Wednesday, November 9, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- ළදරු නියගය ( Baby Drought)



''මා සේවය කරන ස්ථානයට ඉදිරිපසින් ඇත්තේ පාසලකි. ඒ නිසා උදැසන මට පාසල් ළමුන් මුණ ගැසේ නමුත් අන් කිසිදු ස්ථානයක මා වැඩි පුර ළමුන් දැක්කේ නැත. එක සාප්පුවක ළමා කොටසේ පමණක් මා ළමුන් සහ ළදරුවන් දුටුවෙමි. මේ තත්වය තුල මා සිහිනෙන්වත් නොසිතු දෙයක් විය. එනම් දකුණු කොරියාවේ ළමා නියගයක් ඇති බවයි''

දකුණු කොරියානු ජනගහනයෙන් 27% ක් එක් පුද්ගලයෙක් සිටින පවුල් වේ. එහි වැඩිහිටි ජනගහනය වැඩිය. අවිවාහක පිරිස වැඩිය. බාල පරපුර අඩුය.

 1948 ජනරජය පිහිටුවීමෙන් අනතුරුව ජනගහනය වැඩි විය. නමුත් ආර්ථිකය වර්දනය වීමේ බලපෑමත් සමග එය අඩු වුනි. නිල සංගණනය අනුව 1949 ජනගහනය 20188641 කි. 1985 සංගනනය අනුව එය 40,466,577කි. 

''මගුල් ගෙවල් අඩුවන විට ළදරු නියගය වැඩි වෙමින් පවතී. දකුණු කොරියාවේ 2000 වසරින් පසුව අඩුම දරු උපත් ගණන මේ වසරේදී වාර්තා විය. මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා උපත ලද ළදරුවන් ගණන 283100 කි. එය ගිය වසරට වඩා 16,800 ක අඩුවීමකි. 

වසර 2000 න් පසුව අඩුම මගුල් ගෙවල් ගනනද මේ වසරේදී වාර්තා වුනි. එය 188200කි. මේ වසරේ එය 2015 ට වඩා අඩුවේ එනම් වාර්තා වූ මගුල් ගෙවල් ගණන 302828ට අඩුය. විශේෂඥයින්ට අනුව මේ වසරේ එම සන්කයාව 300,000ට ලගා නොවනු ඇත. 2005 දී මෙම අඩු ළදරු උපත් ගැටලුව විසදීමට ආණ්ඩුව ආයෝජනය කල මුදල වොන් ත්රිලියන 80 කි එනම් එකසත් ජනපද ඩොලර් බිලියන 70 කි. ''

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීම සදහා පහත සබැදියාව වෙත යොමු වන්න.

Monday, November 7, 2016

ජනතා අදිකරණය (86);- දොන් සිරිපාලගේ නඩුව.




මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 213/2001 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු සමරක්කොඩි ආරච්චිගේ දොන් සිරිපාලය. වගයුත්තරකරුවන් වුයේ උප පොලිස් පරීක්ෂක නන්දන විජේසිංහ සහ මතුගම පොලිසියේ තවත් අයයි. මෙය විනිසුරු ප්‍රනාන්දු විනිසුරු ගුණසේකර විනිසුරු ද සිල්වා යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. 

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කේ තිරාණගම සමග නීතිඥ එම් ජේ ඒ හසාන් සහ නීතිඥ එස් කස්තුරිආරච්චි යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන්නීතිඥ සාලිය පිරිස් සහ රජයේ නීතිඥ ආර් හම්සා යන අය පෙනී සිටියහ. 

නඩු තින්දුව ද සිල්වා විනිසුරු ලියු අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය. තීන්දුව ලබා දුන්නේ 2002.05.31 වැනිදාය.

