Thursday, May 18, 2017

නිතිය සැමට (Law for All ) ;- නීති වුර්තියේ ආචාර දර්ම. (Ethics for Lawyers)



අදිකරණ සංවිදාන පනතේ 40 වන වගන්තිය අනුව නීතිඥවරයෙක් ලෙස වුර්තියට බදවා ගනු ලබන්නේ යහපත් කීර්තියක්, මනා දැනීමක් හා දක්ෂතාවයක් ඇති අයයි. මේ මනා පැවැත්ම නම් මුලික පදනම මතද වැටෙන ඉහත යම් ක්‍රියාවක් කලවිට ඔහු වුර්තියේ යෙදීම සමාජයේ යහපත තකා තහනම් කල හැකිය.

"සිංගප්පුරු නඩුවකදී නිතිඥයෙකුට ඔහුගේ යහළුවෙක් විසින් ගැහැණු යට ඇදුම් වලට හොද ඉල්ලීමක් පවතින බවට කල පෙලබවිම නිසා ඔහු සාම්පලයන් කිහිපයක් ගෙන ඒවා පරික්ෂා කිරීමට තම කාමරයට පැමිණෙන ලෙස පුවත්පතක දැන්වීමක් පල කළේය. ඔහුගේ නීතිඥ සේවය තහනම් කරන ලදී. හේතුව වුර්තියට නොගැලපෙන ලෙස කටයුතු කිරීමය."

"එංගලන්තයේ සොලිසිටර්වරයකු දැන දැනම ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමට තම නිවස කුලියට දීම නිසා නීතිඥ නාම ලේකනයෙන් නම කපා දමන ලදී. "

නීතිඥවරුන්ට වුර්තිය ආචාර දර්ම තිබේ. ආචාර දර්ම යනු යම් ක්ෂේත්‍රයක මනා ක්‍රියාවක් තීරණය කරන මනා පැවැත්මක් පිළිබද ප්‍රමිති මට්ටම් රාශියකි. 

නීතිඥවරයකු යම් නඩුවක් බාර ගත් විට සේවාදායකයාගේ උපරිම සුබ සිද්දිය තකා නිසි උද්යෝගයෙන් සහ මනා සැලකිල්ලෙන් කටයුතු කල යුතුව තිබේ. 

නීතිඥවරු ගැන වගකීම ඇත්තේ කාටද?

ආණ්ඩු ක්‍රම විවස්ථාවේ දැක්වෙන පරිදි අග්රවිනිශ්‍යකාර තුමා සහ තවත් ශේෂ්ට්‍රදිකරන විනිසුරන් තිදෙනෙකුට නීතිඥයින් බදවා ගැනීම, අත්හිටුවීම, ඉවත් කිරීම, පාලනය, ඇදුම් පැළදුම් පිළිබද රීති සැදීමට හැකිය.

තවද නීතිඥවරුන්ට තරවුකිරිම සහ අසාදාරන ප්‍රචාරණය තහනම් වේ.


No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...