Wednesday, May 30, 2018

ජනතා අදිකරණය (104) ;- මිනීමැරුමට අත්අඩංගුවට ගැනීම කුඩු වලින් කෙළවර වූ නඩුව.



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 194/2013 යන මුලික අයතිවාසිකම් නඩුවේ තීන්දුවේ ශාරාංශය වේ. මෙහි තීන්දුව දුන්නේ 2018.05.22 වැනිදාය. 

පෙත්සම්කරු ඕපනායක පදිංචිකරුවෙකි. හෙතෙම මහරගම පිළිකා රෝහලේ රසායනාගාර පරීක්ෂක සහයකවරයකු ලෙස කටයුතු කල අතර එය අතහැර ගිය අතර ඒ කාල සිමාවේ එහි සේවය කල කාන්තාවක් මරා දැමිණි. ඇය පෙත්සම්කරුගේ හිතවතියක් විය. මෙයට සැකකොට පෙත්සම්කරුව අත්ඩංගුවට ගත් අතර නමුත් වියාජ කුඩු නඩුවක් ගොනු කෙරිණි. වගයුත්තරකරුවන් වුයේ වගයුත්තරකරුවන් වුයේ බොරලැස්ගමුවේ සහ ඕපනායක පොලිස් ස්ථාන වල ස්ථානදිපතිවරු ඇතුළු සමහරක්නිලදාරීන් සහ පොලිස්පති සහ නිතිපතිවරයාය. පෙත්සම්කරු නඩුව ජයග්‍රහණය කළේය. ඔහුට දෙවන වගයුත්තරකරු මුදලින් රුපියල් 50,000 ක්ද රජය රුපියල් ලක්ෂයක්ද රජය නඩු ගාස්තු ලෙස රුපියල් 50,000 ක්ද ගෙවිය යුතු බවට අදිකරණය නියෝග කරන ලදී. 

මෙම නඩුවේදී පොලිස් ස්ථානදිපතිවරයෙකුගේ බලතල පුළුල්ව සාකච්චා කෙරිණි. එනම් ඇප අදිකරණයට ඉදිරිපත් කිරීම පොලිස් අත්අඩංගුවේ රදවා ගැනීම සහ පරීක්ෂණ පැවැත්වීම යන බලතල පොලිස් ස්ථානදිපතිවරයා සතු වන බවයි.

මෙම නඩුව ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. එනම් විනිසුරු ඉවා වනසුන්දර, විනිසුරු බි පි අලුවිහාරේ සහ විජිත් කේ මලල්ගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ තුෂාරි කේ හිරිමුතුගොදකේ දෙවන වගයුත්තරකරුවෙනුවෙන් නීතිඥ ගාමිණී හෙට්ටිආරච්චි යන අයද නීතිපති වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ සංජිව දිසානායක යන අයද පෙනී සිටියහ.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.







No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...