පෙත්සම්කරු 55 හැවිරිදිය. සිවු දරු පියෙකි. මෙම සිද්දියට මාස තුන හතරකට පෙර ඔහු නීතිවිරෝදී  මත්පැන් වියාපාරයට සමු දුන්නේය. සිද්දිය වූ දිනයේ පොලිසිය ඔහු අල්ලා ගත්තේ සුළු දිය පහකිරීමට යාබද කැලෑවකට ගිය අවස්ථාවේදීය. ඔහුව පොලිසියේ බැරැක්ක වෙත ගොස් පහර දුන්නේය. කැලේදී පහර දෙන විට ඔහු පොලිස් නිලදරියගේ අත සපා කෑවේය.  ඔහුගේ අත් දෙකේම අස්ථි බිදී තිබිණි. ඔහු වැත්තව රෝහලින් සහ කොලබ ජාතික රෝහලින් ප්‍රතිකාර ගනු ලැබිණි. ඔහුගේ තුවාල වයිද්‍ය වාර්තා මගින් ඔප්පු විය.

පොලිසිය කිවේ පෙත්සම්කරු පළමු වගයුත්තරකාර පොලිස් නිලදරියට පහර දුන් බවයි. තවද එම නිලදාරියා වත්තව රෝහලින් සහ පොලිස් රෝහලින් ප්‍රතිකාර ගත් බවයි. ශේෂ්ට්‍රදිකරණය පෙත්සම්කරුට සිදුවූ සියලු තුවාල අත්අඩංගුවෙන් මිදීමට තත් කිරීමේදී සිදුවූ බව පිළිගත්තේ නැත. එනම් මේ සියල්ල පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණීමේදී සිදුවූ බව පිළිගැනිණි. 

මේ සියලු කරුණු සැලකිල්ලට ගත් ශේෂ්ට්‍රදිකරණය පෙත්සම්කරුගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11 සහ 13(2) වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම්  රජයේ නිලදාරීන් උල්ලංගනය කර ඇති බව තීරණය කළේය. 

නීතියට වගකිවයුත්තා රජයයි. දුප්පත් පොහොසත් බේදයකින් තොරව සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව පිණිස නිතිය පවතී. ඒ අනුව රජය අදාල යාන්ත්‍රනය ක්‍රියාත්මක කල යුතුය. ඒ දුප්පත් පෝසත් බේදයකින් තොරවය.

ඒ අනුව රජය වන්දි ලෙස රුපියල් 50,000 ක මුදලක් පෙත්සම්කරුට ගෙවිය යුතු විය. තව රුපියල් 5000ක් රජය මෙම පෙත්සම වෙනුවෙන් පෙත්සම්කරුට ගෙවිය යුතු විය. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.janasansadaya.org/page.php?id=220&lang=en

www.jansansadaya.org

0773201270
0382231419

කොරියානු දිනපොත (Korean Diary) ;- ජනපති පාක් සහ අපේ අගමැති (President Park & Our Prime Minister)




දකුණු කොරියාවේ ජනපති පාක් ට එරෙහි ජන බලය වැඩි වෙමින් පවතියි. ඒ වංචනික සහ දුෂණ චෝදනා හේතුවෙනි. ඇය දෙවරක් ජාතියෙන් සමාව ඇයද සිටියාය. නමුත් ඇයට එරෙහි ජන බලය බුර බුරා නැගී සිටිති. 

ජනාදිපති පාක් ගියුන් හයි දකුණු කොරියාවේ යකඩ ගැහැණිය යන විරුදාවලිය ලැබිය. තවද ඇය දකුණු කොරියාවේ පළමු කාන්තා ජනාදිපතිනිය වේ. ඇය එහි 11 වන සහ වර්තමාන ජනාදිපතිනියයි.

අපේ රටේ අගමැතිට දුෂණ චෝදනා එල්ල වේ. ඒ මහා බැංකු බැදුම්කර සිද්දිය සම්බන්දයෙනි. මේ තත්වය මදකට වෙනස්වීමට යලි හිටපු මහා බැංකු අදිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට පැමිණීම හේතු වී තිබේ. තවද අගමැති රනිල් වික්‍රමසිංහ මාද්‍යට කියා ඇත්තේ තමන් අදාල වංචාව සම්බන්දයෙන් සිදුකරන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සුදානම් බවයි. මෙය හොද ප්‍රතිචාරයකි. නමුත් ජන බලය මිට වඩා ප්‍රබල විය යුතුව තිබේ.

