Wednesday, November 30, 2016

කොරියානු දිනපොත (Korean Diary);- අපේ මිතුරා (Kim Jong Un)



කිම් ජෝන් උන් උතුරු කොරියාවේ ශේෂ්ට්ර නායකයා වේ. ඔහු කිම් ජෝන් ඊල් ගේ සහ කෝ යන් හියුගේ තෙවන ලාබාල පුත්‍රයාය. ඔහුව 2011 දෙසැම්බර් 28 පියාගේ රාජ අනුග්‍රහය යටතේ පැවති ආදාහනයෙන් පසුව නායකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

කිම්ට උපාදි දෙකක් ඇත. ඒ කිම් උල් සුන් විශ්ව විද්‍යාලයේ බවුතික විද්‍යාව පිලිබදව සහ කිම් උල් සුන් හමුදා විශ්ව විද්‍යාලයේ හමුදා නිලදරියෙකු ලෙසය. 

2014 මාර්තු 09 ඔහුව නිතරගයෙන් ශේෂ්ට්ර ජනතා සබාගයට තෝරා පත්කර ගනු ලැබිණි. වයස අවුරුදු 32 දී එනම් රට සොයා ගැනීමෙන් පසුව බිහිවූ පළමු උතුරු කොරියානු නායකයා කිම් වේ. 2013 ලොව වඩාත්ම බලවත් පුද්ගලයින් පිළිබද ෆොර්බ්ස් නාමාවලියේ කිම්ව ලොව බලවත්ම 46 වැනි පුද්ගලයා ලෙස නම් කෙරිණි. 

ඔහුගේ පෙර ජීවිතය ගැන තොරතුරු අල්පය. ඔහු සුවිස්ටර්ලන්තයේ පාසල් ගිය බව වාර්තා වේ. ඔහුගේ උපන් දිනය 1983 ජනවාරි 08 වේ යයි පැවසේ. නමුත් දකුණු කොරියානු බුද්දි අංශ පවසන්නේ එය ඊට එක වසරකින් පසුව බවයි. ඔහු පාසල් වියේ බලාපොරොත්තු තැබිය හැකි ශිෂයෙකු වූ අතර පැසි පන්දු වලට කැමැත්තක් දැක්විය. 2010 ජුනි මාසයේ ඔහුව උතුරු කොරියානු ජනතාවට ප්‍රසිද්දියේ හදුන්වා දෙනු ලැබිණි. 

2011 දෙසැම්බර් 17 කිම් ජෝන් ඉල් මරණයට පත් විය. ඔහුගෙන් පසුව මුලින්ම අත්දැකීම් අඩු ඇති බව කිවුවද කිම් ජෝන් උන්ව බලයට පත් කෙරිණි. 2012 අගෝස්තු මස කිම් චීනයට සමාන ආර්ථික ප්‍රතිසංස්කරණ තම රටට හදුන්වා දුන්නේය. 

ඔහුගේ පාලන කාලය තුල නියෂ්ටික අත්හදා බැලීම් වලට සහ නියෂ්ටික අවි ප්‍රහාර එල්ල කරන තර්ජන වලට ප්‍රසිද්දියක් ලැබිණි. 2016 මෙම නියෂ්ටික වැඩපිළිවෙලට සහ මිසයිල අත්හදා බැලීම් වලට එරෙහිව එක්සත් ජාතින් සම්බාදකද පමුණුවනු ලැබිණි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය කිම් ජෝන් ඉල්ගේ සමයේ සිට  කිම් ජෝන් යුන්ගේ සමය දක්වා සිදුවූ මානව හිමිකම් උල්ලන්ගනයන් හෙලා දකිනු ලැබිණි. 



Tuesday, November 29, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- පොතක වරුණ (Book Review)



''මැරුණ එකා මැරුණා දැන් උ ගැන තැවී වැඩක් නැහැ ජිවත් වෙන එකා දෙස බැලිය යුතුයි''මේ අප සිතන හැටිය. අපිට වැරදුනේ එතනය. කොරියානුවන්ට හරි ගියේ ලේ තැවරුණු ඉතිහාසය අමතක නොකළ බැවිනි. 

මෙය නවකතා හෝ කෙටි කතා පොතක් නොවේ. නමුත් මානව හිමිකම් නැති ප්‍රජාතන්ත්‍රවාදය හරියට ක්‍රියාත්මක නොවන සාමය නැති සෑම දියුණු වෙමින් පවතින රටක ජනතාව විසින් අනිවාර්යෙන් කිවයුව යුතු පොතකි. එහි නම මැයි 18 කුවන්ජුහි ප්‍රජාතන්ත්‍රවාදී පිබිදීම වේ. එහි මැනවින් දකුණු කොරියානු ලේ තැවරුණු ඉතිහාසය සම්පිණ්ඩනය කර ඇත. 

