Friday, August 4, 2017

නිතිය සැමට (Law for All) ;- මහේස්ත්‍රාත් අදිකරණය (Magistrate Court)



මහේස්ත්‍රාත් අදිකරණය විසින් මුල් අවස්ථා අපරාද අදිකරණ බලතල ක්‍රියාත්මක කරයි. මහේස්ත්‍රාත් අදිකරණයෙන් විබාග කල හැක්කේ පහත අවශ්‍යතාවනට යටත් වරදවල් සම්බන්ද නඩු පමණි.

එනම් නියම කල හැකි උපරිම දඩුවම රුපියල් 1500 ට නොවැඩි දඩයක් වන වැරදි සහ නියම කල හැකි උපරිම දඩුවම වසර දෙකකට නොවැඩි සිර දඩුවමක් වන වැරදි වේ.

මහා අදිකරණය ඉදිරියේ විබාග කල යුතු බරපතල වැරදි සම්බන්දයෙන් ලගු නොවන නඩු විබාගයක් (non summary trial) පැවැත්වීමේ බලතලද මහේස්ත්‍රාත් අදිකරණය සතුය.

මෙයට අමතරව යම් පනතක් මගින් වරදක් සම්බන්දයෙන් නඩු විබාග කිරීමේ බලතල සහ රුපියල් 1500 ට වඩා වැඩි දඩයක් හෝ වසර 02 ට වැඩි සිර දඩුවමක් නියම කිරීම සදහා බලය පවරා ඇත්නම් අදාල පනත ප්‍රකාරව මහේස්ත්‍රාත් අදිකරණයට නඩු විබාග කල හැක.

උදා මෝටර් රථ වාහන ආඥාපනත යටතේ නඩු විබාග කිරීමට සහ වඩා බරපතල දඩුවම් පැමිණ වීමට මහේස්ත්‍රාත් අදිකරණයට බලය පවරා ඇත.

මහේස්ත්රත්වරු පත් කිරීම, ඉවත් කිරීම, විනය පාලනය කරනු ලබන්නේ අදිකරණ සේවා කොමිසම විසිනි. ඔවුන් තෝරන්නේ අදිකරණ කටයුතු වල නිරත නීතිඥවරු අතරිනි. අතිරේක මහේස්ත්‍රාත් වරුද ඇත. මහේස්ත්‍රාත් නොමැති විට නීතිඥවරු අතරින් කෙනෙකු නිල නොලත් මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන අතර ඔහු හෝ ඇය කරන්නේ දිනයක් වෙත නඩු කල් දැමීමය. 

මේ ඉතාම මෑතක මහේස්ත්‍රාත් අදිකරණයක බලතල ගැන සාකච්චා වූ අබියාචනා අදිකරණයක නඩු තීන්දුවකි. එය හැදින්වෙන්නේ විලා හවුස් නඩුව ලෙසයි. එහිදී තීරණය වුයේ මහේස්ත්‍රාත් අදිකරණයට  නිවසකින් නෙරපීමට නියෝග දිය නොහැකි බවයි. එම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.janasansadaya.org/uploads/files/C%20A%20_PHC_%20APN%20108%202013.pdf

උපුටා ගැනීම් - ශ්‍රී ලංකාවේ නිතිය හා මානව අයිතිවාසිකම් - නීතිඥ චාරුක සමරසේකර 

WWW.JANASANSADAYA.ORG

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...