Wednesday, November 22, 2017

ජනතා අදිකරණය (98) ;- නඩු පමාව නිසා සිදුවූ මානසික වදහින්සාවක් පිළිබද නඩු තීන්දුවක්. Judgment link to English version.


2010 වසරේදී මිනීමැරුමක් සිදුවිය. එය පිහි ඇනුමක් වන අතර තුවාල ලැබූ අය කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගියේය. මරා දැමුණි රුමේෂ් ප්‍රනාන්දු එවකට 20 හැවිරිදි වියේ පසු වුනි. මෙහිදී අපරාද කරුට එරෙහිව සාර්ථක නඩු පැවරීමක් සිදු කිරීමට වැඩි කාලයක් ගත වුනි. පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉතා මන්දගාමී විය. 

එහි ප්‍රතිපලය වින්දිතයාගේ පියා යුක්තිය ඉටු නොවීම පිලිබදව කලකිරි මියයාමත් ඥාතීන් ආතතිය ක්ලමතය නිසා මානසික රෝගීන් වීම වේ. ඥාතීන් මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කලේ තමන් මානසික වදහින්සාවට පාත්‍ර වූ බව ප්‍රකාශ කරමිනි.

 ශේෂ්ට්‍රදිකරණය ඔවුන්ගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් 11 සහ 12(1) වගන්තින් මගින් සහතික කර ඇති මුලික අයිතීන් කඩ වූ බව තීරණය කළේය. වන්දිය ලෙස රජයට පෙත්සම්කරුවෙන් තිදෙනාගෙන් එක් අයෙකුට රුපියල් 50,000/= බැගින් ගෙවීමට නියම වුනි. මෙය විනිසුරු ඉවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්දන, සහ විජිත් කේ මලල්ගොඩ යන ත්රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසුරිය සමග නීතිඥ ඒ කළුආරච්චි ප්‍රියංකා තෙවින්ද්‍රන් ඉදුනි විජේසිංහ යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේද පෙනී සිටියහ. 

මෙම ශේෂ්ට්‍රදිකරන තීන්දුව දුන්නේ 2017.11. 17 වැනිදාය. මිනීමැරුම සිදුවුයේ 2010 වසරේදීය. නීතිපති උපදෙස් දීමට ගත වූ කාලය වසර 4 1/2 ට වැඩිය. පොලිසිය විමර්ශන නිමා කිරීමට මාස 08 කට වැඩි කාලයක් ගන්නා ලදී. 

මෙහෙදී මුලික අයිතිවාසිකම් කඩවීම පිලිබදව නඩු පැවරිය හැක්කේ විදායක පරිපාලන ක්‍රියාවකට මිස අදිකරණ ක්‍රියාවකට නොවේ යන්න වගයුත්තරකරුවන් ගෙනා තර්කය වැඩක් වුයේ නැත. තවද වදහිංසාව ශාරීරිකව පමණක් නොව මානසිකවද සිදු විය හැකි බව තීරණය විය. පෙත්සම්කරුවන් සතුව මනෝ ව යිද්‍යා විශේෂඥ හර්ස්චන්ද්‍ර ගම්බීර් මහතා නිකුත් කල වයිද්‍ය සහතික තිබුණි. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/sc_fr_372_2015.pdf

මෙම නඩු තීන්දුව දීමට පාදක කර ගත් නඩු තීන්දු කියවීම පිණිස පහත සබදියාවන් වෙත යොමු වන්න.

(1) http://www.hrcsl.lk/PFF/Rights_Relating_to_Personal_Liberty_and_Criminal%20Procedure/Dayananda%20V.%20Weerasinghe%20An...pdf

(2) http://www.lawnet.gov.lk/wp-content/uploads/2016/11/032-SLLR-SLLR-2003-1-ADHIKARARY-AND-ANOTHER-v.-AMARASINGHE-AND-OTHERS.pdf

(3) https://www.lawnet.gov.lk/1989/12/31/mrs-w-m-k-de-silva-v-chairman-ceylon-fertilizer-corporation/

 (4)  http://www.supremecourt.lk/images/documents/sc_fr_372_2015.pdf

Wednesday, November 15, 2017

ජනතා අදිකරණය (97) ;- ටැටූ නඩුව. (TATTOO JUDGEMENT)


මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 136/2014 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. තීන්දුව දුන්නේ 2017.11.05 වැනිදාය. පෙත්සම්කාරිය බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන අතර මානසික සවුක්ය සේවයට සම්බන්දව වැඩ කරන්නීය. ඇගේ නම නයෝමි මිචිලි කොක්මන්ය. වගය්ත්තරකරුවන් වුයේ නීතිපති කටුනායක පොලිසියේ නිලදාරීන් මිගමුව බන්දනාගාරයේ ප්‍රදානි සහ පොලිස්පතිවරයාය. මෙය විනිසුරු එස් ඉ වනසුන්දර විනිසුරු අනිල් ගුණරත්න විනිසුරු නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ ජේ සි වැලිඅමුණ, නීතිඥ පුලස්ති හෙවමන්න නීතිඥ තිෂ්‍ය වේරගොඩ නීතිඥ විශ්ව දි ලිවේරා තෙන්නකෝන් යන අය පෙනී සිටියහ. වගයුත්තරකරුවන් වෙනුවෙන් ජෙෂ්ට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාලින්ද රණසිංහ රජයේ ජෙෂ්ට නීතිඥ ලක්මාලි කරුණානායක යන අයද පෙනී සිටියහ. මෙම පෙත්සම්කාරියගේ දකුණු අතේ උඩ බාහුවේ බුදුන් වහන්සේ නෙලුම් මලක් උඩ වැඩිවී සිටින බුදුන්ගේ රුපයක් සහිත පච්චයක් කොටා තිබිණි. ඇයට මෙය ලංකාවට ඒමේදී රේගුවෙන් ප්‍රශ්නයක් වුයේ නැත. නමුත් කටුනායක පොලිසිය විසින් ඇය ව අත්අඩංගුවට ගෙන මිගමු මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කරන ලදී. එයින් මිගමු රක්ෂිත බන්දනාගාරයේ රාත්‍රී දෙකක් රිමාන්ඩ් කෙරිණි. ඇය එහිදී ලිංගික හින්සනයට පාත්‍ර වූ අතර නිලදාරින්ට අල්ලස් දීමටද සිදු විය. ඇය ශේෂ්ට්‍රදිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කල අතර එයින් ජය ලැබුවාය. ඒ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ අංක 11, 12 (1) සහ 13(1) වගන්තින් වලින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් කඩ කර තිබීම ගැනයි. රජයට ලක්ෂ 5 ක් වන්දි ලෙසද ලක්ෂ දෙකක් නඩු ගාස්තු ලෙසද වගයුත්තරාකාර පොලිස් නිලදාරීන් දෙදෙනාට රුපියල් 50,000 /= බැගින් වන්දිද ගෙවීමට සිදු වුනි. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

Monday, November 13, 2017

නිතිය සැමට (Law for All );- හර්ෂ මංජු ශ්‍රී පාපොච්චාරණය. ( Welikada Massarcre)

