Monday, May 21, 2018

ජනතා අදිකරණය (103) ;- තවත් වදහිංසා නඩුවක්. (Another judgement of torture)



"ආණ්ඩු ක්‍රම විවස්ථාවේ තුන්වන පරිච්චේදයේ එන 11 වගන්තිය උල්ලංගනය කිරීම පිළිබද නඩු වලදී ඉතා දැඩි ඔප්පු කිරීමක් අවශ්‍ය වේ. එසේ නොවුනහොත් අදාල රජයේ නිලදරින්ට ඉතා බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු වෙයි. මිට වසර 40 කට වැඩි හෝ කාල පරිච්චේදයක් තුල පොලිස් නිලදාරීන් තම බලය ඉක්මවා 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ මුලික අයිතීන උල්ලංගනය කල අවස්ථා පිළිබද සිද්දීන් වාර්තා වී තිබේ. මහජනතාව සම්බන්දයෙන් කටයුතු කිරීමේදී පොලිසියට බරපතල වගකීමක් ඇත. ඒ පුරවැසියන්ට 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කොට ඇති මුලික අයිතිවාසිකම් ආරක්ෂා කර දීම පිලිබදවයි."

මේ බව සදහන් වන්නේ 393/2008 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තින්දුවෙහිය. පෙත්සම්කරු ජා ඇල පදිංචි ජනක සම්පත් බටවලගේය. වගයුත්තරකරුවන් වුයේ ඩාම් විදිය කොලබ 12 පොලිසියේ නිලදාරීන් , පොලිස්පති සහ නිතිපතිවරයාය. 

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා සනිටා දි ෆොන්සේකා සහ සුබශිනි සමරාරච්චි යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ශ්‍යාමාල් ඒ කොල්ලුරේ, නීතිඥ ඒ පි ජයවීර සහ රජයේ ජෙෂ්ට නීතිඥ නයෝමි වික්‍රමසේකර යන අය පෙනී සිටියහ.  

මෙම නඩුවේ තීන්දුව දුන්නේ 2018.03.05 වැනිදාය. ඒ ශේෂ්ට්‍රදිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි. එය විනිසුරු බුවනෙක අලුවිහාරේ විනිසුරු ප්‍රියන්ත  ජයවර්දන විනිසුරු කේ ටි චිත්‍රසිරි යන අයගෙන් සමන්විත විය. 

පෙත්සම්කරු විශ්‍රාමික හමුදා ලුතිනන් කනල්වරයෙකි. සිද්දිය වනවිට ඔහු ඩයලොග් (ටෙලිකොම්) සමාගමේ සේවය කරමින් සිටියේය. ඒ මානව සම්පත් කළමනාකරණ සබන්දිකාරක ලෙසයි. 

මේ සියලු සිද්දියට හේතුව රථවාහන වරදකි. ශේෂ්ටදිකරනය පෙත්සම්කරුගේ මුලික අයිතිවාසිකම් කඩවූ බව තීරණය කල ඔහුට හිමිවූ වන්දිය රුපියල් එක් ලක්ෂ හැත්තෑපන් දැකි. එයින් රජය රුපියල් විසිපන්දාහක් ගෙවියයුතු විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/sc_fr_393_2008.pdf


No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...