Tuesday, May 30, 2017

නිතිය සැමට (Law for All);- ගෘහස්ත ප්‍රචණ්ඩත්වය. (Domestic Violence)


මේ 2005 අංක 34 දරන ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත වේ. 

ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුකිරීමෙන් හෝ සිදු කිරීමට ඉඩ ඇති අවස්ථාවක පිඩාවට පත් තැනැත්තාට මහේස්ත්‍රාත් අදිකරණයේ පිහිට පැතිය හැක. මහේස්ත්‍රාත්වරයාට ආරක්ෂක ආඥාවක් නිකුත් කිරීමේ හැකියාව ඇත. 

මෙම ඉල්ලීම ඉදිරිපත් කල හැක්කේ පිඩාවට පත් තැනැත්තාට හෝ පිඩාවට පත් තැනැත්තා ළමයකු වන විට දෙමාපියන්ගෙන් එක් අයෙකුට හෝ බාරකරුවකුට හෝ ළමයා පදිංචි ස්ථානයේ පදිංචිකරුවකුට හෝ ළමා ආරක්ෂක අදිකාරියට හෝ පොලිස් නිලදාරියකුට වේ. 

මෙහිදී අදාළ මහේස්ත්‍රාත් අදිකරණය වන්නේ පිඩාවට පත් තැනැත්තා ස්ථිරව හෝ තාවකාලිකව පදිංචි ස්ථානයේ ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියාව සිදුවූ සිදුවන සිදුවීමට ඉඩ ඇති ප්‍රදේශයේ බලය ඇති අදිකරණයයි.

ආරක්ෂක ආඥාවක් සදහා කරන ඉල්ලීම දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කල යුතුය. මහේස්ත්‍රාත්වරයාට ඉල්ලීම පිළිබද විබාගය අවසන් වන තුරු අතුරු ආඥාවක් නිකුත් කල හැක.

අතුරු ආඥාවක් නිකුත් කර ඇති අවස්ථාවක පාර්ශවයන්ගේ යහපත සදහා ඔවුන්ව උපදේශනයට යොමු කිරීමට මහේස්ත්රත්වරයාට කල හැකිව තිබේ. ඒ පිළිබද නියමය සමාජ සේවකයකුට හෝ පවුල් උපදේශකයකුට කරනු ලැබේ.

පිඩාවට පත් තැනැත්තාට ආරක්ෂාව අවශ්‍ය විට ආඥාව නියාමනය කල යුතුව ඇත. එය සමාජ සේවකයකුට හෝ පවුල් උපදේශකවරයකුට හෝ පරිවාස නිලදරයකුට හෝ පවුල් සවුක්ය සේවකයකුට හෝ ළමා අයිතිවාසිකම් ප්‍රවර්දන නිලදරයකුට අදිකරණය විසින් නියම කරනු ලැබේ.

ආරක්ෂක ආඥාවක් මාස 12 කට නොවැඩි කාලයක් බලාත්මකව තිබිය යුතුය. අදිකරණය විසින් අතුරු ආඥාවක් හෝ ආරක්ෂක ආඥාවක් නිකුත් කර ඇති විට වගයුත්තරකරුට එරෙහිව සීමාවන් රැසක් පනවා ඇත. එනම් පිඩාවට පත් අයගේ වාසස්ථානයට ඇතුළු වීම වැළැක්වීම, ඔහු හෝ ඇය පිටුපස යාම වැළැක්වීම පිඩාවට පත් අය ඇසුරු කරන අයට හානි පැමිණවීම වැළැක්වීම සහ පිඩාවට පත් තැනැත්තා සමග සම්බන්දතා ඇති කර ගැනීම වැළැක්වීම යන දේවල් ඒ අතර වේ.

මෙම මහේස්ත්‍රාත් අදිකරණයේ අතුරු ආඥාවකට හෝ ආරක්ෂක ආඥාවකට එකගව කටයුතු නොකරන වගයුත්තරකරුවකුට එරෙහිව දඩයක් හෝ සිරදඩුවමක් හෝ දඩය සහ සිරදඩුවම යන දෙකම නියම කිරීමේ හැකියාව තිබේ. දඩය රුපියල් දස දහසකට නොවැඩි සහ සිරදඩුවම වසරකට නොවැඩි විය යුතුය. 


1 comment:

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...