Wednesday, October 25, 2017

නිතිය සැමට (Law for All );- තෑගි ඔප්පුවක් පිළිබද අබියාචනයක්. (Deed Of Gift)



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 30/2015 දරන අබියාචන නඩුවයි. අබියාචනය පමණක් අවසන් වන්නේ 2017.10 23 වැනිදාය. අබියාචනය පමණක් නිමා වීමට ගත වූ කාලය වසර දෙකකට වැඩිය. හෝමාගම දිසා අදිකරණයේ විබාග වූ නඩුවකි. ශේෂ්ට්‍රදිකරණයේ අබියාචනය ඇසෙන විට අබියාචක ජිවතුන් අතර සිටියේ නැත. එයට අදෙෂකයෙකු ඇතුලත් කෙරිණි.ඔහුගේ නිවසක් වගයුත්තරකරුට කුලියට දි තිබිණි. පසු අවස්ථාවකදී අබියාචක වගයුත්තරකරුට  පයචස් 10 ක් සහ නිවසක් තෑගි ඔප්පුවකින් පැවරුවේය. වගයුත්තරකරු එයට අලුත්වැඩියා කිරීම් ද සිදු කළේය. තෑගි ඔප්පුව ලිවීමට මත්තෙන් වගය්ත්තරකරු අබියචක ගේ දුක සැප බැලිය. නමුත් ඔප්පුව ලිවීමෙන් පසුව එම කෘතඥතාව මද වීම මත අබියාචක (පැමිණිලිකරු ) දිසා අදිකරණයේ තෑගි ඔප්පුව අවලංගු කරන ලෙස ඉල්ලා නඩු පැවරිය. එය ඔහු ජයග්‍රහණය කළේය. එයට විරුද්දව අබියාචනා අදිකරණයේ දැමු අබියචනයෙන් හෙතෙම පරාජය වුනි. ඔහු පසුව ශේෂ්ට්‍රදිකරණයේ අබියාචනයක් දැමු අතර එයින්ද පරාජයට පත්වුණි. එයට හේතුවුයේ තෑගි ඔප්පුවේ සදහන් ආකාරයට කෘතඥතාව මද බවක් ඔප්පු වී නැති බවයි. මෙය තව දුරටත් පැහැදිලි කලොත් තෑගි ලබුම්කාර තෑගි දිමනාකරුට නරක ලෙස සලකා නොමැති බවයි. මෙම නඩුවේ දි තෑගි ඔප්පුවේ ජිවිත බුක්තිය තිබු බවක් සදහන් වුයේ නැත. ජිවිත බුක්තිය තිබුනානම් නඩු පැවරීම එලෙසෙම සිදුකල හැකි අතර එය වෙනේකෙනුකට විකිනීමට පැවරීමට හෝ බද්දට දීමට තෑගි ලබුම්කරුට කල නොහැක.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.



Friday, October 20, 2017

නිතිය සැමට ( Law for All );- ඇටෝනි බලය. (Power of Attorney)



මේ අනුරාදපුරේ දිසා අදිකරණයේ විබාග වූ නඩුවක තීන්දුවට එරෙහිව කල අබියාචනයකි. මෙය පළමුව උතුරු මැද සිවිල් අබියාචන පළාත් මහා අදිකරණයේ අබියාචන අවස්ථාවකටද පසුව ශේෂ්ට්‍රදිකරණයට අබියචනයකටද බදුන් විය. අබියාචන අවස්ථා දෙකේදීම පැමිණිලිකරුට පක්ෂව දුන් දිසා අදිකරණ තීන්දුව ස්ථිර විය. 

අබියාචන කල හැක්කේ නිතිය පිළිබද කරුණක් සම්බන්දයෙන් පමණි. තවද මුල් අවස්ථා නඩු අසන අදිකරණයේදී ඉස්මතු නොකළ අලුත් කරුණක් අබියාචන අවස්ථාවේදී ඉස්මතු කල නොහැක. 

ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ මෙම අබියාචන නඩුවේ අංකය 130/2010 වේ. නඩුවේ තීන්දුව දුන්නේ 2017 . 09.19 වැනිදාය. ශේෂ්ට්‍රදිකරණයේ අබියාචන අවස්ථාවට පමණක් ගත වූ කාලය වසර 07ක්පමණ වේ. මෙම අබියාචන නඩුවේදී විත්තිය එනම් අබියාචක ඉස්මතු කල ප්‍රදාන කරුණු දෙක වියේ පැමිණිලිකරු ඇටෝනි බලකරුවකු මගින් පෙනී සිටීමත් ඔහු මියයාමෙන් පසුව අදෙෂකයෙකු ආදේශ කිරීමත්ය. 

