Wednesday, November 16, 2016

කොරියානු දිනපොත (Korean Diary);- කොරියානු ක්‍රීඩා (Sports in South Korea)




මගේ මිතුරා පකිස්තානු ජාතිකයෙකි. මැයි 18 අනුස්මරණ පදනමේ මා මෙන්ම වැඩ ඉගෙන ගන්නෙකි. 

ඔහු ජිම් එකට යාමට පුරුදුව සිටි. ඔහු සැම දාම සවස 7.30 සිට රාත්‍රී 8 දක්වා මෙම ජිම් එකේ වියායාම වල නිරත වේ. ඔහු පවසන්නේ එසේ නොවුනහොත් විෂාදය සහ කනස්සල්ල ඇති වීමට වැඩි නැඹුරුවක් පවතින බවයි. මා එහි ගියේ දවස් කිහිපයකි. එය මගෙන් මග හැරුණි. මෙම ජිම් එකේ මුදල් අය කිරීමක් සිදු නොවේ. එය ගුවන්ජු හි සිටි හෝල් මගින් පවත්වා ගෙන යනු ලැබේ. මෙහි කොරියානු ජනතාව විශාල වශයෙන් දයිනික වියායාම වල නිරත වේ. මේ කොරියානු බලදාරින් ජනතාවගේ සුබසිද්දිය වෙනුවෙන් කැපවන ආකාරයට මනා නිදර්ශනයකි.

දකුණු කොරියාවේ සම්ප්‍රදායික ක්‍රීඩා ඇත. ඊට අමතරව විවිද සංස්කෘතීන් සහ රටවලට අයත් ක්‍රීඩා ද තිබේ. එයින් එක ක්‍රීඩාවක් වන්නේ ටයිකුන්දුය. 

මිට අමතරව ජනප්‍රිය ක්‍රීඩා දෙකක් ඇත. ඒ පාපන්දු සහ බෙස්බෝල්ය. දකුණු කොරියානු ක්‍රීඩා ලෝලීන්ගෙන් 41% ක් පාපන්දු ලෝලීන් වේ. දෙවන තැන බේස්බෝල් වලට හිමි වේ. එයට 25% ක ප්‍රතිචාරයක් හිමි වෙයි. ඊළගට කැමැත්ත හිමි වන්නේ පාපන්දු ක්‍රීඩා වටය. 2002 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සම සත්කාරක රටවල් ලෙස කටයුතු කලේ දකුණු කොරියාව සහ ජපානයයි. දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම එහි අර්ද අවසාන තරගයට තේරී පත්වුණි. මෙම ජාතික කණ්ඩායම එවැන්නක් කල පළමු ආසියානු ෆෙඩරේෂණයේ රට බවට පත් වේ. 

බේස්බෝල් හදුන්වා දුන්නේ ඇමෙරිකානු මිෂනාරිවරුන්ය. ඒ 1905 වසරේදීය. එය අද දක්වාම විශාල ශක්තියක් ඇතිව ක්‍රියාත්මක වේ. 

ඊළගට දකුණු කොරියාවේ ජනප්‍රියම ක්‍රීඩාව පැසි පන්දු වේ. මිට අමතරව හිම මත සිදු කෙරෙන හොකි බැඩ්මින්ටන් මාලු ඇල්ලීම කදු නැගීම ගොල්ෆ් ආදිය පැමිණේ. 








Tuesday, November 15, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- ළමා අපයෝජකයින්ට මරණ දඩුවම. (Death penalty for child abusers)


දකුණු කොරියාවේ ළමා අපයෝජන වලට එරෙහි ජන මතය වැඩිවෙමින් පවතී. ඒ අනුව රටේ නඩු පවරන්නා ළමා අපයෝජකයින් සම්බන්දයෙන් ඉතා තද තීරණයක් ගැනීමට සුදානම් වේ. එයට මරණ දඩුවම පැමිණීම ගැන සලකා බැලේ. මෙහිදී ගැබුරු විමර්ශනයකට පෙර සැකකරුවන් රදවා තබා ගැනීම සැලකිල්ලට බදුන්ව ඇත. 

දකුණු කොරියාවේ මරණ දඩුවම නයිතික දණ්ඩනයකි. අවසාන වරට එය පනවනු ලැබුවේ 2009 වසරේ කන් හෝ සුන්ට එරෙහිවය. නමුත් දැන් රජය විසින් මරණ දඩුවම පැමිණවීමට තහනමක් ඇත. අවසාන වරට එය ක්‍රියාත්මක වුයේ 1997 දෙසැම්බර් මසදීය. 

