Tuesday, January 31, 2017

ගුරුවරුන්ට ගහන්න බනින්න අයිතියක් නැත.



පහත සිදුවීම ඉතා නින්දිත්ය. නීති විරෝදිය. මෙයට නීතියෙන් යුක්තිය ඉටු විය හැක. නමුත් සිසුවාට වූ ශාරීරික මානසික හානියට වග කියන්නේ කවුද? ශාරීරික දඩුවමට එරෙහිව ශ්‍රී ලංකාවේ නීති ඇත. නමුත් ජන මතය කවරක්ද? තවමත් අපේ රටේ අම්මලා සහ තාත්තලා ළමුන්ට ගැසිය යුතුය බැනිය යුතුය යන මානසිකත්වයේ පසුවන අතර එය ප්‍රයෝගිකවද ක්‍රියාත්මක වේ. එයට බලපාන ජන වහරේ කියමනක්ද ඇත. එනම් නොගහ හදන දරුවා හැදී නොගා හදන හොද්දකට උපමා කිරීමය. 


නියෝජ්‍ය විදුහල්පති සිසුවාගේ කන පලලා


ඇඟට හිර කමිසයකින් සැරසී පාසලට ආ සිසුවකුට එම පාස‍ලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා කන පැලෙන්න පහරදීමේ සිද්ධිය පිළිබඳව උතුරු කළුතර ‍පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මෙම පහර දීමෙන් කනට තුවාල සිදුවූ දියගම ගල්ගන ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි සිසුවා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල් ‍පොලීසිය මගින් උතුරු කළුතර ‍පොලීසියට කරන ලද දැනුම් දීම අනුව මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

තාරක දුෂ්‍යාන්- කළුතර

Monday, January 30, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- අද්‍යාපනය (Education in South Korea)


දකුණු කොරියාවේ රජයේ පාසල් සහ පුද්ගලික පාසල් යනුවෙන් පාසල් දෙවර්ගයක් ඇත. මේ දෙවර්ගයටම ආදාර ලබා දෙන්නේ ආණ්ඩුවයි. රජයේ පාසල් වලට වඩා පුද්ගලික පාසල් වලට ලැබෙන ආදාර ප්‍රමාණය අඩුය. දකුණු කොරියාවට ආර්ථික සහයෝගිතා සහ සංවර්දන සංවිදානයේ රටවල් අතරින් ඉතා ඉහල ස්ථානයක් සාක්ෂරතාවය අතින් හිමි වේ. එහි අද්යාපන උණක් ඇතැයි පැවසීමට තරම් අද්‍යාපනයට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. ආර්ථික සහයෝගිතා සහ සංවර්දන සංවිදානයට අනුව 2014 ගණිතය සහ විද්‍යාව ලබා ගත් ලකුණු ප්‍රමාණයට අනුව දකුණු කොරියාව දෙවැනි වුයේ සිංගප්පුරුවට පමණි.

දකුණු කොරියානු සමාජයේ උසස් අද්‍යාපනය යන්න ඉතා ඉහල මෙන්ම බරපතල කරුණක් වේ. එය ජන ජිවිතයේ සංදිස්ථානයක් බවටද පත්වී අවසන්ය. අද්යාපන  සාර්ථකත්වය පවුලකට ආඩම්බරයකි. එය දකුණු කොරියානු මද්යම පන්තියට පිවුසුමෙහිලා දොරටු විවුර්ත කිරීමකි. එය හොද රැකියාවක් ලැබීමට උසස් විවාහයකට අවතීර්ණ වීමටද බලපාන කරුණක් වේ. යමෙකුට විශ්ව විද්‍යාල උපාදියක් නොතිබීම සමාජයේ වෙනස් කොට සැලකීමට මෙන්ම අනෙක් අය පහත් ලෙස තමන්ට සැලකීමටද හේතුවකි.

2015 දී රටේ දල දේශීය නිෂ්පාදනයෙන් 4.7% ක් අද්යපනයේ සැම මට්ටමකටම යොදවනු ලැබිණි. රටේ ඉහලම විශ්ව විද්‍යාල 03 ක් තිබේ. ඒ සියෝල් ජාතික විශ්ව විද්‍යාලය, කොරියානු විශ්ව විද්‍යාලය සහ යෝන්සි විශ්ව විද්‍යාලය  වේ. දකුණු කොරියානු අද්‍යාපනය එක්සත් ජනපද හිටපු ජනපති බැරක් ඔබාමාගේ පැසසුමටද ලක්වුණි. 

රටේ දැඩි අද්යාපන තරගකාරී බවක් තිබේ. මේ තත්වය සියදිවි නසා ගැනීම් සදහාද හේතු වේ, ඒ අද්යාපන විද්‍යාල වලට ඇතුළු වීමේ ඇති දැඩි තරගකාරිත්වය හේතුවෙනි. එක් ගුරුවරියක් ප්‍රකාශ කලේ රටේ අද්‍යාපනය ළමුන් අතවරයට ලක් කරන බවත් එය වහා ප්‍රතිසංස්කරණය සහ ප්‍රති විවුහගත කිරීම කල යුතු බවය. 

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

Friday, January 27, 2017

අල් ජසිරා වාර්තාකරු නිදහස් කරනු !



තම මද්යවෙදියා ඊජිප්තුවේදී අත්අඩංගුවට ගැනීම ගැන අල් ජසිරා හෙලා දැක තිබේ. ඔහුව කයිරෝවේදී අත්අඩංගුවට ගනු ලැබුවේ නිවාඩුවක් ගත කිරීමට පැමිනිමෙදිය. ඒ දෙසැම්බර් 20 වැනිද්දාය. අල් ජසිරා මාද්‍ය ජාලය ඔහුට එරෙහි වියාජ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර සිටි. 

ශ්‍රී ලංකාවේ මද්යවේදීන් බහුතරයක් මහින්ද පාලනයේදී දැඩි ත්‍රාසයට හා බිතියට පත් විය. එක්නැලිගොඩ අතුරුදහන් කෙරිණි. ලසන්ත මරා දැමිණි. මේවා සොයන්නට වින්දිතයින්ට යුක්තිය ඉටු කරන්නට පොරොන්දු දී බලයට පැමිණි යහපාලන රජයෙන්ද එය ඉටු නොවන ආකාරයක් පෙනෙන්නට තිබේ. මහින්ද බලයට පැමිණීමට යලි වලි කයි. යහපාලන ආණ්ඩුවේ මන්දගාමී සුවබාවය එයට උඩගෙඩි දීමක් වනු ඇත.

http://www.aljazeera.com/news/2017/01/arab-journalists-urge-egypt-free-al-jazeera-reporter-170121204308480.html 

Wednesday, January 25, 2017

ජනතා අදිකරණය (88);- සරත් කුමාර නයිදොෂ් නඩුව.



