Wednesday, November 22, 2017

ජනතා අදිකරණය (98) ;- නඩු පමාව නිසා සිදුවූ මානසික වදහින්සාවක් පිළිබද නඩු තීන්දුවක්. Judgment link to English version.


2010 වසරේදී මිනීමැරුමක් සිදුවිය. එය පිහි ඇනුමක් වන අතර තුවාල ලැබූ අය කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගියේය. මරා දැමුණි රුමේෂ් ප්‍රනාන්දු එවකට 20 හැවිරිදි වියේ පසු වුනි. මෙහිදී අපරාද කරුට එරෙහිව සාර්ථක නඩු පැවරීමක් සිදු කිරීමට වැඩි කාලයක් ගත වුනි. පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉතා මන්දගාමී විය. 

එහි ප්‍රතිපලය වින්දිතයාගේ පියා යුක්තිය ඉටු නොවීම පිලිබදව කලකිරි මියයාමත් ඥාතීන් ආතතිය ක්ලමතය නිසා මානසික රෝගීන් වීම වේ. ඥාතීන් මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කලේ තමන් මානසික වදහින්සාවට පාත්‍ර වූ බව ප්‍රකාශ කරමිනි.

 ශේෂ්ට්‍රදිකරණය ඔවුන්ගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් 11 සහ 12(1) වගන්තින් මගින් සහතික කර ඇති මුලික අයිතීන් කඩ වූ බව තීරණය කළේය. වන්දිය ලෙස රජයට පෙත්සම්කරුවෙන් තිදෙනාගෙන් එක් අයෙකුට රුපියල් 50,000/= බැගින් ගෙවීමට නියම වුනි. මෙය විනිසුරු ඉවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්දන, සහ විජිත් කේ මලල්ගොඩ යන ත්රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසුරිය සමග නීතිඥ ඒ කළුආරච්චි ප්‍රියංකා තෙවින්ද්‍රන් ඉදුනි විජේසිංහ යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේද පෙනී සිටියහ. 

මෙම ශේෂ්ට්‍රදිකරන තීන්දුව දුන්නේ 2017.11. 17 වැනිදාය. මිනීමැරුම සිදුවුයේ 2010 වසරේදීය. නීතිපති උපදෙස් දීමට ගත වූ කාලය වසර 4 1/2 ට වැඩිය. පොලිසිය විමර්ශන නිමා කිරීමට මාස 08 කට වැඩි කාලයක් ගන්නා ලදී. 

මෙහෙදී මුලික අයිතිවාසිකම් කඩවීම පිලිබදව නඩු පැවරිය හැක්කේ විදායක පරිපාලන ක්‍රියාවකට මිස අදිකරණ ක්‍රියාවකට නොවේ යන්න වගයුත්තරකරුවන් ගෙනා තර්කය වැඩක් වුයේ නැත. තවද වදහිංසාව ශාරීරිකව පමණක් නොව මානසිකවද සිදු විය හැකි බව තීරණය විය. පෙත්සම්කරුවන් සතුව මනෝ ව යිද්‍යා විශේෂඥ හර්ස්චන්ද්‍ර ගම්බීර් මහතා නිකුත් කල වයිද්‍ය සහතික තිබුණි. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/sc_fr_372_2015.pdf

මෙම නඩු තීන්දුව දීමට පාදක කර ගත් නඩු තීන්දු කියවීම පිණිස පහත සබදියාවන් වෙත යොමු වන්න.

(1) http://www.hrcsl.lk/PFF/Rights_Relating_to_Personal_Liberty_and_Criminal%20Procedure/Dayananda%20V.%20Weerasinghe%20An...pdf

(2) http://www.lawnet.gov.lk/wp-content/uploads/2016/11/032-SLLR-SLLR-2003-1-ADHIKARARY-AND-ANOTHER-v.-AMARASINGHE-AND-OTHERS.pdf

(3) https://www.lawnet.gov.lk/1989/12/31/mrs-w-m-k-de-silva-v-chairman-ceylon-fertilizer-corporation/

 (4)  http://www.supremecourt.lk/images/documents/sc_fr_372_2015.pdf

Wednesday, November 15, 2017

ජනතා අදිකරණය (97) ;- ටැටූ නඩුව. (TATTOO JUDGEMENT)


මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 136/2014 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. තීන්දුව දුන්නේ 2017.11.05 වැනිදාය. පෙත්සම්කාරිය බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන අතර මානසික සවුක්ය සේවයට සම්බන්දව වැඩ කරන්නීය. ඇගේ නම නයෝමි මිචිලි කොක්මන්ය. වගය්ත්තරකරුවන් වුයේ නීතිපති කටුනායක පොලිසියේ නිලදාරීන් මිගමුව බන්දනාගාරයේ ප්‍රදානි සහ පොලිස්පතිවරයාය. මෙය විනිසුරු එස් ඉ වනසුන්දර විනිසුරු අනිල් ගුණරත්න විනිසුරු නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ ජේ සි වැලිඅමුණ, නීතිඥ පුලස්ති හෙවමන්න නීතිඥ තිෂ්‍ය වේරගොඩ නීතිඥ විශ්ව දි ලිවේරා තෙන්නකෝන් යන අය පෙනී සිටියහ. වගයුත්තරකරුවන් වෙනුවෙන් ජෙෂ්ට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාලින්ද රණසිංහ රජයේ ජෙෂ්ට නීතිඥ ලක්මාලි කරුණානායක යන අයද පෙනී සිටියහ. මෙම පෙත්සම්කාරියගේ දකුණු අතේ උඩ බාහුවේ බුදුන් වහන්සේ නෙලුම් මලක් උඩ වැඩිවී සිටින බුදුන්ගේ රුපයක් සහිත පච්චයක් කොටා තිබිණි. ඇයට මෙය ලංකාවට ඒමේදී රේගුවෙන් ප්‍රශ්නයක් වුයේ නැත. නමුත් කටුනායක පොලිසිය විසින් ඇය ව අත්අඩංගුවට ගෙන මිගමු මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කරන ලදී. එයින් මිගමු රක්ෂිත බන්දනාගාරයේ රාත්‍රී දෙකක් රිමාන්ඩ් කෙරිණි. ඇය එහිදී ලිංගික හින්සනයට පාත්‍ර වූ අතර නිලදාරින්ට අල්ලස් දීමටද සිදු විය. ඇය ශේෂ්ට්‍රදිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කල අතර එයින් ජය ලැබුවාය. ඒ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ අංක 11, 12 (1) සහ 13(1) වගන්තින් වලින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් කඩ කර තිබීම ගැනයි. රජයට ලක්ෂ 5 ක් වන්දි ලෙසද ලක්ෂ දෙකක් නඩු ගාස්තු ලෙසද වගයුත්තරාකාර පොලිස් නිලදාරීන් දෙදෙනාට රුපියල් 50,000 /= බැගින් වන්දිද ගෙවීමට සිදු වුනි. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

Monday, November 13, 2017

නිතිය සැමට (Law for All );- හර්ෂ මංජු ශ්‍රී පාපොච්චාරණය. ( Welikada Massarcre)

මේ 121110 වැලිකඩ නම් පොතයි. කසුන් පුස්සෙවෙල විසින් රචිත මෙම පොතට සැමගේ ප්‍රණාමය හිමිවිය යුතුය. 1983 කළු ජූලියේදී සිදුවූ වැලිකඩ සංහාරය නැවතත් 2012 දි කරලියට පැමිණියේය. මරා දැමු ගණන නිල සන්කයා ලේකන වලට අනුව 27 කි. නමුත් මෙම පොත අනාවරණය කරන ආකාරයට එය ඊට වැඩි වේ. ලැයිස්තුවකට මරා දැමිණි. ඇතැම් ඉනියා බුද්දීමතුන්ට අනුව මෙම සංහාර දෙක ගැන නැවත මතක් කිරීම පරණ තුවාල නැවත අලුත් කිරීමකි. නීති සිසුන් කියවිය යුත්තේ අපරාද නඩු විදාන සංග්‍රහය, සිවිල් නඩු විදාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය, සාක්ෂි නිතිය සහ ආයතන සංග්‍රහය පමණක් නොවේ. මක්නිසාද ප්‍රයෝගික බාවිතයේදී මෙම පොත් වල සදහන් ආකාරයට නිතිය ලස්සනට සහ පැහැදිලිව නැත. යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මේ කාලයේ මෙම පොත සැමගේ අවදානයට ලක්විය යුතුය. රාජපක්ෂ සමයේ කෝට්ටේ හිමිවරු දෙනෙමක් ගාතනය කෙරිණි. ඒ පවුරානික කඩුවක් සොරකම් කිරීමට ගොසිනි. සැකකරු වුයේ හර්ෂ මංජු ශ්‍රිය. ඔහු වැලිකඩ බන්දනාගාරයේ සිටි අතර ඊලග නඩු දිනයේ පාපොච්චාරණයක් කිරීමට සිටි අතර මෙය බන්දනාගාර නිලදාරින්ටද රහසක් නොවිණි. නාකොටික් එකේ රන්ගජිව ලැයිස්තුවකට අනුව මුලින්ම අඩගසුවේ මොහුගේ නමයි. මෙම පොත වැලිකඩ සංහාරය පිලිබදව පරීක්ෂණ පැවැත්වීමට ඉතා හොද සාක්ෂියකි. අවම වශයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සබාවේ අවදානයවත් මෙයට යොමුවිය යුතුව ඇත. එසේ නොවුනහොත් යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හුදු නාම පුවරු පමණක් වනු ඇත. 

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...