2013 වන විට මරණ දඩුවම හිමි සන්කයාව අවම වශයෙන් 60 දෙනෙකි. 2016 පෙබරවාරි 19 වන දින 24 හැවිරිදි ලීම්ට මරණ දඩුවම පනවනු ලැබිය. ඔහු හමුදාවට බලෙන් බදවා ගත් හමුදා සාජන්වරයෙකි. ඔහු 2014 වසරේදී උතුරු කොරියානු දේශසීමාව අසල වෙඩි තැබීමේ සිද්දියකින් සොල්දාදුවන් 05 දෙනෙකු මරා දමමින් 07 දෙනෙකුට තුවාල කරනු ලැබිය. ඒ අනුව ලිම් ඇතුළුව මරණ දඩුවම ලැබ සිටින සන්කයාව 61 දෙනෙකි. 

මරණ දඩුවමට එරෙහි මෙම තහනම පනවනු ලැබුවේ 1998 පෙබරවාරි මස නොබෙල් සාම තියාග ලාබී සහ හිටපු ජනාදිපති කිම් ඩේ ජුන්ය. 1980 දී ඔහුටද මරණ දඩුවම පැමිනවනු ලැබිණි. ඒ දකුණු කොරියානු හමුදා අදිකරණයක් මගිනි. නමුත් එයින් වසර දෙකකට පසුව ඔහුට එරෙහිව පනවනු ලැබූ මරණ දඩුවම අත්හිටවනු ලැබිණි.

Monday, November 14, 2016

Ramyalatha Case;- Join hands Doctor's Mafia (Part 02)


This is a disclosure of a doctor get to gather with pharmacy mafia in Sri Lanka. This is included in Ramyalatha's complaint to the medical council.

I am a 42 years old married mother with three children. I am the bread winner of my family. My 17 years old son is ill due to the high quantity of medicine gave to him by the Bentota government hospital when BCG vaccine. He had undergone 09 operations now he cannot cured. My husband is a heart patient who under went by pass surgery.

I am doing farming. There was a pain in my right eye and I went to take medicine for it to Dr. P W U Jayalal. He gave me a prescription. I went to Gunawardana pharmacy seeking my medicine. It was on 20.02.2016. I put this medicine to my eye. The pain was not vanished. I went to the dispensary of Dr Sirisena. He said the medicine was wrong and it was suited for ear alignment. He took the prescription and wrong medicine from me saying he wanted to reprimand the pharmacy owner. For his medicine the pain was being remained. So I went Colombo eye hospital and admitted there for 17 days due to wrong medicine put into my eye. The hospital authority told me to bring the prescription and wrong  medicine. My husband contacted Dr. Sirisena much difficulty and got the prescription of Dr Jayalath and medicine from the pharmacy.

I was discharged on 11.03.2016 and made a complaint at Urugasmanhandiya police on 12.03.2016. After that I went to see Dr. Sirisena and told him that I would like to take legal action. He said it was useless. He further said the value of a eye was Rs1250/= and took it from the pharmacy owner and proposed me to come to a settlement with the owner of the pharmacy and also said i would be fallen in to a difficult situation if I would seek justice.

So I have made this complaint to the medical council regarding Dr. Sirisena.


0382231419
0773201270

කොරියානු දිනපොත (Korean Diary);- ට්‍රුම්ප් ජයග්‍රහණයෙන් පසු කොරියානු සංක්‍රමණිකයින්. ( After victory of Trump)



ඇමෙරිකාවේ ට්‍රුම්ප් ජයග්‍රහණය කළේය. මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නීතිවිරෝදී ලෙස රැදී සිටින කොරියානුවන්ට ගැටලුවක් ඇති වී තිබේ. ඒ ඔවුන්ව පිටුවහල් කිරීම වේ. 

එක්සත් ජනපදයේ නීතිවිරෝදී ලෙස රැදී සිටින දකුණු කොරියානු සංක්‍රමනයින්ගේ සන්කයාව 160000කි. ජනාදිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රුම්ප් සිය මැතිවරණ වියාපාරයේදී නීතිවිරෝදී සංක්‍රමනයින්ට වැට බදින බව ප්‍රකාශ කළේය. ඔහු දිගින් දිගටම කල බැන වැදීමක් විය. ඒ එක්සත් ජනපද පුරවැසියනට ඔවුන් විසින් රැකියා අවස්ථා අඩු කරන බවය. 

