බැසිල් ප්‍රනාන්දු.
උසාවිය නිහඩයි ප්‍රසන්න විතානගේ නිර්මාණයකි. එය සිනමා හල් වල පමණක් නොව ප්‍රසිද්ද ජන කණ්ඩායම් වලද ප්‍රදර්ශනය වේ. ඒවාට සහබාගි වීමේ අවස්ථාව මට උදා විය. ඒ රටේ විවිද ප්‍රදේශ වලය. ඒ පානදුර මිගමුව සහ මහනුවර ප්‍රදේශ දෙකකදීය. ඒ සැම අවස්ථාවකදීම පුද්ගලයින් 30 සිට 40 දක්වා කණ්ඩායමක් චිත්‍රපටිය නැරබුහ. ඉන්පසුව සාකච්චාවට බාජනය කෙරිණි.
එහි එන කතා වස්තුන් මහා ජනයාට දිගු කලක් තිස්සේ සුපුරුදු ඒවා වේ. රාවය පුවත් පත වාර්තා කළේය. ඒ පිලිබදව පොත් ලියැවිණි. රුපවාහිනී සකච්චාද පැවැත්විණි. මෙය මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට සම්බන්දය. ඔහුට කාන්තාවන් දෙදෙනෙකු දුෂණය කල බවට චෝදනා කෙරිණි. ඔවුන් දේපල සිරකරුවන්ගේ බිරින්දා වරුන්ය. සිද්දිය වන විට ඔවුන් රැදවුම් මත සිටියහ. චිත්‍රපටිය මෙම කතාන්තර නැවත වරක් පැවසිනි. චිත්‍රපටිය නරබිමෙන් පසුව ජනයාට ඒ ගැන කතා කිරීමේ අවස්ථාව උදා විය.
එහිදී ඉස්මතු වූ සුලබ කරුණක් විය. එනම් මේ සිද්දීන් වලට නඩු පැවරුවේ නැත්තේ අයද කියාය. මේ සංවාද රසවත් වුයේ අපරාද විද්‍යාව පිලිබදව නැගුනු ප්‍රශ්න හේතුවෙනි.
පොදු තැකීමක් ඇති විය. එනම් යමක් අපරාදයක් ලෙස සලකන්නේ කවුරුද කියාය. සමහරු කිවේ පොලිසියයි . තවත් සමහරු කිවේ නීතිපති කියාය. තවද අපරාදයකට නඩු නොපවරිමට තීරණය කරන්නේ කවුද? එකගතාවය වුවේ නඩු පැවරීම හෝ නොපැවරීම විකල්පයන් වන බවයි. අපරාද වලට නඩු පැවරීම පිළිබද දැඩි වගකීමක් නැත. බොහෝ දෙනෙක් තමන් දන්නා නඩු නොපවරු සිද්දි පිළිබද උදාහරණ ගෙන හැර දැක්වුහ. සමාජ විද්‍යා අද්යනයකට වැදගත් රසවත් කරුණු එනම් අපරාද කරුවන්ට නඩු පැවරීම හෝ නොපැවරීම ගැන ඉදිරිපත් විය. උදාහරණයට නීතිවිරෝදී මත්පැන් විකුනනන් පොලිසයට බෝතල් කිහිපයක් දී අදිකරණයට ඉදිරපත් කර දඩ ගෙවීම දක්විය හැක. මෙහිදී පෙනීයන කරුණ නිශ්ශිත පොලිස් නිලදාරීන් මෙම ස්ථාන වලට යන බවයි. තවද මෙම කරුණ හොදින් සංවිදාන ගත කෙරුණු බාවිතාවක් වන අතර එය ජේස්ට පොලිස් නිලදාරින්ද මැනවින් දන්නා කරුණකි.
වඩාත් අවදාරණය කරන දෙයක් විය. එනම් කිසිදු ප්‍රේක්ෂකයෙකු මෙම කතා වස්තුන් වල එන මහේස්ත්‍රාත්වරයා ට එරෙහිව නඩු නොපැවරීම ගැන පුදුමයට පත් නොවීමයි. සියලු ප්‍රේක්ෂකයින් කිවේ දුප්පතාට එරෙහිව පමණක් නඩු පවරන බවයි. හර්ද සාක්ෂියක් ඇති මද්යවේදියකු මේ අවාසනාවන්ත කාන්තාවනට ඇහුම්කන් නොදෙන්නට මෙම සිද්දීන් ගැන කිසිවක් ඇසෙන්නේ නැති බවයි. මෙය මෙම සාකච්චා වල පොදු අදහස විය.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙයි. නමුත් අපරාද විමර්ශනය නඩු පැවරීම සහ අදිකරණ ක්‍රියාමාර්ග ගැන සාදාරන ක්‍රියාදාමයක් මෙහි නැත. ඒය සහබාගි වුවන්ගේ පොදු හැගීම විය. පොදු ප්‍රශ්නයක් ඉස්මතු වුනි. එනම් ඇත්තටම ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදීද යන්නයි. මේ විශේෂ මහේස්ත්‍රාත් වරයා කල බවට චෝදනා කරන දේ ප්‍රජාතන්ත්‍රවාදය තුල විනිසුරුවරයකුට කල හැකිද? මෙවැනි කතන්දර අදාල බලදාරීන්ට වාර්තා වූ පසු ක්‍රියාමාර්ග ගැනීමට මැලි වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්ද? මෙහිදී අපි ලියන්නේ අදිකරණ සේවා කොමිසම පොලිසිය සහ ඉහල අදිකරණ ගැනයි.