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 608/2008 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු පිළියන්ද පදිංචි සරත් කුමාර නයිදොස්ය. වගයුත්තරකරුවන් වුවේ මොරටුව පොලිසියේ නිලදාරීන් පොලිස්පති සහ නීතිපතිවරයාය. 

මෙය අගවිනිසුරු කේ ශ්‍රීපවන් විනිසුරු ප්‍රියන්ත ජයවර්දන විනිසුරු අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග වුනි. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ එමිසා ටිගොල් වගයුත්තරකරුවන්  වෙනුවෙන් නීතිඥ අස්තික දේවේන්ද්‍ර නීතිඥ කාමිල් මද්දුමගේ රජයේ ජෙෂ්ට නීතිඥ මාදව තෙන්නකෝන් යන අය පෙනී සිටියහ. තීන්දුව ලබා දුන්නේ 2017.01.19 වැනිදාය.

පෙත්සම්කරු මේසන් බාස් කෙනෙකි. විවාහක පියෙකි. ඔහු මිට පෙර ගංජා නඩුවකට වරදකරු වූ බව පිළිගැනේ. මිට අමතරව ඔහුට වෙනත් අපරාද නඩු නැත. ඔහු තමන්ට ඉහත මොරටුව පොලිසියේ වගයුත්තරාකාර නිලදාරීන් වදහිංසා කර කෘර අමානුෂික පහත්කොට සැලකිමකට ලක් කල බව කියා සිටි.

මොරටුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නේ සොරකමකට සැක කොටය. ඔහුට මොරටුව පොලිසියේදී අමානුෂික ලෙස වදහිංසා පම්නුවනු ලැබිය. ඒ අතර එල්ලා පහරදීමද විය. ඔහුව බැලීමට පැමිණි බිරිද ඇතුළු ඥාතීනට තමනට වදහිංසා පැමිණවූ බව කියා සිටියේය. ඔවුන් අදිකරණයට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කල අතර ඒවා තීන්දුවට ඉතා තීරණාත්මක ලෙස බලපාන ලදී. පොලිස් නිලදාරීන් ඔහුට තර්ජනය කලේ බෝම්බයක් දමා දිගු කලකට බන්දනාගාර ගත කරන බවයි. ඔහුව පොලිසියේ රදවා සිටියදී නීතිඥවරියන් දේපලක් ඔහුව බැලීමට පැමිණි අතර එක නීතිඥවරියක් අදිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළාය.

පෙත්සම්කරුව මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි. ඔහුට විරුද්දව මොරටුව පොලිසිය නඩු දෙකක් ඉදිරිපත් කර තිබිණි. ඔහුව රක්ෂිත බන්දනාගාර ගත කෙරිණි. මින් එක් නඩුවක් සොරකමක් සම්බන්දයෙන් වන අතර අනෙක හෙරොයින් නඩුවකි. වගයුත්තරාකාර පොලිස් නිලදාරියා එම නඩු වලදී අදිකරණයට අසත්‍ය සාක්ෂි දුන් බව තහවරු විය. මහේස්ත්‍රාත් වරයා පහත නිගමනයන් සිදු කළේය. එනම් ඔහුව 2008.07.05 දින සිට 2008.07.13 දක්වා නීතිවිරෝදී ලෙස රදවා ගැනීමෙන් පසු වදහිංසා පැමිණවූ බවය.

ශේශ්‍රදිකරණය ඔහුගේ 1978 ආණ්ඩු ක්‍රම ව්වස්ථාවෙන් සහතික කර ඇති අංක 11 සහ 13 (1) වගන්තින් වල සදහන් මුලික අයිතීන්උල්ලංගනය වූ බව නිගමනය කළේය. පළමු සහ දෙවන වගයුත්තරකරුවන් ඔහුට වන්දි ලෙස වෙන වෙනම රුපියල් ලක්ෂය බැගින් වන්දිද රජය රුපියල් ලක්ෂයක වන්දියක්ද ඒ අනුව මුළු වන්දිය ලෙස රුපියල් ලක්ෂ තුනක්ද ඔහුට ගෙවීමට නියම කල අතර එය මෙම තීන්දුවේ සිට සති 04 ක කාලයකදී ගෙවිය යුතු බවත් තීරණය කෙරිණි. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න. 


මෙය පානදුර ජනසන්සදයට වාර්තා වූ සිද්දියකි.

ජනසංසදය 

0773201270
0382231419

Sunday, January 22, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- මිත්‍යා විශ්වාස ( Superstition in Korea )



මා දකුණු කොරියාවට පැමිණීමට මාස 03 කට පමණ උඩදී අපේ අසල්වැසි කාන්තාවක් අප හට බැන වැදුනාය. මිට හේතුව වුයේ මගේ මව ඔවුන්ට කෑමට දුන් හැලප වලට කොඩි විනයක් කර ඇති නිසා ඔවුන්ගේ විවාහ පත් බාල දියණියට බබාලා සම්බ නොවන බවයි. ඔවුන් විවිද කරුණු කීමෙන් අප සියලු දෙනාටම බැන වැදුනහ. එයට මම ද ඉල්ලක්කයක් වුනි. මට කිවේ හැම දේම තියෙනවා හැබැයි අවුරුදු 45 ත් පැනලා තාම මිනිහෙක් සොයා ගැනීමට නොහැකි වූ බවයි. මෙය මගේ මුනට කිවේ නැත. ඔවුන් එසේ බනිනු අම්මාට ඇසිනි. එය දැන ගත් විට යම් තැති ගැනීමක් ඇති වුවද ඉන්පසුව කිසිදු කණගාටුවක් ඇති වුයේ නැත. දැන් මතක් වෙන කොට සිනා පහල වේ.

කොරියාවේදී මගේ යෙහෙලියක් මාහට පෙම්වතෙක් සිට්නවාදැයි ඇසුවාය. මම නැහැ කීවට අප අතර කසාද නොබැදීමට හෙතුන්ද සාකච්චාවට බදුන් විය. එහිදී ඒ පිලිබදව සාස්තරයක් ඇසීමද මාතෘකාව බවට පත් වුනි.

දකුණු කොරියාවේද අපේ රටේ මෙන් මිත්‍යා විශ්වාස ඇති බව මට පසක් වුනි.

කොරියාවේ මිත්‍යා විශ්වාස කොරියානු ශාමනිසම් දක්වා මුල් බැස තිබේ. එය කොරියානු ජිවිතයේ බොහොමයක් පැතිකඩ දක්වා වියාප්තව ඇත. 