මේ 121110 වැලිකඩ නම් පොතයි. කසුන් පුස්සෙවෙල විසින් රචිත මෙම පොතට සැමගේ ප්‍රණාමය හිමිවිය යුතුය. 1983 කළු ජූලියේදී සිදුවූ වැලිකඩ සංහාරය නැවතත් 2012 දි කරලියට පැමිණියේය. මරා දැමු ගණන නිල සන්කයා ලේකන වලට අනුව 27 කි. නමුත් මෙම පොත අනාවරණය කරන ආකාරයට එය ඊට වැඩි වේ. ලැයිස්තුවකට මරා දැමිණි. ඇතැම් ඉනියා බුද්දීමතුන්ට අනුව මෙම සංහාර දෙක ගැන නැවත මතක් කිරීම පරණ තුවාල නැවත අලුත් කිරීමකි. නීති සිසුන් කියවිය යුත්තේ අපරාද නඩු විදාන සංග්‍රහය, සිවිල් නඩු විදාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය, සාක්ෂි නිතිය සහ ආයතන සංග්‍රහය පමණක් නොවේ. මක්නිසාද ප්‍රයෝගික බාවිතයේදී මෙම පොත් වල සදහන් ආකාරයට නිතිය ලස්සනට සහ පැහැදිලිව නැත. යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මේ කාලයේ මෙම පොත සැමගේ අවදානයට ලක්විය යුතුය. රාජපක්ෂ සමයේ කෝට්ටේ හිමිවරු දෙනෙමක් ගාතනය කෙරිණි. ඒ පවුරානික කඩුවක් සොරකම් කිරීමට ගොසිනි. සැකකරු වුයේ හර්ෂ මංජු ශ්‍රිය. ඔහු වැලිකඩ බන්දනාගාරයේ සිටි අතර ඊලග නඩු දිනයේ පාපොච්චාරණයක් කිරීමට සිටි අතර මෙය බන්දනාගාර නිලදාරින්ටද රහසක් නොවිණි. නාකොටික් එකේ රන්ගජිව ලැයිස්තුවකට අනුව මුලින්ම අඩගසුවේ මොහුගේ නමයි. මෙම පොත වැලිකඩ සංහාරය පිලිබදව පරීක්ෂණ පැවැත්වීමට ඉතා හොද සාක්ෂියකි. අවම වශයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සබාවේ අවදානයවත් මෙයට යොමුවිය යුතුව ඇත. එසේ නොවුනහොත් යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හුදු නාම පුවරු පමණක් වනු ඇත. 

Wednesday, October 25, 2017

නිතිය සැමට (Law for All );- තෑගි ඔප්පුවක් පිළිබද අබියාචනයක්. (Deed Of Gift)



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 30/2015 දරන අබියාචන නඩුවයි. අබියාචනය පමණක් අවසන් වන්නේ 2017.10 23 වැනිදාය. අබියාචනය පමණක් නිමා වීමට ගත වූ කාලය වසර දෙකකට වැඩිය. හෝමාගම දිසා අදිකරණයේ විබාග වූ නඩුවකි. ශේෂ්ට්‍රදිකරණයේ අබියාචනය ඇසෙන විට අබියාචක ජිවතුන් අතර සිටියේ නැත. එයට අදෙෂකයෙකු ඇතුලත් කෙරිණි.ඔහුගේ නිවසක් වගයුත්තරකරුට කුලියට දි තිබිණි. පසු අවස්ථාවකදී අබියාචක වගයුත්තරකරුට  පයචස් 10 ක් සහ නිවසක් තෑගි ඔප්පුවකින් පැවරුවේය. වගයුත්තරකරු එයට අලුත්වැඩියා කිරීම් ද සිදු කළේය. තෑගි ඔප්පුව ලිවීමට මත්තෙන් වගය්ත්තරකරු අබියචක ගේ දුක සැප බැලිය. නමුත් ඔප්පුව ලිවීමෙන් පසුව එම කෘතඥතාව මද වීම මත අබියාචක (පැමිණිලිකරු ) දිසා අදිකරණයේ තෑගි ඔප්පුව අවලංගු කරන ලෙස ඉල්ලා නඩු පැවරිය. එය ඔහු ජයග්‍රහණය කළේය. එයට විරුද්දව අබියාචනා අදිකරණයේ දැමු අබියචනයෙන් හෙතෙම පරාජය වුනි. ඔහු පසුව ශේෂ්ට්‍රදිකරණයේ අබියාචනයක් දැමු අතර එයින්ද පරාජයට පත්වුණි. එයට හේතුවුයේ තෑගි ඔප්පුවේ සදහන් ආකාරයට කෘතඥතාව මද බවක් ඔප්පු වී නැති බවයි. මෙය තව දුරටත් පැහැදිලි කලොත් තෑගි ලබුම්කාර තෑගි දිමනාකරුට නරක ලෙස සලකා නොමැති බවයි. මෙම නඩුවේ දි තෑගි ඔප්පුවේ ජිවිත බුක්තිය තිබු බවක් සදහන් වුයේ නැත. ජිවිත බුක්තිය තිබුනානම් නඩු පැවරීම එලෙසෙම සිදුකල හැකි අතර එය වෙනේකෙනුකට විකිනීමට පැවරීමට හෝ බද්දට දීමට තෑගි ලබුම්කරුට කල නොහැක.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.