සියල්ලෙන් පසුව චෝදනා කෙරෙන අපරාද වන්නේ අවස්ථා දෙකකදී ස්ත්‍රී දුෂණය සහ බලය අයුතු බාවිතයයි.එය ඔවුන්ට මෙම අපරාද වලට සහබගිවිමට අවස්ථාව උදා කෙරිණි. දණ්ඩ නීති සංග්‍රහයට අනුව ස්ත්‍රී දුෂණයට දඩුවම වසර 20 ක බරපතල සිර දඩුවම් වේ. මෙය අපේ නිතිය යටතේ එන බරපතල අපරාදයක් බවට කිසිදු සැකයක් නැත. කෙසේනමුත් මෙම සිදුවීම් වලට විශාල ප්‍රසිද්දියක් හිමි වුනි. එහෙත් කිසිදු අපරාද විමර්ශනයක් සිදුවුයේ නැත.
මෙම බරපතල අපරාද වලට විමර්ශන නොපැවැත්වීමට අසමත් වන වගකියන්නේ කවුද?
අපරාද නඩු විදාන සංග්‍රහයේ සදහන් වන ආකාරයට පොලිසියේ ස්ථාන බාර නිලදරියට පැමිණිල්ල ලැබේ. එවැනි විමර්ශනයක් පැවැත්වීමට ඔහුට වගකීමක් ඇත. ඔහු එය නොකරන විට ඊළගට සිටින්නේ සහකාර පොලිස් අදිකරිවරයාය. ඔහුගේ වගකීම වන්නේ ඔහුගේ අදිකරණ කලාපය තුල සිදුවන සියලු බරපතල අපරාද විමර්ශ්නය කිරම සහ අකණ්ඩව සොයා බැලීමයි. මෙම සිද්දීන් රට පුරා කතා බහට ලක් කෙරිණි. අපරාද වලට විමර්ශන සිදු කිරීමේ වගකීම පොලිස්පතිවරය්ටද ඇත. වාර්තා වන අපරාද සම්න්බන්දයෙන් විමර්ශන කිරීමේ වගකීම රජයටද තිබේ. එසේ අසමර්ථ වීමේ වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා රජයටයි.
කෙසේනමුත් මෙම සාකච්චා වලට සහබාගි වූ අය ඉස්මතු කල ප්‍රශ්නයක් විය. වගකීම යන්නෙන් අර්ථවත් වන්නේ කුමක්ද? රටක නිතිය මත පාලනය දැඩිව පවතින විට වගකීම යනු වගකීමට අසමත් වන පුද්ගලයාට දඩුවම් කිරීම වේ. තම වගකීම් ඉටු කිරීමට මැලි වන නිලදාරිනට දඩුවම් නොකරන විට යුක්තිය පිළිබද ක්‍රියාමාර්ගය ඉටු වන්නේ නැත.
මෙම සිද්දීන් වලදී වරදකරුවන් දෙපිරිසක් සිටි. එනම් ස්ත්‍රී දුෂණ දෙකක් කරමින් තම තත්වය අපචාරයට ලක් කර ගත් මහේස්ත්‍රාත්වරයා සහ විමර්ශන කිරීමේ වගකීම පැහැර හරිය අනෙකුත් නිලදාරීන් වේ. නැවතත් මේ සාකච්චා වලදී ඉස්මතු වූ කරුණක් විය. එනම් එවැනි ක්‍රියාදාමයට අපි කෙසේ ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ කෙසේද යන්නයි.
අදාල ප්‍රශ්න වලදී නීතිපති සහ අගවිනිසුරු ක්‍රියාමාර්ග ගැනීමෙන් වැලකීම පිළිබද කාරණාව ඉස්මතු වුනි. නීතියේ කුමන ප්‍රතිපාදන යටතේ ඔවුන්ට බරපතල අපරාද සම්බන්දයෙන් ක්‍රියාමාර්ග නොගෙන සිටීමට බලය පවරන්නේද? මෙම ක්‍රියාමාර්ග සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සංකල්ප අකටයුත්තට බාජනය කරන බරපතල තත්වයන් වේ. මුලික සංකල්පයක් තිබේ. එනම් නීතිපති සහ අගවිනිසුරුවරයා නීතියේ සමානතාවය පිළිබද වඩාත් මුලික මුලදර්මයන් උල්ලංගනය කරන බවයි.
