ඔහු මහා අදිකරණ විනිසුරු ඉලන්චිලිඅන්ය. යාපනයේ නල්ලුර්හි දි ඔහු ඉල්ලක්ක කර ගෙන සිදුවූ වෙඩි තැබීමෙන් ඔහුගේ ආරක්ෂාවට සිටි සිංහල පොලිස් නිලදාරියකු මරණයට පත් විය. ඔහු දැනට යාපනයේ විත්යා සිසුවිය ගාතන නඩුවේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි. හෙතෙම එම පොලිස් නිලදාරියගේ හලාවත පිහිටි නිවසට ගොස් අවසන් ගවුරවයද දැක්විය. මේ මෑත කාලයේ සැබෑ සන්හිදියාවයි.
ශ්‍රී ලංකාවේ මහා අදිකරණය මුල් අවස්ථා සහ අබියාචනා එනම් සිවිල් සහ අපරාද යන නඩු කටයුතු දෙකෙදීම අදිකරණ බලය ක්‍රියාත්මක කරන අදිකරණය වේ. එය විනිසුරුවරු 10 කට නොඅඩු සහ 40 කට නොවැඩි සන්කයවකින් සමන්විතයි.
ආණ්ඩු ක්‍රම විවස්ථාවට එනම් 19 වන සංශෝදනයට අනුව මහා අදිකරණ විනිසුරුවරයකු පත් කරනු ලබන්නේ අදිකරණ සේවා කොමිසමේ නිර්දේශය මත නීතිපති උපදෙස් වලින් පසුව ජනදිපතිවරයා විසිනි. නීතිඥ රාමනාතන් කන්නා ජනාදිපති විසින් මහා අදිකරණ විනිසුරු ලෙස පත් කිරීම දැඩි විරෝදයට හේතු වුයේ එය 19 වන සංශෝදනයට පටහැනි බව කියමිනි. ඔහුව එම තනතුරට පත් කලේ නීතිඥයකු ලෙස කටයුතු කරමින් සිටියදීය.
මහා අදිකරණ විනිසුරුවරකු ඉවත් කරනු ලබන්නේ අදිකරණ සේවා කොමිසමේ නිර්දේශය මත ජනදිපතිවරයා විසිනි. ඒ විනය විරෝදී කටයුතු සම්බන්දයෙනි.
මහා අදිකරණ විනිසුරුවරයකුගේ විශ්‍රාම වයස අවුරුදු 61 කි.
මහා අදිකරණයට අපරාද අදිකරණ බලය මෙන්ම වාණිජ අදිකරණ බලය ඇත. වාණිජ අදිකරණ බලය වාණිජ මහා අදිකරණය විසින් ක්‍රියාත්මක කරයි. මහා අදිකරණය එක් විනිසුරුවරයෙක් හෝ ජූරියක් යටතේ හෝ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් නඩු විබාග කරයි. වාණිජ මහා අදිකරණය රුපියල් මිලියන 05 ට වැඩි වාණිජ ගනුදෙනු සම්බන්දයෙන් කටයුතු කරනු ලැබේ.
No comments:
Post a Comment