Sunday, July 9, 2017

නිතිය සැමට (Law for All) ;- අත්අඩංගුවට ගැනීම, රදවා තැබීම සහ ඇප. (Arrest, Detention & Bail)


යම් වරදක් කල බවට සාදාරන ලෙස සැක කල හැකි අවස්ථාවක එම තැනැත්තාව අත්අඩංගුවට ගැනීමට හැකි වේ. තුවාලයක් සිදු කරන අයකු, මිනීමැරුමක් සිදු කරන අයකු, ස්තිරි දුෂණයක් සිදු කරන අයකු, ළමා අපචාරයක් සිදු කරන අයකු සහ නීති විරෝදී රැස්වීමක් පවත්වන අයකුව සාමාන්‍ය පුරවැසියකුට අත්අඩංගුවට ගත හැක.

යම් තැනැත්තකුව අත්අඩංගුවට ගන්නා විට එම තැනැත්තාට අත්අඩංගුවට ගැනීමේ හේතුව එම අවස්ථාවේදීම අදාල නිලදාරියා විසින් දැනුම් දිය යුතුය. යම් තැනැත්තකු අත්අඩංගුවට ගැනීමේදී නීතියෙන් නියම කර ඇති කාර්යපටිපාටිය අනුගමනය කල යුතුය. (අපරාද නඩු විදාන සංග්‍රහය)

1978 ආණ්ඩු ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 13(2) විවස්ථාවට අනුව අත්අඩංගුවට ගත් තැනැත්තෙකු ආසන්නම නිසි අදිකරණයේ විනිශ්‍යකරවරයා වෙත නීතියෙන් නියම කර ඇති කාර්යපටිපාටිය අනුව ඉදිරිපත් කල යුතුය. යම් සැකකරුවකු වැඩි දුරටත් අත්අඩංගුවේ තබා ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා අදිකරණ නියෝගයක් ලබා ගැනීම අනිවාර්ය වේ. එහිම 13 (3) (1)විවස්ථාවට අනුව යම් වරදක් සිදු කල බවට චෝදනාවට ලක්ව ඇති තැනැත්තෙකුට සාදාරන නඩු විබාගයක් සදහා හිමිකම් තිබිය යුතුය. එහි 13 (3) (2) එම නඩු විබාගයේදී පුද්ගලිකවම හෝ නීතිඥයෙකු මාර්ගයෙන් කරුණු කියාපෑමට හිමිකම ඇත.

එහි 13 (4) විවස්ථාව අනුව නිතියෙන් නියම කරනු ලබන කාර්යපටිපාටිය අනුව නිසි අදිකරණයක් මගින් කරනු ලබන ආඥාවක් අනුව මිස කිසිම තැනැත්තෙකු මරණිය දණ්ඩනයට යටත් කිරීම හෝ බන්දනාගාර ගත කිරීම නොකළ යුතුය. විමර්ශනයක් පවත්වන තෙක් හෝ නඩු විබාගයක් පවත්වන තෙක් යම් තැනැත්තෙකු සිරබාරයට ගැනීම, අත්අඩංගුවේ රදවා තබා ගැනීම හෝ අන්‍යාකාරයකින් ඒ තැනැත්තාගේ පවුද්ගලික නිදහස අහිමි කිරීම දඩුවමක් නොවේ.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නිතිය අනුව යම් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවේ තබා ගත හැකි උපරිම කාලය පැය 24 කි. 

එහෙත් ඇතැම් විශේෂ තත්වයන්ට මුහුණදීම සදහා ඇති කරන ලද විශේෂ නීති මගින් යම් යම් වැරදි පිළිබද අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට අදාලව ක්‍රියාත්මක වන නීති ප්‍රතිපාදන හදුන්වා දි ඇත. ළමා අපචාර පිළිබද වැරදි වලට අදාලව අත්අඩංගුවට ගන්නා සැකකරුවෙකු උපරිම වශයෙන් පැය 72 ක කාලයක් පොලිස් අත්අඩංගුවේ තබා ගත හැක. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාර අත්අඩංගුවට ගන්නා අයකු රැදවුම් නියෝග මත අනුමත කල ස්ථානයක අසීමිත කාලයක් රදවා ගත හැක. ඇතැම් හදිසි නීති රෙගුලාසි යටතේ අත්ඩංගුවට ගත් සැකකරුවන් රැදවුම් නියෝග මත අනුමත කරන ලද ස්ථාන වල අසීමිත කාලයක් රදවා තැබිය හැක. ***දැන් හදිසි නිතිය ක්‍රියාත්මක නොවේ.

