Tuesday, June 6, 2017

නිතිය සැමට (Law for All) ;- බොරු රොබරියක් ගැන ලිකිත පැමිණිල්ලක්. (How to write a written complaint?)


ඔහුට වූ අසාදාරණයට වගකිවයුත්තේ අගුරුවාතොට පොලිසියයි. මෙහිදි ඔහුට විරුද්දව පැමිණිල්ලක් ඉදිරිපත් විය. පැමිණිලිකරු පැමිණිල්ලේ සදහන් කලේ තමන්ගේ මුදල් රුපියල් 14100/=ක් මංකොල්ල කැ බවයි. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහුව කුඩුවට ද දැමිණි. පසුදා පැමිණිලිකරු පොලිසියට සදහන් කලේ අදාල මුදල් ගෙදර තිබු බවයි. වින්දිතයා නිදහස් කෙරිණි. ඒ පොලිස් ඇපයක් මතය.

මෙහිදී පොලිසිය කිසිදු නීතිවිරෝදී ක්‍රියාවක් කලේ නැත. පොලිසිය වින්දිතයාට අත්අඩංගුවට ගැනීමේ හේතුව සදහන් කළේය. අත්අඩංගුවේ තබා ගත්තේ පැය 24 ටත් අඩු කාලයකි. ගැහුවේ හෝ බැන්නේ නැත.

ඔහු නිදහස් වී පැමිණීමෙන් පසු ලිකිත පැමිණිල්ලක් කළේය. ඒ පොලිස් ස්ථානාදිපතිට සහ  පිටපත පොලිස්පතිවරයා වෙතය. ඒ පැමිණිලිකරුගේ බොරු පැමිණිල්ලට විරුද්දව නිතියානුකුල පියවර ගන්නා ලෙස සහ තමන්ට විරුද්දව දමා ඇති පැමිණිල්ලේ පිටපත් ඉල්ලා සිටිමිනි.

ලිකිත පැමිණිල්ලක් යැවීමට පොලිසියට යායුතු නැත. එය අදාල පොලිස් ස්ථානයට යවන්නේ ලියාපදිංචි තැපැල් මගිනි. එය පොලිසියට ලැබුණු පසු අනිවාර්යෙන් පොලිස් පොතේ ඇලවිය යුතුය.

මෙවන් පැමිණිල්ලක් සකස් කරන්නේ කෙසේද? 

මෙය ලිවීමේදී කොලයක එක පැත්තක් පමණක් යොදා ගනී. එහි උඩ දකුණු පැත්තේ යවන්නාගේ ලිපිනයද වම් පස උඩ පැත්තේ ලබන්නාගේ ලිපිනයද සදහන් කරනු ලැබේ. මාතෘකාව ලිකිත පැමිණිල්ල හෝ සිද්දියට අදාල ගැලපෙන මාතෘකාවකි. ඉන්පසු නම වයස ලිපිනය විවාහක අවිවාහක බව දරුවන් ගණන ජාතික හැදුනුම්පත් අංකය සහ දුරකථන අංකයයි. ඉන්පසුව සිද්දිය සරලව නිවැරදිව ලියනු ලැබේ. මෙය ලියන විට ඉහලයින්ට ගරු, උතුමා යන පද නොදිය යුතුය. අවසානයේ ඉල්ලීම සදහන් කල යුතුව තිබේ. ඉන්පසුව පැමිණිල්ල අවසාන කරන ස්ථානයේ අදාල වින්දිතයා අත්සන් කල යුතුව ඇත.

පොලිසියට ය නොහැකි අවස්ථාවක ලිකිත පැමිණිල්ල ඊට හොද විකල්පයක් වේ.


No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...