කුවන්ජු ලේ වැගිරීමට පෙර කල අවසන් ප්‍රකාශය මෙබදුය. ''මාගේ හිතවත් නගර වැසියනි යුද හමුදාව මේ මොහොතේ අපගේ නගරයට ඇතුළු වෙමින් සිටිති. මේ වන විට ඔවුහු සිය අවි සහ බයිනෙත්තු වලින් අපගේ සහෝදර සහෝදරියන්ව මරා දමමින් සිටිති. අප අවසානය දක්වා හමුදාවට විරුද්දව සටන් කරන්නෙමු. කරුණාකර අපව මතකයෙහි රදවාගන්න. ''එකල කුවන්ජුහි විසු බොහෝ දෙනෙකුට තවමත් එම දුක්මුසු ආයාචනය මතකයට නගා ගත හැකිය. 

මෙම සිදුවීම දකුණු කොරියානු ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව හිමිකම් වලට දොරටු විවුර්ත කරන ලදී. මෙය උද්ගත වුයේ 1980 වසරේදීය. කොරියානු ජනතාව අදටත් එය අනුස්මරණය කරති.

මෙම පොතේ කතෘ කුවන්ජුහි මැයි 18 ඉතිහාස සම්පාදක කමිටුවයි. ප්‍රකාශනය මහනුවර මානව හිමිකම් කාර්යාලයයි. පරිවර්තනය තරංග රණසිංහ ගෙනි. පරිගණක සැකසුම හා මුද්‍රණය අසිරි ප්රින්ටස් මහනුවර වේ. ලිපිනය 152, නෙබන්ඩ් රෝ සේයෝ ගු 502-859 කුවන්ජු කොරියාව දුරකථන +82623765197 ෆැක්ස් +82626137949 ප්‍රකාශිත දිනය 2015 අගෝස්තු වේ. 

මෙම පොත බාෂා නමයකට පරිවර්තනය වී ඇත.

Friday, November 25, 2016

කොරියානු දිනපොත (Korean Diary);- පාක්ට එරෙහි ජනතා ගිනිදැල්. (Park Go home)




අද සෙනසුරාදා මිලියන දෙකකට වැඩි ජනතාවක් රට පුරා පාක් විරෝදී පෙළපාලිවලට සහබාගි වන බව සිකුරාදා සන්විදයකයින් පැවසිය.

 ඔවුන් ජනාදිපති පාක්ට  බලයෙන් ඉවත් වන ලෙස බල කරනු ඇත. දකුණු කොරියානු ජනතාව දැඩි ලෙස කෝපයට පත්ව තිබේ. ඒ පාක් ජනපතිනිය නඩු පවරන්නා මුනට මුණ ප්‍රශ්න කිරීමට එන ලෙස කල ඉල්ලීම ප්‍රතික්ෂේප කල නිසාය. ජනපති  පාක්ගේ  සමිපතයකුගේ දුෂණ අපචාරයක් හේතුවෙන් මේ තත්වය උදා විය. 

විරෝදතා වලට විෂව විද්‍යාල සිසුන් මහාචාර්යවරුන්  ද සහබාගි වනු ඇත. පොලිසිය රථ වාහන අවහිරතා නිසා මෙය බාදාවක් බව පැවසුවද ජනතාව කියා සිටින්නේ මෙය තමන්ගේ නිදහසේ රැස්වීම පිළිබද මුලික අයිතිවාසිකමක් බවය. 

නමුත් අදික ශිත කාලගුණය ඔවුන්ට බදා ඇති කරනු ඇත. ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සලසා දීමට බලදාරින් පියවර ගෙන තිබේ. 

Wednesday, November 23, 2016

කොරියානු දිනපොත (Korean Diary);- මැරුණු කටුස්සා (Dead lizard found in Pringles tube )


ප්රින්ගල්ස් ටියුබයේ තිබී මැරුණු කටුස්සකු සොයා ගෙන ඇත. මෙම සකස් කල ආහාරය දකුණු කොරියාවට ආනයනය කර ඇත්තේ මැලේසියාවෙනි. 

මේ පිලිබදව ආහාර සහ ඔවුෂද ආරක්ෂක අමාත්යංශය වහාම පියවර ගත්තේය. එනම් මෙම සකස්කළ ආහාරය සියලුම වෙළද සල් වලින් ආපසු කැදවීමට නියෝග කෙරිණි. 

මෙම නැවත කැදවන ආහාර වර්ගයේ බර කිලෝග්‍රෑම් 4410 ක් වේ. අමාත්යංශය අදාල වෙලදුන්ගෙන් ඉල්ලීමක්ද කරයි. එනම් නැවත කැදවීමට සහයෝගය දෙන ලෙසයි. මෙම ප්රින්ග්ලෙස් වර්ගය ඇඹුල් සහ ලුණු රසයෙන් යුක්ත වේ. 