ජනාදිපති මයිත්රිපාල සිරිසේන මහා බැංකු බැදුම්කර වංචාවෙන් රජයට වූ පාඩුව නැවත අය කර ගතයුතුයි කියන දැඩි ස්ථාවරයේ පසුවෙයි. මෙය අපේක්ෂා ජනිත කරවීමකි.





Sunday, November 6, 2016

කොරියානු දිනපොත (Korean Diary);- ජෙජු ගුවන් තොටුපල ගැටලුව. (Jeju Airport Problem)



ජෙජු දකුණු කොරියාවේ පිහිටි ඉතා ලස්සන දියුණු නගරයකි. ජෙජු ගුවන් තොටුපල ඉතාම කාර්යබහුලය. එහි දිනකට මගින් 70,000ක් පමණ ගැවසෙන බව වාර්තා වේ.

එහි පැමිණෙන චීන ජාතිකයින් ගුවන් තොටුපලේ කුණු දමා යයි. දැන් මෙම තත්වය ජෙජු බලදාරීන්ට ප්‍රශ්නයක් වී ඇත. මෙම සංචාරකයින්ට අපද්රවිය බැහැර කිරීමට බැග් පවා ලබා දී තිබේ. ඔවුන් වගකීම් වලින් නිදහස් බඩු ලබා ගෙන ඒවායේ ඇසුරුම් කවර ඉවත් කරයි. මෙසේ කරන්නේ ඔවුන්ගේ බඩු ගුවන් ගත කිරීම පිණිස බර සහ ප්‍රමාණය අඩු කර ගැනීමටය. ඔවුන් එම ඉවත් කරන ආවරණ එසේ ගුවන්තොටුපලේ ඔහේ දමා යාමට පුරුදුව ඇත. 

දැනට ගුවන් තොටුපල බලදාරින් ගේට්ටු පිරිසිදු කරනන් 2 සිට 3 දක්වා වැඩිකර තිබේ. එහෙත් ගැටලුවට විසදුමක් ලැබී නැත. අනාගතයේ මෙම තත්වය වලක්වා ගැනීමට ගුවන්තොටුපල බලදාරීන් අප්ද්‍රවිය දමා යන මගින් ගෙන් දඩ ගැසීමට සුදානම් වේ. 

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.



Thursday, November 3, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- කොරියන් ජාතිය (Korean Nation)


කොරියානු ජනතාවගේ ප්‍රදාන බාෂාව කොරියන් වන අතර ලිවීමේ කටයුතු වලදී හන්ගුල් ප්‍රදාන තැන ගනී. ලොව පුරා මිලියන 78 කට වැඩි ජනතාවක් කොරියන් බාෂාව කතා කරති. ප්‍රදාන වශයෙන්ම කොරියානුවන් දකුණු සහ උතුරු කොරියාවේ ජිවත් වෙති. තවද නිල වශයෙන් පිළිගත් සුළුතරයක් චීනය ජපානය රුසියාව යුස්බෙකිස්ථානය සහ පැරණි සෝවියට් සමුහාන්දුවේ අනෙක් රාජ්‍ය වල ජිවත් වෙති. 

ආසියාවේ සතර වෙනුවට විශාලම ආර්ථිකය ඇත්තේ දකුණු කොරියාවටයි. එය මෙම කරුණ සම්බන්දයෙන් ලෝකයේ 11 වන ස්ථානයට පත් වේ. එහි ආර්ථිකය මිශ්රය. දකුණු කොරියාව ඉතා දිලිදු තත්වයේ තිබී දියුණු වූ රටකි. එහි තොරතුරු සන්විදෙන තාක්ෂනය ඉතාම දියුණු තත්වයක පවතී. එහි එක් ප්‍රතිපලයකි දියුණු ජංගම දුරකථන.