මෙම ඇටෝර්නි බලකරුවකු පත්කරන්නේ 1902. අංක 02 දරන ඇටෝනි බල පත්‍ර අඥා පනතට අනුවයි. එය දෙවරක් සංශෝදනය වී තිබේ. ඒ 1913 අංක 09 සහ 1939 අංක 13 දරන සංශෝදන මගිනි. මෙම ඇටෝනි බලය නිතිග්නයකුට නීති නියෝජිතයකුට වෙනත් පුද්ගලයකුට තවත් පුද්ගලයකු මගින් මෙම ඇටෝනි බලය දි එමගින් යම් වැඩක් ක්‍රියාවක් වෙළදාමක් වියාපාරයක් කිරීමට බලය පැවරිය හැක. මෙම ඇටෝර්නි බලපත්‍රය සාක්ෂිකරුවන් දෙදෙනෙකු විසින් සහතික කල යුතු අතර එය නොතාරිස්වරයකු රෙජිස්ටර්වරයකු නියෝජ්‍ය රෙජිස්ටර්වරයකු ඕනෑම විනිසුරුවරයකුට හෝ මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ සහතික කල යුතුය. මෙසේ සකසන ඇටෝනි බලපත්‍රය රෙජිස්ටර් ජෙනරාල්වරයා හමුවේ අඥා පනතට අනුව ලියාපදිංචි කල යුතුව ඇත. ඇටෝනි බල කරුගේ සැම ක්‍රියාවකටම එය ප්‍රදානය කල පුද්ගලයා වග කිව යුතුව තිබේ. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හෝ යොමු වන්න.


මෙම අඥා පනතට යොමු වීමට පහත සබැදියාව වෙත යොමු වන්න.



Thursday, October 19, 2017

නිතිය සැමට (Law for All) ;- ආසිරි රෝහල නඩුව දිනයි.


මෙය ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ තවත් අබියාචන නඩුවකි. අංකය 152/2014 වේ. තීන්දුව දුන්නේ 2017.09.19 වැනිදාය. අබියචක අසිරි රෝහලයි. වගයුත්තරකරු සොයිසාය. හෙතෙම ගොනපිනුවල පදිංචි කරුවෙකු වේ. ඔහු 1999.12.27 දින අශා සෙන්ට්‍රල් රෝහලේ රසායනාගාර තාක්ෂණ නිලදරියෙකු ලෙස සේවයට බැදිනි. මේ අතර රෝහලේ නම අසිරි සෙන්ට්‍රල් රෝහල ලෙස වෙනස් විය. සේවායෝජක රෝහල සහ සේවකයා අතර රැකියාව පිළිබද පැහැදිලි ගිවිසුමක් විය. 2019.11.18 ඔහුගේ සේවය නතර කෙරිණි. ඒ වෙනත් ස්තස්නයක සේවයෝජකට නොදන්වා වැඩ කිරීම ගැනයි. මෙම රසායනාගාර සේවකයා වසරක පමණ කාලයක් දිවා කාලයේ වෙනත් ස්ථානයක වැඩ කරමින් රාත්‍රියේ ආසිරි රෝහලේ වැඩ කල අතර මෙය අසිරි රෝහලේ සෙසු නිලදාරීන් දැන සිටියහ. සේවය නතර කිරීමෙන් පසු කම්කරු උසාවියේ නඩුවෙන් සේවකයා දිනු අතර එහිදී ඔහුට වන්දි පවා පිරිනැමිණි. රෝහල සිවිල් පළාත් බද මහා අදිකරණයට අබියාචනා කළේය. අබියචනයද රෝහලට අවාසිසහගත විය. හේතුව වුයේ රෝහලේ නම වෙනස්වීමය. පසුව ශේෂ්ට්‍රදිකරණයට අබියචනය කෙරිණි. අසිරි රෝහල නඩුව දිනන ලදී. එහිදී ප්‍රමුකත්වය හිමිවුයේ සේවායෝජක සේව්‍ය අතර තිබු පැහැදිලි කොන්දේසි සහිත ගිවිසුමටයි. එහි වුයේ සේවකයකුට සේවා යෝජක ට දැනුම් නොදි අවසර නොගෙන වෙනත් ස්ථානයක වැඩ කල නොහැකි බවයි. රෝහලේ නම වෙනස් වීම බලපෑවේ නැත. 

මෙම අබියාචන නඩුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

නිතිය සැමට (Law for All) ;- කුලී නිවැසියා එලියට.