ශ්‍රී ලංකාවේ මෙවැන්නක් සිදු වුයේ නම් කුමක් වේද? අඩු ගානේ මුල් පැමිණිල්ලට අනුව සාදාරන පොලිස් විමර්ශනයක්වත් සිදුවේද? එය ටික දවසක් යන තෙක් මාද්‍ය මගින් සාකච්චා කරනු ඇත. ඊට පසුව සියලු දෙනාටම එය අමතක වනු ඇත. තවද සියල්ල පගාවට යට වනු නියතය.

අපත් දකුණු කොරියාවත් අතර වෙනස එයයි. 

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබදියාව හා යොමු වන්න.

Tuesday, November 22, 2016

කොරියානු දිනපොත (Korean Diary);- ජිවන තත්වය පහලට (Korea's quality of life hurt by economic slowdown)


දකුණු කොරියාව ජිවන තත්වය අතින් ලොව 47 වන ස්ථානයට පැමිණ ඇත. එයට හේතුව ඇත්තේ එහි ආර්ථිකයට බලපාන්නා වූ අදික පැය ගණනක් වැඩ කිරීම සහ විරැකියාවයි. මෙය ගිය වසරට වඩා සන්කයා 07 කින් පහල බැසීමකි. මේ බව සදහන් වන්නේ ජාත්‍යන්තර වෙළද ආයතනයේ වාර්ෂික වර්තාවකය. එය කොරියානු ජාත්‍යන්තර වෙළද සංගමයේ පර්යේෂණ ආයතනයකි. 

එක්සත් ජනපදය 18 වන ස්ථානයේත් ජපානය 20 වන ස්ථානයේත් සිටින අතර දකුණු කොරියාව චීනයට පහලින් වේ. චීනය පවතින්නේ 45 වන ස්ථානයේය. ඉහලින්ම සිටින්නේ සුවිස්ටර්ලන්තයයි.

සාමාන්යෙන් දකුණු කොරියානු කාන්තාවක් දරු උපත් 1.26 ක් ලබා දෙන්නීය. ඒ අනුව රටට හිමිවන්නේ 166 වන ස්ථානයයි.

නමුත්එයට තාක්ෂනය දල ජාතික නිෂ්පාදනයට වෙළද කටයුතු සම්බන්දයෙන් ඉහල ලකුණු හිමිව ඇත. 

එය නීතිවිරෝදී ඉවත දැමීම සම්බන්දයෙන් දෙවන වන්නේ චිනයටයි.එයට ගිය වසරේ සිද්දීන් 17 ක් තිබු අතර මේ වාර්තාවට අනුව චීනයට සිද්දීන් 71 ක් තිබිණි. 




මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.koreatimes.co.kr/www/news/nation/2016/11/116_218495.html

Sunday, November 20, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- ශ්‍රී ලංකා කොරියානු සබදතා (Foreign relations of Sri Lanka)


ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා 1977 නොවැම්බර් 14 දින ආරම්බ විය. 2014 ජුනි මස වනවිට ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආයෝජන එකසත් ජනපද ඩොලර් මිලියන 731 ක් විය. කොරියාවට කොලබ තානාපති කාර්යාලයක් තිබේ. ශ්‍රී ලංකාවට සියෝල් වල තානාපති කාර්යාලයක් තිබේ. 

ශ්‍රී ලංකා විදේශ සබදතා යන්නට ශ්‍රී ලංකාව සහ අනෙක් රටවල් අතර වූ තානාපති සහ වාණිජ සබදතා අර්ථ ගැන්වේ. ශ්‍රී ලංකාවට සැවොම සමග ඇත්තේ මිත්‍ර සබදතාවයකි. ඔවුන්ට රාජ්‍යතාන්ත්‍රික සබදතා වලදී සතුරන් නැත. 

සම්ප්‍රදායිකව ශ්‍රී ලංකාව සිය සබදතා වලදී නොබැදි පිළිවෙතක් අනුගමනය කරයි. ඔවුන් ප්‍රදාන බලවතුන් සමග පැත්තක් ගන්නේ නැත. ශිත යුද්දය නිමා වීමෙන් පසුව ඔවුන් ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබදතා බලවත් රාජ්‍ය සමග ඇති කර ගනු ලැබිණි. තවද ඉන්දියාව, බංග්ලාදේශය, රුසියාව, එක්සත් ජනපදය, චීනය, පකිස්ථානය, ජපානය මැලේසියාව, දකුණු කොරියාව සහ යුරෝපා සංගමය සමග ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික ආර්ථික සහ හුමදා සබදතා ඇති කර ගනු ලැබිණි. 