කොරියානු ජනතාව ඉතා මිත්රශිලිය. අනෙකාට උදවු කිරීමට හිත සිතින් ඉදිරිපත් වේ. මා ඉන්චියන් ගුවන් තොටුපලින් එළියට පැමිණ ගුවන්ජු වෙත යාමට බසය සෙවුවෙමි. මට තොරතුරු අංශය සොයා ගැනීමට නොහැකිව පාරෙන් අනෙක් පසට ගියෙමි. එවිට කාරුණික මහතෙකු පැමිණ කරුණු විමසා ඉතා අපහසුවෙන් කොරියන් බාෂාවෙන් සන්නිවේදන කටයුතු සිදු කර මාව තොරතුරු අංශය වෙත රැගෙන යන ලදී. 

ඒ දිවා ආහාර අවස්ථාවයි. අපි සියලු දෙනා යාබද අවං හලකට ගියෙමු. මා අසුන් ගත් තැනට ඉදිරියෙන් සිටියේ අලුත් තැනැත්තියකි. මට කෑම ගන්නා අවස්ථාවේ සිරවීමක් සිදුවිය. යන්තම් කැස්ස සැදී මම එය වළක්වාගෙන නැවත කෑම ගත්තෙමි. මගේ ඉදිරිපස සිටි අමුත්තිය වීදුරුවකට වතුර ගන්නවා මම දැක්කෙමි. මා සිතුවේ ඇය බිමට වතුර ගන්නා බවයි. නමුත් ඇය එම වතුර වීදුරුව මට පිලිගන්වුවාය. මේ කොරියානු ජනතාවගේ කාරුණික බවයි. 

ජනතා අදිකරණය (85) ;- ''නෙට් බෝල් තරගයක් ''ගිය දුර නඩුව.


මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 124/95 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු හක්මන අලුත්වත්තේ පදිංචි ගම ඇතිගේ සරත් කුමාරය. වගයුත්තරකරුවන් වුයේ කඹුරුපිටිය පොලිසියේ නිලදාරීන් සහ නිතිපතිවරයාය. මේය ජි පි එස් ද සිල්වා (අග විනිසුරු) විනිසුරු රාමනතන් විනිසුරු විජේතුංග යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිමල් හපුආරච්චි වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ මනෝහර ද සිල්වා ජෙෂ්ට රජයේ නීතිඥ එස් ගම්ලත් රජයේ නීතිඥ කුමුදිනි වික්‍රමසිංහ යන අය පෙනී සිටියහ. තීන්දුව ලබා දුන්නේ 1996.10.30 වැනිදාය.

පෙත්සම්කරු පුහුල්වැල්ල මද්‍ය මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරයෙකි. ඔහු 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කල තමන්ගේ මුලික අයිතිවාසිකම් එනම් 11 සහ 13(1) වගන්තින් වගයුත්තරකරුවන් උල්ලංගනය කල බව කියා සිටි. සිද්දිය වුයේ 1995.03. 20 වැනිදාය. නාරන්දෙනිය මහා විද්‍යාලයේ නෙට් බෝල් තරගයක් සදහා පෙත්සම්කරු ඇතුළු ඔහුගේ පාසලේ සිසුන් සහ ගුරුවරු එම පාසලට ගියහ. වයස 15 න් පහල 17 න් පහල තරග පුහුල්වැල්ල පාසලේ සිසුහු ජයග්‍රහණය කළහ. ඉන්පසුව න්රන්දෙනිය පාසලේ සිසුන් කලහකාරී ලෙස හැසිරෙමින් පුහුල්වැල්ල පාසලේ සිසුන්ට පහර දෙන්නට පටන් ගත්හ. එවිට පෙත්සම්කරු ඇතුළු පිරිස තම පාසලට ඒමට තීරණය කළහ. 