1. නම් ලිවීමේදී රතු පාට බාවිතා කිරීම අයහපත කැදවයි. මරණයද කැදවයි. චීනයේ මිත්යාවකට අනුව රතු පාට චීන අදිරජ්‍යයා නියෝජනය කරයි. ඒ අනුව අදිරජ්යට පමණක් රතු පාටින් තම නම ලිවිය හැකිය.

2. යම් කෙනෙකු සිහිනෙන් උරන් දකිනම් එමගින් යහපත කැදවයි. උරා දනවත් බවේ ලක්ෂණයකි.

3. අංක 04 අවාසනාවේ සන්කෙතයෙකි. එය අවාසනාව හෝ මරණය කැදවන්නකි.

4. ලිහිණියා වාසනාව කැදවන අතර දනාත්මක ලකුණකි.

5. කපුටන් කෑගසන විට එය පිටුපස අවාසනාව ලුහුබදින බව සැලකේ.

6. විදුලි පංකා දමා නිදා ගැනීම මරණය කැදවීමක් ලෙස සැලකේ.

7. තෑගි ලෙස සපත්තු දීම රහසේ පලා යාමට හේතුව වේ.

8. කකුල් සෙලවීම පුද්ගලයකුට වාසනාව අහිමි කිරීමකි.

9. එළිපත්තට අඩිය තැබීමද අවාසනාව කැදවිමකි.

10. පුද්ගලයකු රාත්‍රියේ අත් වල හෝ කකුල් වල නියපොතු කැපීම අවාසනාවක් වේ.

11. මුහුදු අබ සුප් කෙනෙකු විබාගයක් පවතින දින ආහාරයට ගැනීම එය අසමත් වීමක් ලෙස සැලකේ. නමුත් එදින සහල් කෙක් ආහාරයට ගැනීම එය සමත් වීමක් ලෙස සැලකේ. 

මෙම ලිපියේ අන්තර්ගත කරුණු ඉංග්‍රීසියෙන් දැන ගැනීමට පහත සබැදියාව හා යොමු වන්න.

Thursday, January 19, 2017

කොරියානු දිනපොත (Korean Diary) ; මැයි 18 සි අයි ඒ වාර්තා හෙළිදරවු කෙරේ. (CIA reports on May 18 declassified)




දකුණු කොරියාවේ සිවිල් සංවිදානයක් මෙසේ කියා සිටි. එනම් 1980 කුවන්ජු පිබිදීමේ සි අයි ඒ වාර්තා තමන් විශ්ලේෂණය කරන බවත් එමගින් නොවිසදුනු ප්‍රශ්න තමන්ට විසදා ගත හැකි බවත්ය. මේ බව ප්‍රකාශ වුයේ බ්‍රහස්පතින්දා පැවති මාද්‍ය හමුවකදීය. මේ සිවිල් සංවිදානය මැයි 18 අනුස්මරණ පදනම වේ. මැයි 18 අනුස්මරණ පදනම පිබිදීම පිලිබදව විමර්ශන පවත්වන අතර අනුස්මරණ වියප්රුතින් කළමනාකරණය කරනු ලැබේ. ඔවුන් මෙම පිබිදීමට අදාල සි අයි ඒ ලිපිගොනු පරික්ෂා කිරීම ආරම්බ කර ඇත. 

මෙම 1980 මැයි 18 පිබිදීමේදී සිවිල් වැසියන් 165 ක් මැරුණු අතර තවත් 76ක් මැරුණු බවට සාක්ෂි ඇතතත් ගණනය කර නොමැත. 1995 දී ජාතික සබාව විශේෂ නීතියක් පැනවිය. ඒ මැයි 18 සමුල ගාතනයේ වගකිවයුත්තන්ට නඩු පවරන ලෙසය. ඒ අනුව සමුල ගාතනයට අණ දුන් හමුදා ආඥාදායක චුන් ඩේ හුන් සහ ඔහුගේ අනුප්‍රප්තිකයට එනම් රෝ ටේ වුට පිළිවෙලින් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් සහ අවුරුදු 22.5 ක සිරදඩුවම් නියම කෙරිණි. නමුත් 1997 දී ඔවුන් දෙපලට ජනපති කිම් යුන්ග් සම් සමාව දුන්නේ එවකට ජනපති ලෙස තේරී පත්වූ කිම් ඩේ ජුන් ගේ උපදෙස් පරිදිය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.






Wednesday, January 18, 2017

දෙමල ජනයාට ප්‍රශ්නයක් ඇත.



දෙමළ ජනයාට ප්‍රශ්නයක් නැති බවට මහාචාර්ය නලින් ද සිල්වාට සහ ජාතිවාදී අතලොස්සට කෑමොර දිය හැක. ඉස්කෝලේ මිස් මගෙ කනින් ඇද්ද විට රිදෙන්නේ මටය. එහෙත් බලා ඉන්න අයට එය සුළු දෙයක් ලෙස පෙනි යා හැක. දෙමල ජනයාටද එසේමය. ඔවුන්ට තම ඥාතීන් මරා දැමීම වදහිංසා පැමිණවීම අතුරුදහන් කිරීම ආදී වශයෙන් බරපතල ගැටළු රැසක් තිබේ. මේ පිලිබදව පරීක්ෂණ පවත්වා වින්දිතයින්ට යුක්තිය ඉටු කල යුතුය. එසේ නොවුවහොත් ඉතිහාසය නැවත රාව ප්‍රතිරාව දෙනු නොවැලැක්විය හැක.

වත්මන් ආණ්ඩුවේ දුර්වලතා රැසක් ඇත. නමුත් ඒවා පිළිසකර කර ගැනීමට අසීරු ඒවා නොවේ. හිටපු ජනාදිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරන තුංග කිවේ මේ ආණ්ඩුවේ ඉහලම දෙන්නා සොරකම් නොකරන බවයි. මෙය ඉතා හොද තත්වයකි. ඒ අනුව සියලු ජනයාට නිතිය මත පාලනය බෙදා හැරීමට ඔවුන්ට හැකියාව ඇත. එයට සොරකම් නොකිරීම ඉතා විශාල රුකුලක් වේ.

ආනන්දී ශෂිදරන් මහත්මිය උපවාසයක් අරඹන බව කියා සිටි. මා මෙය දකින්නේ ඉතා යහපත් දෙයක් ලෙසයි. පවතින යහපාලන ආණ්ඩුව මේ පිලිබදව සාදාරන විසදුමක් ලබා දිය යුතුව තිබේ.

''යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාර වී අතුරුදහන් වූවන් සොයා දීම සම්බන්ධයෙන් රජය සැලකිල්ලක් නොදක්වන නිසා අතුරුදහන් වූවන් සොයා දෙන්නැයි බලකරමින් ලබන ඉරිදා (22) මාරාන්තික උපවාසයක් අරඹන බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් මහත්මිය පවසයි.

අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාරවී අතුරුදහන්ව සිටින  තම සැමියා ඇතුළු ලක්ෂ සංඛ්‍යාත අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජය කිසිදු සැලකිල්ලක් නොදක්වීම තම මාරාන්තික උපවාසයට හේතු වූ බවද ඇය කියා සිටින්නීය.

කොටි සංවිධානයේ ත්‍රීකුණාමලය බාර නායකයාව සිටි සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන් ද අවසන් යුද සමයේදී 58 වන සේනාංකය හරහා ආරක්ෂක හමුදාව වෙත බාර වූ බවත් ඔහු අදට පවා අතුරුදහන්ව සිටින බවත් විශේෂයෙන් ඔහු පිළිබද දැනගැනීමේ අරමුණින් තමා මෙම තීරණය ගත් බවත් ඇය කියා සිටින්නීය.''

කොරියානු දිනපොත (Korean Diary );- සැම්සුන් ලොක්කා උසාවියෙන් නිදහස් කෙරේ.



සැම්සුන් ලෝක්කා අත්අඩංගුවට ගැනීම උසාවිය ප්‍රතික්ෂේප කරයි. එයට හේතුව සාක්ෂි මදකමයි. මේ දේවල් සිදුවුයේ සැම්සුන් ඉලෙක්ට්‍රොනික් උප සබාපති ලි ජේ යුන් අත්අඩංගුවට ගැනීම සමබන්දයෙනි. එය සුවාදින නීති විමර්ශනයට පසු බැසීමක් ලෙස සැලකේ. මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වුයේ ඔහු සහ ජනාදිපති පාක්ගේ හිතවතියක සමග වූ අයතා මුදල් වංචාවක් හේතුවෙනි. සුවාදින නීති විමර්ශක මෙම අපචාරයට සම්බන්ද අනෙක් සැම්සුන් නිලදාරීන් තිදෙනාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කලේ නැත. ඒ මෙමගින් සැම්සුන් වියාපාර කටයුතු වලට සිදුවන බලපෑම සලකාය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.



Tuesday, January 17, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- ''සුවපහසු'' කාන්තා ප්‍රතිමාව. ( Comfort woman statue)


ජපානය කෝප වී ඇත. ඒ දොක්දෝ හි සුවපහසු කාන්තා ප්‍රතිමාවක් ඉදි කිරීමට දකුණු කොරියාව සැලසුම් කිරීමත් සමගය. ජපාන විදේශ ඇමති කිවේ දොක්දෝ දුපත තමන්ට අයිති බුමියක් බවයි. මෙම කොරියානු සුවපහසු කාන්තාවන් ජපානය විසින් ලිංගික වහලුන් ලෙස දෙවන ලෝක යුද්දයට පෙර සහ ඒ අතර තුර යොදා ගනු ලැබිණි. බුසාන් හි පහිටි මෙවැනිම ප්‍රතිමාවක් ගැන දකුණු කොරියාව සහ ජපානය අතර ගැටුම මේ වන විටත් පවතියි. මේ නිසා කොරියාවේ ජපාන තානාපති සහ බුසන්හි කවුන්සිල් ජෙනරාල්වරයා මේ මස මුල ආපසු කැදවීමට තීරණය කෙරිණි. 

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

Sunday, January 15, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- Samsung Galaxy Note 7 ගිනි ගැනීම.


මෙම ෆෝනය අදික ලෙස රත්වී ගිනි ගැනීමක් සිදු විය. සම්සුන්ග් කොම්පැනියේ නිලදාරීන් පැවසුවේ මේ පිලිබදව පැවැත්වූ පරීක්ෂණයේ ප්‍රතිපල සදුදා එනම් 23 වෙනිදා හෙළිදරවු කරන බවයි. 

තවම ඒ පිළිබද විස්තර දන්නේ නැත. ඒ හි බැටරිය මිට හේතු වූ බවට විශ්වාස කෙරේ. මෙම ෆොනයට නවීන අංග රැසක් ඇතුලත් විය. 

ගිය ඔක්තෝම්බර් මස මෙම ෆෝනය අක්‍රිය කල අතර ආරක්ෂක විදිවිදාන සැලසීමක් ලෙස ලොව පුරා පිහිටි මෙම ජංගම දුරකථනය ආපසු කැදවනු ලැබිණි. කොම්පැනිය පවසන්නේ තමන් නැවත්තත් මේ පිළිබද පරීක්ෂණයකින් පසු පාරිබෝගික විශ්වාසය දිනා ගන්නා බවයි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

Thursday, January 12, 2017

නැදුන්ගමුවේ රාජා


අපි ශිෂ්ටද? මහනුවර පෙරහරේ කරඩුව 11 වන වරටත් වැඩම කරවූ අත් රජුට ගම බලා ඒමේදී මග දිගට හරසර පිදු බව වාර්තා විය. උගේ ඇගේ පිරිත් නුල්ද ගැට ගැසිනි. නමුත් මේ සතාගේ නිදහස අහිමිය. පිරිත් නුල් ගැට ගැසෙන්නේ ඇගේ එල්ලූ දම් වැල් මතය. කලබලයක් වුවහොත් මට්ටු කිරීමට හෙන්ඩුව ඇත. මේ සත්ව කෘරත්වය මිස අන් කවරක්ද? මෙසේ කියනවිට බවුද්දයින්ට කේන්ති යාහැක. නමුත් අපි අපවම රවටා ගෙන අවසන්ය. පිරිත් නුල් ගැට ගසා අපි නිදහස අහිමි කල සතාගෙන් සමාව බජනය කරමුද? උට කතා කිරීමට හැකිනම් මේ පීඩාවේ සත්‍ය දැන ගත හැක. 

සත්ව කෘරත්වය ගැන ලංකාවේ නීති ඇත. නමුත් එය පැරණිය. ඒ 1907 අංක 13 දරන සත්ව කෘරත්වය වැළැක්වීමේ අඥා පනත වේ. එහි වැරදිකරුවකු වන අයට දඩුවම රුපියල් 100 දක්වා දඩයක් හෝ මාස තුනක සිරදඩුවමක් වේ. මෙය අදට නොගැලපේ.

මේ අවස්ථාවේ සත්ව සුබසාදක පනත් කෙටුම්පත සම්මත කිරීම ගැන සාකච්චා වේ. යහ පාලන ආණ්ඩු සමයේ අලි හොරුන් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනිණි. ඒ අනුව මේ පනත් කෙටුම්පත හැකි ඉක්මනින් සම්මත කර අලුත් නීතියක් මගින් සත්ව හිංසනය වැළැක්වීම අනිවාර්ය වේ. 