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 89/2013 දරන අබියාචන නඩුවයි. එහි තීන්දුව ලැබෙන්නේ 2017. 10.16 වැනිදාය. එනම් වසර 04 කට පසුවයි. එය පළමුව විබාග වුයේ ගාල්ල දිසා අදිකරනයේය. පෙත්සම්කරු කුලී නිවැසියාය. වගයුත්තරකරු කුලී හිමියාය. කුලී හිමියාට ඉතා හොද අයිතියක් ඉඩමට හා ගොඩනැගිල්ලට තිබිණි. කුලී නිවැසියා එහි අයිතිය කුලී හිමියාට ආපසු ලබා නොදුන් අතර කුලී හිමියා විසින්පොලිසියට පැමිණිලි කල අතර නීතිඥවරයා මගින්ද දැනුම් දෙන ලදී. නමුත් වැඩක් වූ යේ නැත. ඉන්පසුව දිසා අදිකරණයේ නඩු පැවරු අතර තීන්දුව වාසිසහගත වුයේ කුලී නිවැසියටය. එවිට අයිතිකරු සිවිල් පළාත් බද මහා අදිකරණයේ අබියාචනය කල අතර එයින් ජයග්‍රහණය කළේය. ඉන්පසුව කුලී හිමියා ශේෂ්ට්‍රදිකරණයට අබියාචනයක් ඉදිරිපත් කල අතර ශේෂ්ට්‍රදිකරණය මහා අදිකරණ තීන්දුව ඉස්තිර කළේය. නිවෙස් හිමියා ජය ලැබිය. තවද ප්‍රකාශ වුයේ කලාවරෝද අඥා පනතේ කිසිවක් කුලී හිමියාට අවාසිසහගත නොවන බවයි. මෙහිදී ඔහු සතු වූ නිරවුල් බුක්තියට වැඩි වාසියක් හිමි වුනි.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහහ සබදියාවට යොමු වන්න.



Thursday, September 28, 2017

ජනතා අදිකරණය (96) ;- විදුලි බල මණ්ඩලයට මිලියනයක වන්දියක් ගෙවීමට සිදු වූ තවත් එයිතිහාසික නඩුවක්.



මේ අංක 431/2005 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ ශාරංසය වේ. 2005 වසරේ ගොනු කල මේ නඩුවේ තීන්දුව දුන්නේ 2017.09. 27 වැනිදාය. පෙත්සම්කරු වුයේ ගාමිණී ද සිල්වා සහ වගයුත්තරකරුවන් වුයේ පිළියන්දල පොලිසියේ එවකට ස්ථානදිපති ඇතුළු නිලදාරීන් සහ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලදාරින්ය. 

පෙත්සම්කරු වෙනුවෙන් වෙන්ජනාදිපති නීතිඥ ජේ සි වැලිඅමුණ නීතිඥ ශාන්ත ජයවර්දන සහ නීතිඥ සෙනුර අබේවර්දන යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ එස් හේරත් යන අයද පෙනී සිටියහ. 08 වන වගයුත්තරකරු නොපැමිණි අතර ඔහුට නයිතික නියෝජනයක් තිබුනේද නැත. මෙය විනිසුරු සිසිර ජේ දි ආබ්රු විනිසුරු අනිල් ගුණරත්න විනිසුරු විජිත් කේ මලල්ගොඩ යන ත්‍රි පුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග වුනි. 

මෙය විදුලිය නීතිවිරෝදී ලෙස ලබා ගැනීමට අදාල පැමිණිල්ලක් විය. මෙම පැමිණිල්ල වියාජ එකකි. පිළියන්දල පොලිසිය විසින්පෙත්සම්කරුව අත්අඩංගුවට ගන්නා ලදී. ඒ සාදාරන හේතුන් නොමැතිවය. ඔහුව පොලිස් ස්ථානයේ රදවා තබා ගත් අතර නිසි වේලාවකදී මහේස්ත්‍රාත් වරයා වෙත යොමු කලේ නැත. 

ශේෂ්ට්‍රදිකරණය කිවේ පුද්ගලයකුගේ නිදහස අහිමි කිරීම එනම් සාදාරන හේතුවක් නොමැතිව ඉතා බරපතල ලෙස අයිතිවාසිකම් උල්ලන්ගනයක් බවයි. එ අනුව ශේෂ්ට්‍රදිකරණය තීරණය කලේ පෙත්සම්කරුගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ අංක 12(1), 13(1) සහ 13(2) යන වගන්තින් වලින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බවයි. 

ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියනයක වන්දියක්ද පළමු වගයුත්තරකරු වූ පිළියන්දල පොලිසියේ ස්ථානදිපතිට රුපියල් ලක්ෂයක වන්දියක්ද පෙත්සම්කරුට ගෙවීමට සිදු විය.

මෙම මුලික අයිතිවාසිකම් නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.


Thursday, September 21, 2017

නිතිය සැමට (Law for All) ;- දුක් ගන්නා රාල (Ombudsman)


ඇතැම් විට දුක් ගන්නා රාල ලෙසද හැදින්වෙන මෙම තනතුර ආණ්ඩු ක්‍රම විවස්ථාව මගින්ම හදුන්වා දි ඇත. ඕම්බුඩ්ස්මන්වරයාගේ බලතල අතර විදායක හෝ පරිපාලනයමය වශයෙන් සිදුවන අයිතීන් උල්ලංගනය පිලිබදව පරීක්ෂණ පැවැත්වීමේ බලතල කැපී පෙනේ.