ඔවුන් බස් නැවතුම් පොලට පැමිණ බසයට සිසුන් නග්වමින් සිටියදී එය අසලට පොලිස් ජීප් රථයක් පැමිණ නැවත්වුහ. එයින් බැස ගත් පොලිස් නිලදරියෙක් පෙත්සම්කරුගේ කකුල් වලට උන ලීයකින් පහර දුන්නේය. පෙත්සම්කරු තමන් පැමිණි කාරණය කිවුවද වගයුත්තරකාර පොලිස්කාරයා එය ගණන් නොගෙන ඔහුව කුඩුවට දැමු අතර එවිට නාරන්දෙණිය විදුහලේ විදුහල්පති පැමිණ එම නිලදරියගේ කනට යමක් කෙදුරු අතර ඔහුව නැවත ජීප් රථයෙන් එලියට ගෙන පා පහරක් එල්ල කළේය. මුනින් අතට බිම වැටුණු පෙත්සම්කරු යලි නැගිට සිටියේ ඉතා අසීරුවෙනි. ඔහුට නැවත ජීප් රථයට නගින ලෙස නියෝග කෙරිණි. තුවාල ලැබූ සිසුන් පිරිසක්ද අත්ඩංගුවට ගැනිණි. ඔවුන් සියලු දෙනවා කඹුරුපිටිය පොලිසියට ගෙන එන ලදහ. පොලිසියේදී පෙත්සම්කරුගේ අසනීප තත්වය බරපතල විය. ඔහුව පළමුව කඹුරුපිටිය දිස්ත්‍රික් වයිද්යවරයා වෙතත් ඉන්පසුව ගන්ගොඩගම රෝහලටත් යොමු කෙරිණි. ඔහු එම රෝහලේ මාර්තු 24 දක්වා ප්‍රතිකාර ගනු ලැබිණි. 1995.03.20 දින සවස 6.45 ට පෙත්සම්කරුව පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කෙරිණි. 

වගයුත්තරකාර පොලිස් නිලදාරියා කියා සිටියේ පුහුල්වැල්ල පාසලේ සිසුන් පෙත්සම්කරුගේ අනුමැතිය ඇතිව නාරන්දෙණිය පාසලේ සිසුන්ට පහරදුන් බවයි. එයට දිවුරුම් ප්‍රකාශද ඉදිරිපත් කෙරිණි. ඔහු කියා සිටියේ පුහුල්වැල්ල පාසලේ සිසුන් නාරන්දෙණිය පාසලේ සිසුන්ට පහර දුන් බවය. එයට නාරන්දෙණිය පාසලේ විදුහල්පතිගේ සහ සිසුන්ගේ දිවුරුම් ප්‍රකාශද ඉදිරිපත් කෙරිණි.

නමුත් පෙත්සම්කරුට පැහැදිලි වයිද්ය සාක්ෂි තිබු අතර පුහුල්වැල්ල පාසලේ සිසුන්ගේ හා ගුරුවරුන්ගේ දිවුරුම් ප්‍රකාශ බස් නැවතුම් පොලේ සිටි සුවාදින පුද්ගලයෙකුගේ දිවුරුම් ප්‍රකාශ මෙහිදී වැදගත් එමෙන්ම ප්‍රබල සාක්ෂි විය.

පෙත්සම්කරු නඩුව ජයග්‍රහණය කළේය. එනම්පළමු වගයුත්තරාකාර පොලිස් නිලදාරියා 11 වන සහ 13(1) වගන්තින් පෙත්සම්කරු සම්බන්දයෙන් උල්ලංගනය කල බව තීරණය කෙරිණි. පෙත්සම්කරුට හිමි වූ මුළු වන්දිය සහ නඩු ගාස්තුව රුපියල් 5000 කි. පළමු වගයුත්තරකරු වන්දි ලෙස රුපියල් 3000 ක්ද රජය වන්දි ලෙස රුපියල් 1250 ක්ද නඩු ගාස්තු ලෙස රුපියල් 750 ක්ද පෙත්සම්කරුට ගෙවිය යුතු විය. 

මෙම නඩුවේ පිටපතක් පොලිස්පතිට යවා වන්දි සහ ගාස්තු 1996 දෙසැම්බර් 31 ට පෙර පෙත්සම්කරුට ගෙවීමට සහතික වන්නැයි රෙජිස්ටාර්ට නියෝග කෙරිණි.  