Tuesday, January 10, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- ජෙජු පොලිසිය සහ අපේ පොලිසිය. (Jeju police & Ours)


ජෙජු පොලිසිය චීන බාෂාව උගනි. ඒ අපරාද සමග කටයුතු කිරීමේදී එයට සහයවීම පිණිසයි. එනම් අසල්වැසි රටින් පැමිණෙන පුද්ගලයින් සිදුකරන අපරාද ඉහල ගොස් ඇත. ඔවුන් මුලික චීන සංවාදය සහ චීන සංස්කෘතිය උගනි. 

2011 දී චීන අපරාද ගණන 58 කි. එය ගිය වසරේ 260 දක්වා ඉහල ගොස් තිබේ. ගිය වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා විදේශිකයින් ජෙජු දුපතේ සිදු කල අපරාද 558 න් 70% ක ප්‍රතිශතයක් චීන ජාතිකයින් විසින් සිදු කර ඇත. 

ලංකාවේ පොලිසිය කෙබදුද? ඔවුන් දෙමල ඉගෙන ගනීද? දමිලයින් ශ්‍රී ලංකාවේ සුළු ජාතිය වේ. ඔවුන් සහ මුස්ලිම් ජන කොටස් කතා කරන්නේ දෙමල බාෂාවයි. ශ්‍රී ලංකාවේ පොලිසියට දෙමල ඉගෙන ගැනීමට රජය විශාල මුදලක් වැය කරයි. නමුත් එයින් පලක් වී නැත. එයට ගැලපෙන්නේ නටපු තොවිලෙකුත් නැත බෙරේ පලුවකුත් නැත යන කියමනයි. 

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

Monday, January 9, 2017

කොරියානු දිනපොත (Korean Diary); ගිනි තබාගත් බික්ෂුව මිය යයි. (Monk Dies)




රෝහල් නිලදාරින්ට අනුව ගිනි තබා ගත් බික්ෂුව සදුදා එනම් දින දෙකකට පසුව මිය ගොස් ඇත. රටේ දෝෂාබියෝගය පැනවූ ජනාදිපතිනියට එරෙහිව මද්‍යම සෝල් හි විශාල විරෝදතා රැළියක් පැවැත්විණි. එහි දී මෙම බික්ෂුව ගිනි තබා ගන්නා ලදී. මෙය සෙනසුරාදා රාත්‍රී 10.30 ට පමණ සිදුව ඇත.

මෙම රැලියට ඉටි පන්දම් පත්තු කර ගත් දහස් ගණනක ජනතාවක් සහබාගි වුහ. මෙම බික්ෂුවගේ වාසගම සියෝ වේ. ගිනි තබා ගැනීමෙන් අනතුරුව බික්ෂුවගේ තත්වය බරපතල වී ඇත. පොලිසිය මෙම 64 හැවිරිදි බික්ෂුව සියදිවි නසා ගැනීමට උත්සහ කලේ යයි සැක පල කරයි. ඔහු මියයාමට පෙර සටහනක තබා තිබුනේ ජනපති පාක් ජියුන් හයි වහා බලයෙන් ඉවත්විය යුතු බවය.

ගිය මාසයේ ජනාදිපති පාක්ට එරෙහිව ගෙනා දෝෂාබියෝගයේදී පාර්ලිමේන්තුව එයට පක්ෂව චන්දය පාවිච්චි කළහ. ඒ ඇගේ සහ දිගු කාලින මිතුරියගේ දුෂණ අපචාරයක් හේතුවෙනි. දැන් ඇයට ජනපති බලතල ක්‍රියාත්මක කරීම තහනම් වේ. මේ අතර විවස්ථාදායක අදිකරණය මෙම දෝෂාබියෝගයේ වටිනාකම විමර්ශනය කරයි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://koreatimes.co.kr/www/news/nation/2017/01/113_221721.html

Sunday, January 8, 2017

The IGP makes way to free police officers who violate the constitution.


In 2008 Rajapaksha regiment not only allowed the police officers who did fundamental rights violations to remain in their positions but to promote them to higher rankings. 

In 2008 both Tenison Koyiteks  and his son were assaulted by the police personal attached to Hikkaduwa police and fabricated charges on them. The police personal were the sub inspector Sanjeewa Senevirathna and the police constable Suranga bearing number 64244. 

The Supreme Court gave a decision against this injustice and Up to now the orders are not being implemented. The fundamental rights case regarding this is bearing number SC/FR 158/08. The judgement was given on 17.02.2016. 

Tenison said that he hopes now the judgement is received by the Inspector General of Police. The perpetrators above mentioned violated the fundamental  rights of Tenison and his son Roshan Koyiteks. The Supreme Court ordered the perpetrators (respondents) and the state to pay compensation.  The Supreme Court also ordered to send the certified copy of this judgement to the IGP via the registrar. 

In 2008 these two police officers also fabricated two cases bearing number 7568 and 8049 on Tenison and his son before the Galle Magistrate court. Both of them are acquitted from these two fabricated cases. It had happened after nine years of court proceedings. Both of them had to appear 44 times to these two cases. During this nine year period the behavior of police was very heinous they state.

Tenison Koyiteks has written to the inspector general of police  (IGP) on 05 January 2017 requesting to take disciplinary actions against the police officers committed these illegal actions. Mr. Tenison Koyiteks also requested the IGP to inform him the actions he would take against these two police perpetrators. 

The link to the Sinhala version of this case is following,


The link to the judgement, 





කොරියානු දිනපොත (Korean Diary );- මද්‍යසාර (Drinking culture of korea)



කොරියානු මෙසේ උඩ මා දැක්කේ සොජු, රයිස් වයින් සහ මකොලිය. මේ තුනේම රස මා ටික ටික බැලුවෙමි. නමුත් ඇබ්බැහියි වුයේ නැත.

මකොලි සම්ප්‍රදායික මද්‍යසාර වර්ගයකි. සුදු පාටය. රයිස් වයින් ඇගට ගුණයයි පැවසේ. සොජු කොරියාවේ ඉතා ජනප්‍රිය වේ. එයට වර්ණයක් නොමැත. එහි වැඩි වර්ග ගණනක් නිෂ්පාදනය වන්නේ දකුණු කොරියවේදිය. එය සාදන්නේ සහල් ,ඉරිගු සහ බාර්ලි මගිනි. සමහර අවස්ථා වල සහල් වෙනුවට අර්තාපල්, පැණි රස අර්තාපල් සහ ටපියෝකා යොදා ගනී. එහි ඇති මද්‍යසාර ප්‍රමාණය 18% සිට 45% දක්වා වෙනස් වේ.