ඕම්බුඩ්ස්මන්වරයාගේ කටයුතු සදහා මුලික වශයෙන් බදාවක්ව ඇත්තේද ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ බලතල සතු නොවීමයි.

මානව හිමිකම් කොමිෂම් සබාව මෙන්ම ඕම්බුඩ්ස්මන්වරයා ගේ සාර්තකත්වයද අඩපන වීම සදහා නීතියේ පවතින මෙම දුර්වලතාවය හේතුවී ඇත.

ඕම්බුඩ්ස්මන්වරයාගේ කාර්යාලය අංක 14, ආර් ඒ ද මැල් මාවත, කොලබ 05 හි පිහිටා ඇත. ඔහුව පාර්ලිමේන්තු කටයුතු පිළිබද මහා කොමසාරිස් ලෙසද හැදින්වේ.

මෙය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂම් සබාවට අමතරව මානව හිමිකම් උල්ලන්ගනයන් පිලිබදව පැමිණිලි කල හැකි ආයතනයකි. එහෙත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ බලතල නොමැති බැවින් නිද්‍රාශීලි වේ.

උපුටා ගැනීම් - ශ්‍රී ලංකාවේ නිතිය හා මානව අයිතිවාසිකම් - නීතිඥ චාරුක සමරසේකර.






Friday, September 15, 2017

නිතිය සැමට (Law for All) ;- මානව හිමිකම් කොමිසන් සබාව. (National Human Rights Commission)


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සබාව යනු 1996 දි අංක 21 දරන පාර්ලිමේන්තු පනත මගින් පිහිටුවන ලද ආයතනයකි. මෙම කොමිෂන් සබාවේ බලතල අතර සුවිශේෂී වනුයේ මානව හිමිකම් කඩවීම පිලිබදව ලැබෙන පැමිණිලි පිලිබදව විමර්ශනය කොට නිර්දේශයන් ඉදිරිපත් කිරීමට ඇති බලතලය. 

එසේ වුවද තම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය බලතල මානව හිමිකම් කොමිෂම වෙත පවරා නොතිබීම එකී පනතෙහි කැපී පෙනෙන දුර්වලතාවකි.

මානව හිමිකම් කොමිෂමේ අනෙකුත් කර්තවියන් අතර වැදගත් වනුයේ මානව හිමිකම් පිළිබද දැනුම ප්‍රවර්දනයට සහ මානව හිමකම් සුරැකීම සදහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ඇති හැකියාවයි. යාපනයද ඇතුළු ලංකාවේ සැම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පළාත් මානව හිමිකම් කොමිෂම් සබාවේ ප්‍රාදේශීය කාර්යාල ක්‍රියාත්මක වන අතර එහි මුලස්ථානය අංක 14, ආර් ඒ දි මේල් මාවත කොලබ 04 යන ලිපිනයේ පිහිටා ඇත.

මානව හිමිකම් කොමිෂමේ නිලදාරින්ට පොලිස් ස්ථාන වලට සහ සියලුම රැදවුම් මද්‍යස්ථාන වලට යා හැක. එසේ යාහැක්කේ පොලිසියට රැදවුම්මද්යස්තන්යට පමණි. බැරැක්ක පරික්ෂා කල නොහැක. වදහිංසා පැමිණවීම් බහුලව සිදු වන්නේ බැරැක්ක වලය.

මානව හිම්කම් කොමිසමට ඕනෑම රජයේ ආයතනයක ලිපිගොනු ගෙන්වා ගත හැක. එසේ යම් රාජ්‍ය ආයතනයක් ලිපි ගොනු ලබා නොදෙන්නේනම් ශේෂ්ට්‍රදිකරණයේ අපහාස නඩුවක් පැවරිය හැක.

මානව හිමිකම් කඩවූ වින්දිතයාට , ඔහුගේ හෝ ඇයගේ හිතවෙතෙකුට සහ වින්දිතයා වෙනුවට නීතිඥයකුට කොමිසමේ විමර්ශන වලදී පෙනීසිටිය හැක.

ප්‍රයෝගිකව ගත් කල මානව හිමිකම් කොමිසමේ ප්‍රමාදයක් ඇත. එහි වංචාව සහ දුෂණයද ඇත. නමුත් එය රටේ සෙසු යුක්තිය සලසන අයාතන වලට සාපේක්ෂව යහපත් වේ.

උපුටා ගැනීම් ;- ශ්‍රී ලංකාවේ නිතිය හා මානව අයිතිවාසිකම් - නීතිඥ චාරුක සමරසේකර. 




ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...