නඩු තීන්දුව අගවිනිසුරුවරයා ලිවූ අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය පල විය. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බශාවෙන් කියවීම සදහා පහත සබදියාව වෙත යොමු වන්න. 

Wednesday, November 2, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- ජෙජු සත්‍ය කොමිසම (Jeju Truth Commission)







මෙය 2000 වසරේදී පිහිටවනු ලැබිණි. ඒ ජෙජු හි 4, 3 සිදුවීම් වල විමර්ශන සෙවීමට පිහිටවූ ජාතික කමිටුවයි. ජෙජු දුපතකි. එය දකුණු දිග කොරියාවේ පිහිටි විශාලතම දුපත වේ. 

''ජෙජු දුපතේ මෙම කණගාටු දායක සිද්දිය ඇතිවුයේ 1948 අප්‍රියෙල්සිට 1949 මැයි දක්වාය. මෙම කැරැල්ලේ ඉල්ක්ය වුයේ කොරියාවේ එක්සත් ජනපද හමුදා ආණ්ඩුව සහ පසුකාලින කොරියානු ආණ්ඩුවයි. අපරාදකරු පක් හොන් යෝඋන්ග් ය. එය ඇති වුයේ එක්සත් ජනපද හමුදා ආණ්ඩුවේ ජාතික පොලිසියේ මර්දනයට සහ දකුණු කොරියාවේ පමණක් පවත්වාගෙන ගිය මැතිවරණයට එරෙහිවය. පුද්ගලයින් 25,000 සිට 30,000 දක්වා මරා දැමිණි. එය ජෙජු දුපතේ ජනගහනයෙන් 1/5 කි.''

මෙම කොමිසම පත් කලේ 1948 සහ 1954 අතර සිදුවූ ආයුද්ද සන්නද නැගී සිටීම සහ කැරැල්ලේ සිදුවීම් සොයා බැලීමටය. එය ඉතිහාසයේ දිගම කොමිසන් සබාව වේ. 2009 දක්වා ක්‍රියාත්මක විය. සහබාගි වූ වින්දිතයින් ගණන 14028 කි. පළමු වාර්තාව 2003 දී එලි දැක්විණි. ජනාදිපති රෝ මු හයින් නිල සමාවක් ඉල්ලා සිටි අතර 2006 දී සැමරුම් උළෙලකටද සහබාගි වුනි. 

ලංකාවේ සිදුවීම් ගණනාවක් ඇති විනි. ඒ 1971 නැගී සිටීම, 88/89 නැගී සිටීම, 2009 අවසන් වූ යුද්දය ඒ අතර වේ. මේ සියලු අවස්ථා වලදී විශාල ජිවිත හා දේපල හානියක් සිදු විය. 2009 ජයග්‍රහණය කල 30 අවුරුදු යුද්දයේදී යුද අපරාද සිදුවූ බවද ප්‍රකාශ වේ. 

නමුත් මේ සියලු අවස්ථා වල සත්‍ය සොයා බැලීමක් සිදුවුයේ නැත. සිදුකල එකම දේ ඉතිහාසය යට ගැසීම පමණි. මා 1983 වැලිකඩ බන්දනාගාර සංහාරය ගැන පර්යේෂණ කටයුත්තක නිරත වීමේදී හිටපු නීතිපති වරයකුගෙන් සම්මුක සාකච්චාවක් ඉල්ලා සිටියෙමි. ඔහු පැවසුවේ තමන්ට පරණ තුවාල අලුත් කිරීමට අවශ්‍ය නොවන බවයි. මෙවන් මානසිකත්වයක් තුල සිදුවන එකම දේ ඉතිහාසය නැවත නැවත සිදුවීමයි. තවද ජාතියේ පරිහානියයි.





ජෙජු දියුණු වන්නේ ඉතිහාසය අමතක නොකිරීම නිසාය. එම දුපතේ සිදුවූ නැගී සිටීම අනුස්මරණය කිරීමට ඉතාම දියුණු කවුතුකාගාරයක් සහ ස්මාරකයක් ගොඩනගා තිබේ. 

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...