දකුණු කොරියාවේ පුද්ගල ජිවිත වල අවශ්‍ය අංගයක් බවට මද්‍යසාර පත්ව තිබේ. ඔවූන් ඉතා සැර මද්‍යසාර බාවිතයට ගනී. එය ලොව අන් කිසිදු රටකට දෙවෙනි නොවේ. ඔවුන්ගේ ප්‍රදානම රස සොජුය.

කොරියානු ජන ජිවිතයේ උත්සව අවස්ථා වල නිවාඩු දිනවල විශේෂයෙන් මද්‍යසාර වලට සුවිශේෂී තැනක් හිමි වේ. රටේ බුගෝලය , දේශගුණය සහ සංස්කෘතිය මිට බලපාන සෙසු සාදක වේ. ඔවුන් මද්‍යසාර පානය කරමින්  සිය මියගිය ඥාතීන්ට ගවුරව කිරීම මිතුරන්ට සහ අසල්වැසියන්ට හොද හිත පැතිරීම සිදු කරති. ඔවුන් අලුත් අවුරුද්දේ සොජු පානය කරන්නේ ලෙඩ දුක් පලවා හැරීමට සහ වැරදි ආත්මයන් ගෙන් මිදී සහනයන් සොයාය.

කොරියානු සමාජය කාලයත් සමග වෙනස් විය. මේ සමග මද්‍යසාර බාවිතා කිරීමේ සංස්කෘතියද වෙනස්ව ඇත. පැරණි කොරියානුවන් විශේෂ අවස්තා වල පමණක් මද්‍යසාර ගත්තද දැන් කොරියානුවන් එයට විශේෂ අවස්ථාද නැද්ද යන්න ප්‍රශ්නයක් නොවේ. 

මා නිරීක්ෂණය කල දෙයක් විය. එනම් ලංකාවේ තත්වයට වඩා වෙනස් දෙයකි. ලංකාවේ පිරිමි කාන්තාවනට මද්‍යසාර ගැනීමට උදවු කරන්නේ නැත. නමුත් කොරියානු පිරිමින් කාන්තාවන් බොනු දැකීමට කැමතිය. ලංකාවේද මේ වන විට කාන්තාවන් බියර් පානය කරනු ඉහල ගොස් ඇත. නමුත් එය තවමත් ප්‍රසිද්දියේ සිදු නොවේ. 

Saturday, January 7, 2017

පුජක ගාතනයේ මිනීමරුවන්ට දඩුවම් කරනු.



ඔහු මේරි බැස්ටියන් පිය තුමාය. දමිල ජාතිකයෙකි. මානව හිම්කම් අරක්ශකයෙකි. ඔහුව 1985 දී හමුදාව විසින් මරා දමනු ලැබිණි. ඒ දශක තුනක යුද්දය අරම්බක සමයේදීය. ගාතනය සිදුවුයේ වන්කලයි ශාන්ත අනා පල්ලියෙදිය. ඔහුගේ ඥාතීන් මේ ගාතනය සම්බන්දයෙන් පරීක්ෂණ ආරම්බ කරන ලෙස ආණ්ඩුවට බල කර සිටිති.

ජාති කුල ආගම බේදයකින් තොරව ගාතනය වූ සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පරීක්ෂණ පවත්වා යුක්තිය ඉටු කල යුතුව තිබේ. එහිදී 1971 කැරැල්ල, 88/89 බිෂණය, දශක තුනක යුද්දය විශේෂ වේ. නිතිය මත පාලනය නොමැතිව යහ පාලනයක් සහ සංහිදියාවක් ඇති විය නොහැක.

තවද ඉතිහාසයේ ලේ වැගිරීම් අමතක නොකළ යුතුය. දියුණු රටවල විශේෂයෙන් දකුණු කොරියාවේ අතීත ලේ වැගිරීම් අනුස්මරණය කරති. එය ඔවුන්ගේ දියුණුවේ රහසද වේ.

කොරියානු දිනපොත (Korean Diary) ;- ඕපදුප (Gossip)


මේ කවුද ? මොනවාද කලේ ? මැගේ නම සහ හැඩරුව යන දෙකම මිහිරිය. ලංකාවේ මානව හිමිකම් කාර්යාලයක වැඩ පුහුණුව ලැබ මාස පහකට පසු සිය රට පැමිණියාය. සිංහල වචන 07 ,08 ක් පුළුවන. මට හර්ෂි අක්කි කියා ආමන්ත්‍රණය කළාය. එය ලෙන්ගතු අමන්ත්රනයක් ලෙස මම මුලදී සැලකුවෙමි. බලෙන්ම කතාවට ආවාය. 

ඉන්පසු පහත ප්‍රශ්න මැසෙන්ජර් හරහා පැමිණෙන ලදී. 

Harshi Akki, 

How is your life in Korea? If there is any problem pl let me know. How is ..........? How is your friendship with him?

මම ඕපදුප කියන කෙනෙක් නොවෙමි. එම යහ පුරුද්ද මා තුල කෙසේ ගොඩ නගුනේදැයි මා දන්නේ නැත. මගේ පියා කිසිදා මා සමග ඕපදුප කියා නැත. නමුත් මගේ මව ඉට වඩා හාත්පසින්ම වෙනස්ය. ඇය අල්ලපු ගෙදර මිනිසා හයියෙන් ඇනුමක් ඇරියත් මා සමග කියයි. එවිට මා කරන්නේ කේන්ති ගැනීම නොව මාතෘකාව වෙනස් කිරීමයි.

මගේ ලංකාවේ කාර්යාලයේ ප්රාදනියා මගේ පියාය. මා ඔහු සමග කාර්යාලයේ වෙන දේවල් පවසමි. ඒ අතර සිත් රිදිම්ද වේ. මෙය කේලම් කිමක්දයි මම දන්නේ නැත.

දකුණු කොරියාව ලංකාවට වඩා බෙහෙවින්ම දියුණු රටකි. එහි මිනිසුන්ද ඉතා උසස්ය. මේ බව මිට පෙර කොරියානු දිනපොත හරහා මැනවින් පැහැදිලි කලෙමි.

එත් ඒ දියුණු රටේ ඕපදුප හොයන කේලම් කියන අයද කිහිප දෙනෙකු හෝ සිටියි. 

Wednesday, January 4, 2017

Ex police officer's malpractice.


This is Disilin Perera 85 years old widow with no children resides at Nugagoda, Waskaduwa. On 12 December 2016 a day before Poya day one person called Liyanage Mayithri Perera assaulted her and tried to evacuated her from her house forcefully. She lodged a complaint on this at Moronthuduwa police. But the police did not investigate it so she again complained it on 16th December. 

According to her Liyanage Mayithri Perera is an ex court police officer. At last he served at Dodangoda police. 

