මේ අංක 244/2010 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු වැල්මිල්ල හන්දියේ පදිංචි චමින්ද සම්පත් කුමාරය. වගයුත්තරකරුවන් වුයේ බණ්ඩාරගම පොලිසියේ නිලදාරීන් පානදුර සහකාර පොලිස් අදිකාරී පොලිස්පති සහ නිතිපතිය. මෙය ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන ඉවා වනසුන්දර උපාලි අබේරත්න එච් එන් ජි පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. තීන්දුව දුන්නේ 2017.05.30 දිනය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ එමිසා ටිගොල් සමග නීතිඥ ශාලොමි ඩැනියල් යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ජගත් අබේනායක රජයේ ජෙෂ්ට නීතිඥ මාදව තෙන්නකෝන් යන අයද පෙනී සිටියහ.
මෙම පෙත්සම ශේෂ්ට්‍රදිකරණයේ ගොනු කලේ 2010.03.30 දිනය. එවිට චමින්ද සම්පත් 31 හැවිරිදි කම්කරුවෙකි. ඔහුව බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ගෙවල් බිද රත්රන් බඩු සොරා ගැනීමක් සම්බන්දයෙනි. ඔහුව රැදවුම් නියෝගයක් ඇති බව පවසමින් බණ්ඩාරගම පොලිසියේ දින 07ක් රදවාගෙන සිටින ලදී. ඔහුට පහර දුන් අතර කොච්චි මිරිස් කන්නට බල කර ඔහුගේ ඇස්වලට නාසයට කොච්චි මිරිස්වක් කරනු ලැබිණි. මෙසේ කලේ ඔහුව සම්පුර්ණයෙන් නිරුවත් කොටය. ඔහුට හෝස්මෙ පයිප්පයකින්සේ පහර දෙනු ලැබිණි. අත් දෙක සහ කකුල් දෙක ගැට ගසා මෝල් ගසක එල්ලා තබනු ලැබිණි. කලේ රත්රන් බඩු සොරකමක් ගැන ප්‍රශ්න කරමිනි. පෙත්සම්කරු එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
ඔහු මානව හිමිකම් කොමිසමට කල පැමිණිල්ල සහ ඥාතීන් ඉදිරිපත් කල දිවුරුම් ප්‍රකාශ මෙහිදී වැදගත් වුනි. එම දිවුරුම් ප්‍රකාශ සැකෙවින් සිද්දිය ඉදිරිපත් කරනු ලැබිණි. අදිකරණය ප්‍රකාශ කලේ වදහිංසා පමිනවිමකදී ශාරීරික වදහිංසාව පමණක් නොව මානසික වදහිංසා පැමිණවීමද සලකා බැලිය යුතු බවය. මෙහිදී තීරණය වූ තවත් කරුණක් වුයේ පොලිස් ස්ථානදිපති පොලිසිය තුල බැරක්කද ඇතුළුව සිදුවන සියලු දේට සහ තමා යටතේ සිටින සියලු පොලිස් නිලදාරීන්ගේ ක්‍රියා වලට වගකිව යුතු බවය.
අදිකරණය පෙත්සම්කරුට වදහිංසා පැමිණවූ බව තීරණය කරන ලදී. තවද 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11, 13 (1) සහ 13 (2) වගන්ති වලින් දැක්වෙන මුලික අයිතිවාසිකම් කඩ වූ බව තීරණය කෙරිණි. ඒ අනුව පෙත්සම්කරු චමින්ද සම්පත්ට හිමි වූ මුළු වන්දිය රුපියල් මිලියනයකි. එයින් බාගයක් සහ නඩු ගාස්තු ගෙවීමට රජයට නියෝග කෙරිණි.
මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.
No comments:
Post a Comment