යම් කරුණක් පිලිබදව අත් අඩංගුවට පත්වන අයෙකු අත්අඩංගුවේ සිටීම ආකාර  2 කින් අවසන් විය හැකිය. එනම් අත්අඩංගුවට ගත් තැනැත්තෙකු පිලිබදව පොලිසිය විසින් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව එම තැනැත්තාට එරෙහිව අපරාද චෝදනාවක් ඉදිරිපත් කිරීමට තරම් කරුණු හෙළිදරවු නොවන විට කොන්දේසි රහිතව අත්අඩංගුවෙන් මුදා හැරිම සහ ඇප පිට මුදාහැරිම වේ.

ශ්‍රී ලංකාවේ ඇප පිළිබද නිතිය මුලිකව 1997 අංක 30 දරන ඇප පනතෙහි දක්වා ඇත. ඊට අමතරව වෙනත් විශේෂ නිතින්හි එම කරුණු වලට අදාල ඇප නීති ප්‍රතිපාදන දක්වා ඇත. 1997 අංක 30 දරන ඇප පනතේ සදහන් වන්නේ ඇපදීම රීතිය වශයෙන් සැලකිය යුතුයි ඇප දීම ප්‍රතික්ෂේප කිරීම වියතිරේකය ලෙස සැලකිය යුතුයි යනුවෙනි. මෙම මාර්ගෝපදේශ ප්‍රතිපත්තියට පදනම්ව ඇති ප්‍රදනතම මුලික අයිතිවාසිකම වන්නේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 13(5) විවස්ථාවේ දැක්වෙන නිර්දොශිබවයේ පුර්ව නිගමනයයි.

සාමාන්යෙන් පුද්ගලයෙකු ඇප මත මුදා හරිම සිදුකරනු ලබන්නේ අදාල ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයා විසිනි. එහෙත් සුළු අපරාද වලදී යම් සැකකරුවකු පොලිස් ඇප මත මුදාහැරීමට අදාල පොලිසියේ ස්ථානබාර නිලදාරියට බලය ඇත. ඇප තැබීමේ ක්‍රමයන් පහත පරිදිය. එනම් සහතික ඇප තැබීම (ඉඩම් ඔප්පුවක් ඇපයට තැබීම ), මුදල් ඇප සහ ශරිරි ඇප / පුද්ගලික ඇප ලෙසය.

ඇතැම් වැරදි පිළිබද ඇප ලබාදිය හැක්කේ මහාදිකරණයක් විසින් පමණකි. මහදිකරණයක් විසින් පමණක් ඇප ලබාදිය හැකි වැරදි වන්නේ මිනීමැරීම, රාජ්‍ය ද්‍රෝහීත්වය පිළිබද වැරදි සුයන්ක්රිය ගිනිඅවි ලග තබා ගැනීමේ වැරදි හෙරොයින් ග්‍රාම් 2 කට වැඩිය ලග තබා ගැනීමේ වරද යන්නයි. තවද ඇප පනතේ 13 වන වගන්තිය අනුව මරණිය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබිය හැකි වරදක් පිලිබදව සැක කර අත්අඩංගුවට ගත් අයෙකුට ඇප නියම කල හැක්කේ මහදිකරණයක් විසින් පමණකි. 

1966 අංක 18 දරන පීඩාකාරී ආයුද පනත යටතේ අත්අඩංගුවට ගත් තැනැත්තන් පිලිබදව ඇප ලබා ගත හැක්කේ අබියචනදිකරණයෙන් පමණි. අපරාද නඩු විදාන සංග්‍රහයේ 404 වන වගන්තිය අනුව වෙනත් නීති වල කුමක් සදහන් වුවද අත්අඩංගුවේ සිටින යම් තැනැත්තෙකුට ඇප පිට මුදා හැරීමට අබියාචනදිකරණයට සුවිශේෂී බලයක් ඇත. 

ඇතැම් වැරදි පිළිබද සැකකර අත් අඩංගුවට ගත් තැනැත්තන් ඇප නොමැතිව නඩු විබාගය අවසන් වන තෙක්ම රිමාන්ඩ් බාරයේ තබා ගත යුතු බවට නීතියේ සදහන් කර ඇත. උදාහරණ ලෙස ආගමන විගමන පනත යටතේ වැරදි, පුරා විද්‍යා පනත යටතේ වැරදි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වූ වැරදි, පොදු දේපල පනත යටතේ වැරදි ආදී ලෙස වේ. 

අපේක්ෂිත ඇප යනු කුමක්ද? යම් පුද්ගලයකුට එරෙහිව අපරාද පරීක්ෂණයක් පැවැත්වෙන විට සහ එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් මතුවී ඇති විට කල්තබා මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් වී තමන්ට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටිය හැක. 

සි. එෆ්. පි. එස් නිබන්දන ඇසුරිනි.




No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...