දකුණු කොරියානුවන් 160000 ඇතුළුව එක්සත් ජනපදයේ සිටින නීතිවිරෝදී සංක්‍රමනයින් ගණන මිලියන 03 කට ආසන්න බව ප්‍රවුර්ති වාර්තා පවසනු ලැබේ. ට්‍රුම්ප් කිවේ ඔවුන්ට අපරාද වාර්තා කල්ලි වල සාමාජිකයින් මත්ද්රවිය ජාවාරම්කරුවන් ඇතුලත් බවත් ඔවුන්ව අපේ රටින් පලවා හරින බවත් නැතිනම් සිරගත කරන බවත්ය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඔවුන් මෙහි නීතිවිරෝදී ලෙස රැදී සිටින බවය. 

තවද මෙම මර්දනයේ ඉල්ලක්කය වන්නේ මෙක්සිකෝවෙන් පැමිණි නීතිවිරෝදී සන්ක්රමනකයින් වෙනුවෙනි. ට්‍රුම්ප් තම සැලැස්ම යලි තහවරු කරමින් කියා සිටියේ මෙක්සිකානු දේශ සීමාව හරහා තාප්පයක් බදින බවය. 

මේ මස ආරම්බයේදී පෙව් පර්යේෂණ මද්‍යස්ථානය කල ගණනයකට අනුව 160000ක් දකුණු කොරියානු නීතිවිරෝදී සන්ක්රමනකයින් එක්සත් ජනපදයේ නීතිවිරෝදී ලෙස රැදී සිටි. එය වර්දනය වූ බව මෙම මද්‍යස්ථානය ප්‍රකාශ කරයි. 1990 දී 200000 දක්වාද 2011 දී 190000 දක්වා අඩුවක්ද 2012 දී 180000 ක්ද වශයෙනි. 

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීම සදහා පහත සබැදියාව වෙත යොමු වන්න. 

Sunday, November 13, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- ''මට ගෙදර යන්න බැහැ'' ( President Park & Duminda Silva)





ඇය කොරියාවේ යකඩ ගැහැනියයි. වර්තමාන ජනපතිනියයි. ඇය නමින් පාක් ජියන් හුයිය. ඇයට පසුගිය මාසයක කාලයක සිට දුෂණ අපචාර චෝදනා එල්ල වේ. සෙනසුරාදා සවස සියොල්හි මිලියනයක ජනතාවක් පාරට බැස ඇයට ඉල්ලා අස් වන ලෙස විරෝදතා පවත්වනු ලැබිණි. ඇය මේ සතිය තුල නඩු පවරන්නාගේ ප්‍රශ්න කිරීම් වලට මුහුණ දෙනු ඇත. නමුත් ඇය ගෙදර යාමට සුදානමක් නැත.

ඔහු මරණ දඩුවම හිමිව වැලිකඩ බන්දනාගාරයේ සිටින දුමින්ද සිල්වාය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වේ. ඔහුට එල්ල වුයේ මිනීමැරුම් චෝදනාය. දේශපාලනය කරන කාලයේ මැරකම් මත්ද්රවිය ළමා අපචාර වලට ප්‍රසිද්දියක් උසුලනු ලැබිය. දැන් ඔහු බන්දනාගාර රෝහලේ සිටින අතර සිංගප්පුරුවට යැවීමට උත්සහ කරන බව අන්තර් ජාලයේ සටහන් විය. මේ සිදුවන්නේ ප්‍රබල දේශපාලන හස්තයක උවමනාවටයි. 

මයිත්‍රී ජනවාරි 08 බලයට පත් වුනි. මේදේවල් ඕපාදුප විය නොහැක. ජනපති ලෙස දිවුරුම් දින රාත්‍රියේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලඥයකුගේ රාත්‍රී බෝජනයකට සහබාගි වෙමින් සිටියදී ඔහුගෙන් කල පළමු ඉල්ලීම වන්නේ රාජපක්ෂ පවුල රැක දෙන ලෙසයි. මේ දේශපාලඥයා අනකවරකු හෝ නොව මහින්ද අමරවිරය. 

දුමින්දව සිංගප්පුරු යවුවහොත් අනිවාර්යෙන් ශ්‍රී ලාංකීය ජනතාව ජාති කුල ආගම් කිසිදු බේදයකින් තොරව මහා පාරට බැසිය යුතුව ඇත. 




