Wednesday, March 8, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- බීමතින් ප්‍රචණ්ඩ වූ ලොක්කාගේ පුතාට දඩුවම්.


ඔහු හන්වා ප්‍රදානියගේ පුතා වේ. ඔහුට බීමතින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම පිලිබදව අත්හිටවූ සිරදඩුවම් නියම වී ඇත. සියොල්හි මද්යම දිසා අදිකරණය මෙම දඩුවම පැමිණවිය. ඒ 27 හැවිරිදි කිම් දොන් සේඔන්ට එරෙහිවය. හෙතෙම හන්වා ප්‍රදානියගේ බාල පුත්‍රයා වේ. ඔහුට වසර දෙකකට අත්හිටවූ මාස 08 ක සිරදඩුවමක් පනවනු ලැබිණි. ඔහු බීමතින් මත්පැන් හලේ සේවකයෙකුට පහරදුන් අතර ප්‍රශ්න කිරීමට පොලිසියට රැගෙන යාමේදී පොලිස් රථයටද අලාබ හානි සිදුකර තිබේ. මිට අමතරව ඔහුට පැය 80 ක ප්‍රජා සේවයක් නියම කෙරිණි.

අපේ රටේ මෙවන්නක් සිදුවුවානම් කුමක් සිදුවේද? මාලක සිල්වාගේ සිට දහම් සිරිසේන දක්වා මතකය දිව යයි. ඔවුන් සියල්ල තම දේශපාලන තාත්තලාගේ බලය අතට ගත්හ. නීතියෙන් මුක්තිය හිමිවුණි. මේ තත්වය නොමැති පිවිතුරු පුතෙකුට සිටියේ මියගිය අදිල් බාකිර් මාකර් පමණි. සියල්ලට හේතුව අපේ රටේ නීතියක් නොමැති වීමයි. 

මෙම ලිපිය සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.


No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...