මෙය විනිසුරු සිසිර ජේ ඩි අබ්රු, විනිසුරු අනිල් ගුණරත්න සහ විනිසුරු නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග වුනි. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ජේ සි වැලිඅමුණ නීතිඥ පසිඳු සිල්වා නීතිඥ සුලක්ශ්න සේනානායක යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජේස්ට නීතිඥ නයෝමි වික්‍රමසේකර යන අයද පෙනී සිටියහ. තීන්දුව දෙනු ලැබුවේ 2017.02.15 වැනිදාය. තීන්දුව ලීවේ විනිසුරු සිසිර ජේ ඩි අබ්රු වන අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි වුනි. 

පෙත්සම්කරු කිවේ තමාගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් එනම් 12(1), 13(1) සහ 13(2) වගන්තින් වලින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් කඩවූ බවයි. 

පෙත්සම්කරු 1975 අප්‍රියෙල් මස හමුදා සෙබළකු ලෙස හමුදාවට බැදේ. උසස් වීමක් ලැබුනද හමුදාවෙන් පැන යාම නිසා නැවත අත්අඩංගුවට පත්වේ. ඉන්පසුව ඔහුව නුවර එළියේ සිංහ රෙජිමේන්තුව වෙත යවනු ලැබේ. ඔහු 2003 සිට 2006 දක්වා ලොරි රියදුරකු ලෙස කටයුතු කරයි. 

2010 .02.27 ඔහුව ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබේ. ඔහුට අත්අඩංගුවට ගැනීමේ හේතුව දැනුම් දුන්නේ නැත. ඔහුගෙන් ජෙසුදසන් නම පුද්ගලයකු පිලිබදව සහ මද්යාවේදී ලසන්ත වික්‍රමතුංග ගාතනය ගැන ප්‍රශ්න කෙරිණි. ඔහුව කොලබ මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කර එයින් රක්ෂිත බන්දනාගාර ගත කෙරිණි. ඔහුව මහේස්ත්‍රාත් අදිකරණයෙන් නිදහස් කලද ගල්කිස්ස මහේස්ත්‍රාත් අදිකරණයේ ලසන්ත ගාතන නඩුවේ සැකකරුවෙකු බවට පත් කෙරිණි. පෙත්සම්කරු කියා සිටියේ ඔහුව අත්අඩංගුවට ගැනීම සහ රදවා ගැනීම නීතිවිරෝදී බවයි. 

ශේෂ්ට්‍රදිකරණය මෙම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝදී බව තීරණය කළේය. 12(1) වගන්තියෙන් කියවෙන්නේ සියලු පුද්ගලයින් නිතිය ඉදිරියේ සමාන බවත් නීතියේ සමාන ආරක්ෂාව හිමිවිය යුතු බවත්ය. 13(1) වගන්තියෙන් කියවෙන්නේ කිසිදු පුද්ගලයකු නීතියේ කර්යබරය්ට පිටින් අත්අඩංගුවට නොගත යුතු මෙන්ම අදාල අත්අඩංගුවට ගන්නා පුද්ගලයාට අත්අඩංගුවට ගැනීමේ හේතුව කිව යුතු බවය. මේ අනුව පෙත්සම්කරුගේ 12(1) සහ 13(1) වගන්තින් වලින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බව තීරණය කෙරිණි. 


05 වන වගයුත්තරකරුට රුපියල් ලක්ෂයක් වන්දි ලෙස පෙත්සම්කරුට ගෙවීමට නියම විය. තවද එය මෙම නඩු තීන්දුව දුන් දිනයේ සිට මාස තුනක් ඇතුලත ලබා දිය යුතු විය. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබදියාවට යොමු වන්න. 

















No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...