Thursday, November 10, 2016

කොරියානු දිනපොත (Korean diary);- ගුවන්ජු හි මස් මරන්නා. (Chun Doo-hwan)




ඔහු නමින් චුන් ඩු හුන්ය. අදත් දුකුනු කොරියානු ජනතාවගේ අප්‍රසාදයට ලක් වේ. 1931 ජනවාරි 18 උපත ලැබිය. හිටපු දකුණු කොරියානු හමුදා ප්‍රදානියෙකි. 1980 සිට 1988 දක්වා දකුණු කොරියාවේ ජනාදිපති ලෙස කටයුතු කළේය. 1996 ඔහුට මරණ දඩුවම හිමි විය. ඒ ගුවන්ජු සමුල ගාතනය පිළිබද ඔහුගේ බුමිකාව හේතුවෙනි. ජනාදිපති කිම් යන සම් ඔහුට සමාව දුන්නේ එවකට ජනාදිපති කිම් ඩේ ජුන්ග් ගේ උපදෙස් පරිදිය. ඔහු විරුදාවලි ලබන්නේ ගුවන්ජු හි මස් මරන්නා ලෙසිනි.

මෙම ගුවන්ජු නැගී සිටීම යනු කුමක්ද?

 ඒ 1980 මැයි 17 වැනිදාය. දකුණු කොරියානු හමුදා ප්‍රදානින් හමුදා නිතිය ක්‍රියාත්මක කළහ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටි ජනතාව මර්දනය කිරීමටය. එයට නායකත්වය දුන්නේ චුන් ඩේ හුන්ය. 

ජනතාව මෙහෙය වුයේ චෝනම් සරසවියේ සිසුන් සහ ගුරුවරුය. හමුදා සාමාජිකයින් ඔවුන්ට පහර දෙමින් ඔවුන්ව පලවා හැරීමට කටයුතු කළහ. සිසුහු නැවත ඩවුන් ටවුන් ප්‍රදේශයෙන් සංවිදානය විය. හමුදා බටයින් නැවත ඔවුන්ව මර්දනය කළහ.  සිසුන්ට රබර් උන්ඩ වලින් වෙඩි තැබීම සහ කදුළු ගැස් ප්‍රහාර එල්ල කළහ. ඔවුනේගේ මෙම  තිරිසන් ක්‍රියාව අනුමත නොකළ සාමාන්‍ය ජනතාව උද්ගෝෂණ වලට එකතු වුහ. එනම් දෙමාපියනට සහ සෙසු වැඩිහිටියනට තම දරුවන් රැක ගැනීමට අවශ්‍ය විය.

මෙහිදී මියගිය ගණන නිල වාර්තා වලට අනුව 200 කි. තවත් විරෝදතකරුවන් 1000ක් තුවාල ලැබිය.  

මෙම ගුවන්ජු නැගී සිටීම කොරියන් යුද්දයෙන් පසුව දශක ගණනාවක් පැවති ආඥාදායකත්වය අවසන් කිරීමක් විය. එනම් මෙයින් පසුව දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කෙරිණි. 

මෙම සමුල ගාතනය අදටත් දකුණු කොරියානු ජනතාව අනුස්මරණය කරති.


Wednesday, November 9, 2016

Ramyalatha Case ;- Get together Police Mafia and Pharmacy Mafia (Part 01)


This is a disclosure of a heinous act by the Officer In Charge Sujith Priyantha attached to Urugasmanhandiya police station who tried to defend pharmacy owner who gave wrong medicine for a woman which caused her blindness. 

The patient's name is Ramyalatha. She is a resident of Urugasmanhandiya police division. She is a mother of three children also. She is a farmer by profession and main earner for the family. 

The doctor gave her a prescription to put medicine to her eye. But the Gunawardana pharmacy gave her medicine which was for ear alignment. Her eve was rescued without fully blindness due to the swift and effective intervention by the Colombo National Eve hospital. 

The following was the way how police has implemented law regarding this unjust act. She was admitted in the Colombo National Eve hospital for seventeen days. She has got half of her eye site and made a complaint before Urugasmanhandiya police station.  It was on 12 March 2016. 

After 09 days of this complaint on 21 March 2016 the Officer In Charge of the said police called IP Sujith Priyantha Alpitiya filed a case before the Magistrate Court not about the owner of the pharmacy but for the worker of the pharmacy.  

After two hearings of the lawsuit the said officer summoned Ramayalatha to the police station via phone and proposed a settlement. He said the lawsuit would be defeated and take 01 lakhs 02 lakhs or 03 lakhs from the owner of the pharmacy and forced to come to a settlement. 

She opposed it. Then she was directed to a police officer called Soysa attached to the crime division. He told her that there was no document regarding the lawsuit in the police station.  

A lawyer also said her that her lawsuit would be definitely dismissed. 

She has written to the Inspector General of Police regarding this matter. 

Wait and see what the reaction of the Inspector General of Police, Pujitha Jayasundara. 

We would inform you about the doctor's mafia which attached to police and pharmacy mafia in the near future. 

The link to Sinhala version is 

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...