Fifteen years ago during a visit to Somawathiya pilgrimage they have met so called Liyanage Mayithree Perera. They have been become friends since then. He appears as a good Buddhist. He cheated and took her land and built a two stored house. The front room of her house devotes to Buddhist activities. He is one top devotee and a member of the temple called Nugagoda Nagarukkaramaya. 


He tried to help them via Buddhism and cheated them and took their land. But they have been residing in the house since 5th June 1970. According to her he used her to work in the house and land. 

Now she is 85 years old. Now she is unable to work. This so called Liyanage Mayithree Perera even not gives her a glass of water to drink. Instead that he threats her to kill by putting a shopping bag into her head. It states that he was an ex accused in a murder case . 


For the complaint lodged on 16th December a policeman came to her home. This police officer took her signature and threatened her not to come to the police station and went.

She has made a written request to the inspector general of police and divisional secretariat of Kalutara to take legal actions regarding threats to kill her and cheated and took her property and neglect to care her at the old age after taking work for 12 years.  

Tuesday, January 3, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- අපරාද (Crimes)



අපරාදකරුගේ නම හෙළි කර නොමැත. ඔහුට වසර 35 ක සිරදඩුවමක් හිමි විය. ඒ ගැබ් ගෙන සිටි පෙම්වතිය මරා දැමීම හේතුවෙනි. ඔහු මිට වසරකට පෙරද සිර දඩුවමක් බුක්ති විද තිබුණි. ඒ කලින් හිටපු පෙම්වතිය මරා දැමීමට තැත් කිරීම වෙනුවෙනි. අදිකරණය පැවසුවේ අපරාදකරු වින්දිතයා තමා නිසා ගැබ් ගෙන සිටින බව දන්නා බවයි. ඒ අනුව අදිකරණය ඔහුව විවේචනය කළේය. ඒ මනුෂ්‍ය ජිවිතයකට වගකීමට සහ ආරක්ෂා කිරීමට නොහැකි වීම සම්බන්දයෙනි. 

මෙම මිනිසා පසුගිය නොවැම්බර් මස සිය පෙම්වතිය සමග ජෙජු දුපතට ගියේ අවන්හලක් විවුර්ත කිරීමට ස්ථානයක් සොයාගෙනය. යුවල රාත්‍රිය ගත කළහ. පසුදින උදැසන මුල්‍ය කරුණක් සම්බන්දයෙන් තර්කයක් ඇති විනි. මිනිසා ඔහුට ගවුරව නොකිරීම ගැන අගේ බෙල්ල මිරිකීමට තැත් කළේය. ඇය මිය ගියේ නැති බව දැන ඔහු හෙයා දයිරයේ වයරය උපයෝගී කර ගත්තේය. 

මෙම තීන්දුව ලබා දුන්නේ දෙජියන් මහා අදිකරණයයි.

දකුණු කොරියාවේද දණ්ඩ නීති සංග්‍රහයක් තිබේ. එය කොටස් දෙකකින් යුක්ත වේ. ඒ සාමාන්‍ය රෙගුලාසි සහ එක එක අපරාද වෙනුවෙනි. සාමාන්‍ය රෙගුලාසි කොටස් සතරකින් යුක්ත වේ. එනම් අපරාද නිතිය ගැන ඉල්ලුම් කිරීම, අපරාදය, දඩුවම සහ කාල පරාසය යනුවෙනි.



මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න. 



Monday, January 2, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- දොර අගුල (Door Lock)



02 වැනිදා උදැසන කාර්යාල කටයුතු අරම්බක කෙරිණි. සුපුරුදු සදුදා උදැසන කාර්යාල රැස්වීම පැවැත්විණි. ඉන්පසුව අපි අපිම කාර්යාලය පිරිසිදු කිරීමේ වැඩ කටයුතු වල නිරත වුනෙමු. ඊළගට නැවත රැස්වීමකි. එහිදී මැයි 18 අනුස්මරණ පදනමේ මහා ලේකම්වරයා සියලු කාර්යාල සාමාජිකයින් ඇමතුවේ 2017 වසරට සුබ පැතුමද එක් කරමිනි.

ඉන්පසුව ශානවාස් අප සමග වැඩ කල පකිස්තානු ජාතිකයෙකි. ඔහු අදාල වැඩ මුරය සාර්ථකව නිමවා ගිය දෙසැම්බර් 31 සිය රට බලා ගියේය. චෝයි , අෆ්ටාබ් සහ මම ඔහුගේ නිවස වෙත ගියෙමු. ඒ ඔහු පාවිච්චි කල බාන්ඩ කාර්යාලය වෙත ගෙන එමටය.

ඒ අවස්ථාවේ මගේ ගෙදරටත් ගිය අතර මම චෝයිට මගේ දොරේ එන කින් කින් ශබ්දය ගැන කීවෙමි. ඔහු කිවේ හැකි ඉක්මනින් දොරට අලුත් බැටරි දමන ලෙසත් නැතිනම් දොර ඇරීමට නොහැකි වන බවයි. මේ නව තාක්ෂණයයි.

අපි ආපසු කාර්යාලය වෙත පැමිණියෙමු. මම චෝයි ගෙන් ඉල්ලීමක් කලෙමි. ඒ බැටරි මිලදී ගන්නට කඩයට යාමටය. එවිට වෙලාව දවල් 12.30 වූ අතර දිවා ආහාර විවේකයද විය. චෝයි එය ප්‍රතික්ෂේප කල අතර පැවසුවේ සවස 6 න් පසුව යන ලෙසයි.

මට තරමක අපහසුතාවක් දැනිණි. සියුම් තරහක්ද සිතේ ඇති විය. නමුත් කලබල වුයේ නැත. 

විනාඩි 5 ක් 10 ක් ගත විනි. චෝයි මට කතා කළේය. බැටරි සතරක්ද දුන්නේය. මේ ලංකාව නොවේ කොරියාවයි මට සිතිනි. 

හවස ගෙදර ඇවිත් ඇෆ්ටබ්ගේ සහයද ඇතිව දොරේ අගුලට අලුත් බැටරි දැමුවෙමි.

Sunday, January 1, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- ශිත පාසැල (Winter School)



මෙය මැයි 18 අනුස්මරණ පදනම සහ චෝනම් ජාතික විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් පැවැත්විණි. වැඩසටහනේ නම 2016 ශිත පාසලයි. එනම් 2016 Winter School යන්න වේ. එය දෙසැම්බර් 26 සිට 31 දක්වා පැවැත්විණි. එහි ඉලක්ක කණ්ඩායම වුයේ ආසියාවේ තරුණ මානව හිමිකම් ආරක්ෂකයින් වේ. ඔවුන්ව එකට එකතු කිරීම අත්දැකීම් සහ දැනුම බෙදාහදාගැනීම අපේක්ෂාව විය. දින 05 ක් පුරා පැවති මෙම වැඩසටහනට හොන්ග් කොන්ග් , මැලේසියාව සහ තායිලන්තයේ මානව හිමිකම් ආරක්ෂකයින් පැමිණීම සුවශේෂී විය. මෙය කුවන්ජු හි අද්යාපන මද්යස්ථානයේදී පැවැත්විණි. එම පරිශ්‍රය මැයි 18 අනුස්මරණ පදනමට අයත් වුවකි.