Friday, October 20, 2017

නිතිය සැමට ( Law for All );- ඇටෝනි බලය. (Power of Attorney)



මේ අනුරාදපුරේ දිසා අදිකරණයේ විබාග වූ නඩුවක තීන්දුවට එරෙහිව කල අබියාචනයකි. මෙය පළමුව උතුරු මැද සිවිල් අබියාචන පළාත් මහා අදිකරණයේ අබියාචන අවස්ථාවකටද පසුව ශේෂ්ට්‍රදිකරණයට අබියචනයකටද බදුන් විය. අබියාචන අවස්ථා දෙකේදීම පැමිණිලිකරුට පක්ෂව දුන් දිසා අදිකරණ තීන්දුව ස්ථිර විය. 

අබියාචන කල හැක්කේ නිතිය පිළිබද කරුණක් සම්බන්දයෙන් පමණි. තවද මුල් අවස්ථා නඩු අසන අදිකරණයේදී ඉස්මතු නොකළ අලුත් කරුණක් අබියාචන අවස්ථාවේදී ඉස්මතු කල නොහැක. 

ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ මෙම අබියාචන නඩුවේ අංකය 130/2010 වේ. නඩුවේ තීන්දුව දුන්නේ 2017 . 09.19 වැනිදාය. ශේෂ්ට්‍රදිකරණයේ අබියාචන අවස්ථාවට පමණක් ගත වූ කාලය වසර 07ක්පමණ වේ. මෙම අබියාචන නඩුවේදී විත්තිය එනම් අබියාචක ඉස්මතු කල ප්‍රදාන කරුණු දෙක වියේ පැමිණිලිකරු ඇටෝනි බලකරුවකු මගින් පෙනී සිටීමත් ඔහු මියයාමෙන් පසුව අදෙෂකයෙකු ආදේශ කිරීමත්ය. 

මෙම ඇටෝර්නි බලකරුවකු පත්කරන්නේ 1902. අංක 02 දරන ඇටෝනි බල පත්‍ර අඥා පනතට අනුවයි. එය දෙවරක් සංශෝදනය වී තිබේ. ඒ 1913 අංක 09 සහ 1939 අංක 13 දරන සංශෝදන මගිනි. මෙම ඇටෝනි බලය නිතිග්නයකුට නීති නියෝජිතයකුට වෙනත් පුද්ගලයකුට තවත් පුද්ගලයකු මගින් මෙම ඇටෝනි බලය දි එමගින් යම් වැඩක් ක්‍රියාවක් වෙළදාමක් වියාපාරයක් කිරීමට බලය පැවරිය හැක. මෙම ඇටෝර්නි බලපත්‍රය සාක්ෂිකරුවන් දෙදෙනෙකු විසින් සහතික කල යුතු අතර එය නොතාරිස්වරයකු රෙජිස්ටර්වරයකු නියෝජ්‍ය රෙජිස්ටර්වරයකු ඕනෑම විනිසුරුවරයකුට හෝ මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ සහතික කල යුතුය. මෙසේ සකසන ඇටෝනි බලපත්‍රය රෙජිස්ටර් ජෙනරාල්වරයා හමුවේ අඥා පනතට අනුව ලියාපදිංචි කල යුතුව ඇත. ඇටෝනි බල කරුගේ සැම ක්‍රියාවකටම එය ප්‍රදානය කල පුද්ගලයා වග කිව යුතුව තිබේ. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හෝ යොමු වන්න.


මෙම අඥා පනතට යොමු වීමට පහත සබැදියාව වෙත යොමු වන්න.



Thursday, October 19, 2017

නිතිය සැමට (Law for All) ;- ආසිරි රෝහල නඩුව දිනයි.


