Sunday, July 16, 2017

නිතිය සැමට (Law for All) ;- පොලිසිය සහ බන්දනාගාරය (Police & Prison)



යුක්තිය නිතිය පිළිබද සිදුවීමකදී ජනතාවට පළමුව මුණගැසෙන ආයතනය පොලිසියයි. සමාජයේ බොහෝ දෙනෙකුට පොලිසිය නිතිය වන අතර නිතිය පොලිසියද වේ. බන්දනාගාරය මතකයට නගන්නේ සිරකරුවෝද මනුෂ්‍යයෝය යන වැකියයි. කියමනක්ද ඇත එනම් එක පාසලක් වසන විට බන්දනාගාර දෙකක්විවුර්ත වන බවය. 

පොලිසියේ වගකීම් සහ කාර්යන් පහත පරිදිය. යම් වරදක් පිලිබදව හෝ සැකකටයුතු තැනැත්තන් පිලිබදව පරීක්ෂණ පැවැත්වීම, අත්අඩංගුවට ගැනීම, සුදුසු නඩු වලදී මහේස්ත්‍රාත් අදිකරණයේ නඩු පැවරීම සහ නඩුවේ පැමිණිල්ල මෙහෙයවීම, අපරාද වැළැක්වීම සහ මැඩපැවැත්වීමට ක්‍රියා කිරීම, මාර්ග රථවාහන පාලනය, සවුක්ය ප්‍රශ්න බලපත්‍ර සහ වරිපනම් බදු පිළිබද කරුණු වලදී නිතිය ක්‍රියාත්මක කිරීමට පළාත් පාලන ආයතන වලට සහය වීම, රජයට රාජ්‍ය නිලදාරිනට සහ රාජ්‍ය ආයතන වලට ආරක්ෂාව සැලසීම, සමාජය තුල රංචු හැසිරීම්/රැස්වීම පාලනය කිරීම සහ පොදුවේ සාමය රැකීමට කටයුතු කිරීම ආදියයි.

ශ්‍රී ලංකාවේ ජාතික පොලිස් කොමිෂන් සබාවක් පිහිටුවා තිබේ. ඒ පොලිසිය රජයේ අතකොලුවක් වීම වලක්වා අපරාද පාලනය සහ වැළැක්වීමට ක්‍රියා කරන අරමුණිනි. 

මේ එකදු කර්යක්වත් පොලිසිය නිසි ලෙස සිදු කරන්නේ නැත. ඒ වෙනුවට අපරාද කරන ඒවාට අනුබල දෙන ආයතනයක් බවට පත්වී ඇත. ජාතික පොලිස් කොමිසම සම්පුර්ණයෙන්ම නිද්රාශිලිය. මේ මොහොතේ ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයකු රක්ෂිත බන්දනාගාර ගත කර තිබේ. 

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර ස්විස් කුමාර්ට රැකවරණය දීම සහ පැන යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මේ සිදුවීම ඉතා හොදය. නිතිය ඉදිරියේ සියල්ලන් සමානය. යහපාලන ආණ්ඩුව නිතිය මත පාලනය ගැන සැලකිලිමත් බව පෙනී යයි. මේ යුක්තිය බැදුම් කර වංචාව සම්බන්දයෙන්ද ඉටු විය යුතුය. 

මිට අමතරව දියුණු පොලිසියක් සදහා පුහුණුව තාක්ෂනය ඉහල අද්‍යාපනය පොලිසියට බදවා ගැනීමේ කාර්යපටිපාටිය විදිමත් කිරීම ඔවුන්ට පහසුකම් සහ ඉහල වැටුප් දීමද අනිවාර්ය වේ. 

බන්දනාගාරයට රැදවියන් ආකාර දෙකකට යයි. ඒ රිමාන්ඩ් සැක ලෙස සහ අච්චු එනම් වැරදිකරුවන් ලෙසයි. 

බන්දනාගාරයට යැවීමේ පරමාර්ථය රැදවුම්කරුවන් පුනුරුත්තාපනය කිරීම වේ. නමුත් අත්දැකීම වී ඇත්තේ රැදවියන් අපරාද කරුවන් වී එලියට පැමිණෙන බවයි. එහි නීතිවිරෝදී කටයුතු රැසක් සිදුවන බව වාර්තා වේ. ඒ අතර වදහිංසා පැමිණවීම, අල්ලස සහ දුෂණය, මත්ද්රවිය වේ. 

දකුණු කොරියාව, හොo කොං, සිංගප්පුරුව ආසියාවේ ඉතා දියුණු රටවල් බවට පත්ව ඇත්තේ නිතිය මත පාලනය ස්ථාපිතව ඇති බැවිනි. ඒ රටවල ඉතා පිරිසිදු ජනතා මිත්‍රශීලි කාර්යක්ෂම පොලිස් සේවයක් ඇත. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...