පළමු දින සහබාගි වන අයගේ පැමිණීම සිදු වූ අතර හවස් වරුවේ වැඩසටහන කල් තැබීමට සිදුවුයේ ගුවන් ගමන් ප්‍රමාදය හේතුවෙනි. දෙවන දින හදුනාගැනීම මැයි 18 අනුස්මරණ පදනමේ විදායක අද්යක්ෂකගේ දේශනය මැයි 18 සුසාන බුමියට යාම සිදු විය. සුසාන බුමිය අලුත් සහ පරණ යනුවෙන් කොටස් දෙකකි. එහිදී සහබාගි වූ අය තම රටින් ගෙන ආ ගලක් , ගල් ස්තුපයේ තැබිය.

දෙවන දින මහාචාර්ය යුවෝම්බි තොනා ගේ දේශනයක් පැවැත්විණි.චෝනම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පාක්ප්‍රශ්න උත්තර සැසිවාරයක්පවත්වනු ලැබිණි. පසුව මැයි 18 අනුස්මරණ පදනමේ වාර්ෂික උත්සවය පැවැත්වූ අතර තෙවන දින උදැසන තායිලන්ත කණ්ඩායම් ඉදිරිපත් කිරීමද හවස චෝනම් ජාතික විශ්ව විද්‍යාලයට යාමද සිද්ද විය. සතරවන දින උදැසන සහ සවස හෝන් කොන් සහ මැලේසියා සහබගිවුවන්ගේ කණ්ඩායම් ඉදිරිපත් කිරීම් පැවැත්විණි. හවස සහයෝගිතා රාත්‍රියකි. එය ඇති තරම් විනෝදවීමට බිමට අවස්ථාවක් විය.

පසු දින උතුරු කොරියා දකුණු කොරියා දේශසීමාවට යන ලදී. එය සුවිශේෂී වෙහෙසකර අත්දැකීමක් විය. කෙටි චිත්රපටියක්ද නරබනු ලැබිණි. උතුරු කොරියානුවන් සැදු උමන් සතරකි. ඒවා ගල් අගුරු සොයා කල කැනීම් බව කීවද සත්‍ය එයින් වෙනස් වේ. එනම් හමුදා ආක්‍රමණයකට වේ. සියලු සහබාගි වූ ඇයට තෙවන උමන් මාර්ගයට යාමට අවස්ථාව උදා විය. ඉන්පසුව හන් ගංගාවේ බෝට්ටු සවාරියකි. රාත්‍රී ආහාරයද විශාල බෝට්ටුව තුලම සංවිදානය කර තිබිණි. අවුරුද්ද අවසානයේ මල් වෙඩි සංදර්ශනය නැරබිමටද අවස්ථාව උදා වුනි.

අපි රාත්‍රියේ එනම් ඉන්ටන්ලා සුවෙච්චා සේවකයින් චෝනම් ජාතික පාසලේ ලෝක එන් ජි ඔ පශ්තාත් උපාදි අපේක්ෂකයින් කුවන්ජු වෙත පැමිණි අතර අනෙකුත් සහබාගි වූ අය සොල්හි නතර වෙනු ලැබුවේ පසු දින ඉන්චියන් ගුවන් තොටුපලින් සියරට බලා යාමටය.

වැඩසටහනේදී මත් පැන් බිමට තහනමක් නොතිබුණු අතර ලිංගික හිංසනය සපුරා තහනම් විය. ලිංගික කරුණු ප්‍රකාශනය ද සපුරා තහනම් කෙරිණි.







කොරියානු දිනපොත (Korean Diary) ;- ජම්පර් ජැකට් (Jumper Jacket)



ගිය සතිය පුරාවට ශිත පාසැල පැවැත්විණි. මෙම නම පැටබදුනේද ශිත රිතුව හේතුවෙනි.

එහි එක අංගයක් වුයේ උතුරු සහ දකුණු කොරියානු දේශසීමාවට යාම වේ. මෙයට පෙර දින සංවිදයකින් එහි නොඑන ලෙස මට පැවසිනි. මෙහිදී මට යම් කෝපයක් ඇතිවුණු අතර මට මගේ ශරීර සවුක්ය ගැන 100% ක විශ්වාසයක් තිබුණු අතර මා එහි යාමට දැඩි ලෙස අදිෂ්ටාන කර ගත්තෙමි. 

දිනය උදා විය. මම එහි ගියෙමි. දරා ගත නොහැකි ශීතලක් විය. මම ජම්පර් ජකට්ටුවක් ඇද නොසිටියෙමි. එයට හේතු වුයේ ජැකට්ම නොතිබීම නොව එයට දැක්වූ අකමැත්තයි. මගේ කොරියානු යෙහෙලියන් දෙදෙනා එනම් මිරි සහ ඉල්ෂින් මට ඔවුන්ගේ ජම්පර් ජකට්ටුවක් ඇන්ද වුහ. මම මා ගැන සැලකිලිමත් නොවීම ගැන ඇති වුයේ දැඩි පසුතැවිමකි. මින් පසු එම දුර්වලතාවය නැති කර ගැනීමට තරයේ අදිටන් කර ගත්තෙමි.

ඉන්පසුව දේශසීමාව වෙත ගියෙමි. තුන්වන උමන් මාර්ගය වෙත පිවිසුනෙමි. පහලට බෑවුමක් විය. ආපසු එන විට එය තරණය කල යුතුවිය. මෙහිදී මට ඉල්ශින්ගේ සහ තවත් කොරියානු යෙහෙළියකගේ සහය ලැබුණි. ඉල්ශින්කිවේ ඇය මට ඒමට නොඑන ලෙස කි හේතුව මෙය බවයි. 

මෙම දේශසීමාවේ උමන් මාර්ග සතරක් තිබේ. ඒ සියල්ල උතුරු කොරියනුවන් දකුණු කොරියාවට ඒමට තැනු ඒවා විය. උතුරු කොරියානුවන් පැවසුවේ මේවා ගල් අගුරු කැණීමට සැදු බවයි. නමුත් මෙය හමුදා බටයින් එවීමට සැදු ඒවා බව පැහැදිලිය. 

දේශ සීමාව දුර්ලබ ශාක සහ සත්ව ජවිය විවිදත්වයෙන් යුක්තය. 

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...