මෙය ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ තවත් අබියාචන නඩුවකි. අංකය 152/2014 වේ. තීන්දුව දුන්නේ 2017.09.19 වැනිදාය. අබියචක අසිරි රෝහලයි. වගයුත්තරකරු සොයිසාය. හෙතෙම ගොනපිනුවල පදිංචි කරුවෙකු වේ. ඔහු 1999.12.27 දින අශා සෙන්ට්‍රල් රෝහලේ රසායනාගාර තාක්ෂණ නිලදරියෙකු ලෙස සේවයට බැදිනි. මේ අතර රෝහලේ නම අසිරි සෙන්ට්‍රල් රෝහල ලෙස වෙනස් විය. සේවායෝජක රෝහල සහ සේවකයා අතර රැකියාව පිළිබද පැහැදිලි ගිවිසුමක් විය. 2019.11.18 ඔහුගේ සේවය නතර කෙරිණි. ඒ වෙනත් ස්තස්නයක සේවයෝජකට නොදන්වා වැඩ කිරීම ගැනයි. මෙම රසායනාගාර සේවකයා වසරක පමණ කාලයක් දිවා කාලයේ වෙනත් ස්ථානයක වැඩ කරමින් රාත්‍රියේ ආසිරි රෝහලේ වැඩ කල අතර මෙය අසිරි රෝහලේ සෙසු නිලදාරීන් දැන සිටියහ. සේවය නතර කිරීමෙන් පසු කම්කරු උසාවියේ නඩුවෙන් සේවකයා දිනු අතර එහිදී ඔහුට වන්දි පවා පිරිනැමිණි. රෝහල සිවිල් පළාත් බද මහා අදිකරණයට අබියාචනා කළේය. අබියචනයද රෝහලට අවාසිසහගත විය. හේතුව වුයේ රෝහලේ නම වෙනස්වීමය. පසුව ශේෂ්ට්‍රදිකරණයට අබියචනය කෙරිණි. අසිරි රෝහල නඩුව දිනන ලදී. එහිදී ප්‍රමුකත්වය හිමිවුයේ සේවායෝජක සේව්‍ය අතර තිබු පැහැදිලි කොන්දේසි සහිත ගිවිසුමටයි. එහි වුයේ සේවකයකුට සේවා යෝජක ට දැනුම් නොදි අවසර නොගෙන වෙනත් ස්ථානයක වැඩ කල නොහැකි බවයි. රෝහලේ නම වෙනස් වීම බලපෑවේ නැත. 

මෙම අබියාචන නඩුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

නිතිය සැමට (Law for All) ;- කුලී නිවැසියා එලියට.



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 89/2013 දරන අබියාචන නඩුවයි. එහි තීන්දුව ලැබෙන්නේ 2017. 10.16 වැනිදාය. එනම් වසර 04 කට පසුවයි. එය පළමුව විබාග වුයේ ගාල්ල දිසා අදිකරනයේය. පෙත්සම්කරු කුලී නිවැසියාය. වගයුත්තරකරු කුලී හිමියාය. කුලී හිමියාට ඉතා හොද අයිතියක් ඉඩමට හා ගොඩනැගිල්ලට තිබිණි. කුලී නිවැසියා එහි අයිතිය කුලී හිමියාට ආපසු ලබා නොදුන් අතර කුලී හිමියා විසින්පොලිසියට පැමිණිලි කල අතර නීතිඥවරයා මගින්ද දැනුම් දෙන ලදී. නමුත් වැඩක් වූ යේ නැත. ඉන්පසුව දිසා අදිකරණයේ නඩු පැවරු අතර තීන්දුව වාසිසහගත වුයේ කුලී නිවැසියටය. එවිට අයිතිකරු සිවිල් පළාත් බද මහා අදිකරණයේ අබියාචනය කල අතර එයින් ජයග්‍රහණය කළේය. ඉන්පසුව කුලී හිමියා ශේෂ්ට්‍රදිකරණයට අබියාචනයක් ඉදිරිපත් කල අතර ශේෂ්ට්‍රදිකරණය මහා අදිකරණ තීන්දුව ඉස්තිර කළේය. නිවෙස් හිමියා ජය ලැබිය. තවද ප්‍රකාශ වුයේ කලාවරෝද අඥා පනතේ කිසිවක් කුලී හිමියාට අවාසිසහගත නොවන බවයි. මෙහිදී ඔහු සතු වූ නිරවුල් බුක්තියට වැඩි වාසියක් හිමි වුනි.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහහ සබදියාවට යොමු වන්න.



ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...