Wednesday, June 14, 2017

නිතිය සැමට (Law for All) ;- කුල වැද්දිම (Adoption)

අතීතයේ කුල වැද්දිම තිබිණි. එනම් වරිග සබාව සාකච්චා කොට වෙනත් කුලයක කෙනෙක් තවත් කුලයකට බාර දීමයි. මෙය වර්තමානයේ හැදින්වෙන්නේ දරුකමට හදා ගැනීම ලෙසයි. 

ඒ පිළිබද නිත්‍යානුකුල කටයුතු කිරීමට වරම ඇති අදිකරණය දිසා අදිකරණයයි. මේ පිළබදව අඥා පනතක් ද තිබේ. මෙම නීති හදුන්වා දෙනු ලැබුවේ ඉංග්‍රීසින් විසිනි. මෙහි ඉතා දැඩි නීති රීති ඇත.  මෙයට අදාල වන්නේ 1941 අංක 24 දරන දරුකමට හදා ගැනීමේ අඥා පනත සහ 1992 අංක 15 දරන දරුකමට හදා ගැනීමේ පනතයි. 

එනම් දරුකමට හදා ගැනීමට දරුවකු ඉල්ලා සිටින පුද්ගලයා අවුරුදු 25 ට වැඩිවිය යුතුය. දරුවා සහ හදා ගන්නා පුද්ගලයා අතර වයස් පරතරය අවුරුදු 21 විය යුතුව තිබේ. දරුකමට හදා ගන්නා ළමයා අවුරුදු 14 ට අඩු විය යුතුය. දරුකමට හදා ගන්නේ වයස අවුරුදු 10 ට වැඩි ළමයෙකු නම් ඒ ළමයාගේ කැමැත්ත තිබිය යුතුව ඇත. තවද අදිකරණය සෑහීමට පත් වන්නේ නම් මිස පිරිමි ඉල්ලුම්කරුවකුට ගැහැණු දරුවකු දරු කමට හදා ගත නොහැක. 

මෙම පනතට අනුව විදේශිකයින් දරුකමට හදා ගැනීම සම්බන්දයෙන් දැඩි සීමාවන් පනවා ඇත. දරුකමට හදා ගත් දරුවකුට නඩත්තු හිමිවේ. එනම් ඒ 1999 අංක 37 දරන නඩත්තු පනතට අනුවයි. මේ සම්බන්දයෙන් කටයුතු කරන අදිකරණය මහේස්ත්‍රාත් අදිකරණයයි. 


2 comments:

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...