Tuesday, June 27, 2017

ජනතා අදිකරණය (92) ;- ප්‍රථම වරට සිවිල් වැසියා වන්දි ගෙවූ නඩුව.


මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 121/2011 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු කොලබ 05 පදිංචි ජයනෙත්ති කොරලලගේ රජිත ප්‍රසන්න ජයනේත්තිය. වගයුත්තරකරුවන් වුයේ මතුගම පොලිසියේ නිලදාරීන් පොලිස්පති නීතිපති සහ පින්නවලගේ චන්ද්‍රසේන නමැති සිවිල් වැසියෙකි. මෙම නඩුව ශේෂ්ට්‍රදිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් එනම් අගවිනිසුරු ප්රියසත් ඩෙප් උපාලි අබේරත්න අනිල් ගුණරත්න යන විනිසුරුවරු හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්දන සමග නීතිඥ චාමර නානායක්කාරවසම් යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ මාදව තෙන්නකෝන් යන අයද පෙනී සිටියහ.  සිවිල් පුරවැසියා නොපැමිණි අතර ඔහු සම්බන්දයෙන් නයිතික නියෝජනයක් සිදුවූයේද නැත. තීන්දුව දුන්නේ 2017.06.06 වැනිදාය.

පෙත්සම්කරු වියාපරිකයෙකි. ඔහු කියා සිටියේ තමාගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ වගන්ති 12(1) සහ 13 (1) වගන්තින් වලින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බවයි. පෙත්සම්කරුගේ පාර්ශවය කියා සිටියේ තමාගේ මුලික අයිතීන් කඩ කිරීමට පොලිසිය උසි ගැන්වුයේ 06 වන වගයුත්තරකරු එනම් සිවිල් වැසියා බවයි. එනම්පොලිසිය සිවිල් වැසියා සමග එක්ව තම මුලික අයිතීන් කඩ කල බවයි. 

මේ සියල්ලට හේතුවුයේ පෙත්සම්කරු සහ සිවිල් වැසියා අතර රබර් ගනුදෙනුවක් පිළිබද චෙක් ප්‍රශ්නයකි. මේ ගැන පොලිසිය පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන වියාජ නඩු පැවරිය. ඔහුව රක්ෂිත බන්දනාගාර ගත කෙරිණි. ඔහු ඇප මත නිදහස් විය. පොලිසිය මෙසේ මැදිහත් වුයේ සිවිල් ප්‍රශ්නයකටය. 

ශේෂ්ට්‍රදිකරණය පැහැදිලිව ප්‍රකාශ කලේ මෙය සිවිල් ප්‍රශ්නයක් බවයි. ඒ අනුව පෙත්සම්කරුව අත්අඩංගුවට ගැනීමට නයිතික පදනමක් නැත. තවද පොලිසියේ ක්‍රියා වලට රජය වගකිව යුතුය. ශේෂ්ට්‍රදිකරණය තීරණය කලේ පෙත්සම්කරුගේ මුලික අයිතීන් කඩ වූ බවයි.

1, 2 සහ 4 වන වගයුත්තරකරුවන්ට රුපියල් 25,000 බැගින්ද 06 වන වගයුත්තරකරු එනම් සිවිල් පුරවැසියාට රුපියල් 75,000 ක්ද පෙත්සම්කරුට වන්දි ලෙස ගෙවිය යුතු විය.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...