ප්‍රජාතන්ත්‍රවාදය තුල නිතිය මත පාලනයේ මුලදර්ම පිහිටා තිබේ. එහිදී අපරාදයක් කල කිසිවෙකුට මුක්තිය හිමි නොවේ. කෙසේනමුත් ශ්‍රී ලංකාවේ වැඩවසම් සමය තුල වෙනස් මුලදර්ම යටතේ තවත් ක්‍රමවේදයක් පැවතිනි. එනම් අඩු කුලයේ අය කුඩා දේටත් බරපතල දඩුවමට ලක් කෙරිණි. ඉහල කුලයේ අයට වඩාත් බරපතල අපරාද කලද මුක්තිය හිමි වුනි. මෙය හැදින්වෙන්නේ අසමනුපතික දඩුවම ලෙස වන අතර. එය වසර 1500 කට වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුල මුල් බැස ගෙන තිබිණි. මෙය රටට හදුන්වා දුන්නේ ඉන්දියානු බ්‍රාහ්මණ බලපෑම හමුවේය. පවතින නව අපරාද නීති මුලදර්ම ලැබුනේ බ්‍රිතාන්යන්ගෙනි. පෙනෙන ආකාරයට ශ්‍රී ලාංකීය සමාජය තුල මේවා මුල් බැස ගෙන නොමැත. මෙම සියවස් අදික මුලදර්ම ශ්‍රී ලංකාවේ සමාජ හා මානසික තත්වයන් තුල බැහැර වී නොමැත. නමුත් මෙම පුරුදු මකා දැමීමට පුළුවන. මෙවැනි වැඩවසම් බවිතාවන්ට එරෙහිව දැඩි ප්‍රතිරෝදයක් ඇතිවිය යුතුය. කුල ක්‍රමය මත පදනම් වූ වෙනස්කමකට බාජනය කිරීමද මෙයට බලපායි. ශ්‍රී ලංකාව තුල එවැනි මර්දනයක් පැනවිය යුතුය. එය වැඩවසම් බලපෑම හේතුවෙන් තවමත් සමහරුන් තුල ඇත. අවසානයේ නුතනවාදය මර්දනයට ලක්වේ. පැරණි ක්‍රම නොනැසී පවතී.
මෙම වාතාවරණය විවේචනාත්මක වේ. එවැනි වැඩවසම් වටිනාකම් මගින් රටේ අදිකරණ ක්‍රියාදාමය අදයිරය කරයි. එය ප්‍රජාතන්ත්‍රවාදී මුලදර්මයන් සමග පරස්පර විරෝදී වේ. මෙම පැරණි වෙනස්කම් යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය තුලද පවතියි. එවැනි තත්වයක් තුල නුතන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
මෙම සාකච්චා වලට සහබාගි වූ අය යම් කරුණකට එලබිනි. එනම් පැරණි ක්‍රියාදාම බලපාන්නේ මහේස්ත්‍රාත්වරයා සිදු කල ස්ත්‍රී දුෂණ වලට පමණක් නොව සමස්ත යුක්ති පරිපාලනය තුලම බවයි. එය පුරවැසියන්ගේ අයිතිවාසිකම් වලට දෙන්නේ අඩු වැදගත්කමකි. ශ්‍රී ලංකා අදිකරණ ක්‍රියාදාමය පුරා අදික ප්‍රමාදයක් ඇත. එය ප්‍රතික්ෂේප කර තිබේ. එනම් එය යුක්තියට මහා ජනයාට ඇති අයිතිය අහිමි කරයි. එය නොසලකා හැර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ නුතන සංකල්පයන්ට බැහැරව දුප්පත් අයට උසාවිය සහ පොලිසිය විසින් සලකනු ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් වන සමානාත්මතාවය නිදහස අනුව යමින් සැම පුද්ගලයෙකුටම විනීතව මුහුකුරා ගිය තත්වයකින් සැලකිය යුතුව ඇත. නමුත් අදිකරණය පවා මෙම මුලදර්ම නොසලකා හැර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැනීමට ඇති අපේක්ෂාව කවරක්ද? මෙම දිනවල ජනතාව සාකච්චා කරන්නා වූ කෙදනිය ප්‍රශ්න ඒ හා සම්බන්ද වේ. ඔවුන්ගේ ප්‍රශ්න වලට අර්ථවත් පැහැදිලි කිරීම් සොයා ගැනීමට ඔවුන්ට මගක් නැත.
ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශනයකි.
පරිවර්තනය - හර්ෂි සි පෙරේරා.
මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.
No comments:
Post a Comment