Monday, March 13, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- විදේශිකයින්ට නොමිලේ නීති සේවා.


දකුණු කොරියාවේ විදේශිකයින්ට නොමිලේ නීති සේවා සැපයීමේ කටයුත්ත පුළුල් කර ඇත. එය මාර්තු 13 සදුදා ආරම්බ විය. එය විසා තත්වය ගැන නොසලකා ක්‍රියාත්මක වේ මෙය යුක්තිය පිළිබද අමාත්‍යංශයේ තීරණයක් විය. එය 2015 දී සොල්වලින් ආරම්බ කෙරුනේ එහි වැඩිම විදේශිකයින් සංක්‍යාවක් සිටින බැවිනි. 2015 කොරියාවේ ජනගහනයෙන් 4%ක් විදේශිකයින් වන අතර එය සන්කයාත්මකව මිලියන 1.71 කි. මෙම විදේශිකයින්ට බාෂාව සහ තොරතුරු මදකම නිසා දේශීය නීති සේවා වලට යොමු විය නොහැක. මේ අලුත් සේවාව යටතේ දුරකථන අංක 1345 ඔස්සේ නීති උපදෙස් සදහා යොමු විය හැක. 

ශ්‍රී ලංකාවේද මෙවැනි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ නම් මැනවි. එය විදේශිකයින්ට පමණක්නොව දේශීය ජනගහනය ද සලකා ගෙනය. 2017 දී ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය ජාතික නීති සතියක් පැවැත්විය. එය ඔබට යුක්තිය මැයෙන් පවත්වනු ලැබිණි. පෙබරවාරි 27 සිට මාර්තු 05 දක්වා පැවති එයට නීතිඥවරුන් 1000ක් පමණ සහබාගි වුනි. 

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...