තවද ලංකාවට අසියන් අප්‍රිකා සංගමය සහ ආරාබි ලීගය යන සංවිදාන වලට අයත් සාමාජික රටවල් සමග සමීප සබදතා තිබේ. එය බහුවිද රාජ්‍ය තන්ත්‍රික සබදතා නියෝජනය කරයි. ඒ එක්සත් ජාතීන්ගේ සංවිදානය තුලදීය. එය දියුණු වෙමින් තිබෙන ලෝකය තුල සුවදිපත්ය නිදහස සහ ස්න්වර්දන ඉලක්ක සොයා යයි. 

ඔවුන් නොබැදි වියාපාරය සොයා ගැනීමට දායක වූ සාමාජිකයෙකි. තවද පොදූ රාජ්‍ය මණ්ඩලය සාක් සංවිදානය ලෝක බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආසියානු සංවර්දන බැංකුව සහ කොලබ සැලැස්මේ සාමාජික රාජ්‍ය යක් වේ. තවද එය නොබැදි සමුළුව තුල ක්‍රියාකාරී වේ. සාක් සංවිදානය තුල ශක්තිමත් බුමිකාවක යෙදෙමින් කලාපිය වැදගත්කම ඉස්මතු කරයි. 

Wednesday, November 16, 2016

කොරියානු දිනපොත (Korean Diary);- කොරියානු ක්‍රීඩා (Sports in South Korea)




මගේ මිතුරා පකිස්තානු ජාතිකයෙකි. මැයි 18 අනුස්මරණ පදනමේ මා මෙන්ම වැඩ ඉගෙන ගන්නෙකි. 

ඔහු ජිම් එකට යාමට පුරුදුව සිටි. ඔහු සැම දාම සවස 7.30 සිට රාත්‍රී 8 දක්වා මෙම ජිම් එකේ වියායාම වල නිරත වේ. ඔහු පවසන්නේ එසේ නොවුනහොත් විෂාදය සහ කනස්සල්ල ඇති වීමට වැඩි නැඹුරුවක් පවතින බවයි. මා එහි ගියේ දවස් කිහිපයකි. එය මගෙන් මග හැරුණි. මෙම ජිම් එකේ මුදල් අය කිරීමක් සිදු නොවේ. එය ගුවන්ජු හි සිටි හෝල් මගින් පවත්වා ගෙන යනු ලැබේ. මෙහි කොරියානු ජනතාව විශාල වශයෙන් දයිනික වියායාම වල නිරත වේ. මේ කොරියානු බලදාරින් ජනතාවගේ සුබසිද්දිය වෙනුවෙන් කැපවන ආකාරයට මනා නිදර්ශනයකි.

දකුණු කොරියාවේ සම්ප්‍රදායික ක්‍රීඩා ඇත. ඊට අමතරව විවිද සංස්කෘතීන් සහ රටවලට අයත් ක්‍රීඩා ද තිබේ. එයින් එක ක්‍රීඩාවක් වන්නේ ටයිකුන්දුය. 

මිට අමතරව ජනප්‍රිය ක්‍රීඩා දෙකක් ඇත. ඒ පාපන්දු සහ බෙස්බෝල්ය. දකුණු කොරියානු ක්‍රීඩා ලෝලීන්ගෙන් 41% ක් පාපන්දු ලෝලීන් වේ. දෙවන තැන බේස්බෝල් වලට හිමි වේ. එයට 25% ක ප්‍රතිචාරයක් හිමි වෙයි. ඊළගට කැමැත්ත හිමි වන්නේ පාපන්දු ක්‍රීඩා වටය. 2002 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සම සත්කාරක රටවල් ලෙස කටයුතු කලේ දකුණු කොරියාව සහ ජපානයයි. දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම එහි අර්ද අවසාන තරගයට තේරී පත්වුණි. මෙම ජාතික කණ්ඩායම එවැන්නක් කල පළමු ආසියානු ෆෙඩරේෂණයේ රට බවට පත් වේ. 

බේස්බෝල් හදුන්වා දුන්නේ ඇමෙරිකානු මිෂනාරිවරුන්ය. ඒ 1905 වසරේදීය. එය අද දක්වාම විශාල ශක්තියක් ඇතිව ක්‍රියාත්මක වේ. 

ඊළගට දකුණු කොරියාවේ ජනප්‍රියම ක්‍රීඩාව පැසි පන්දු වේ. මිට අමතරව හිම මත සිදු කෙරෙන හොකි බැඩ්මින්ටන් මාලු ඇල්ලීම කදු නැගීම ගොල්ෆ් ආදිය පැමිණේ. 








Tuesday, November 15, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- ළමා අපයෝජකයින්ට මරණ දඩුවම. (Death penalty for child abusers)


දකුණු කොරියාවේ ළමා අපයෝජන වලට එරෙහි ජන මතය වැඩිවෙමින් පවතී. ඒ අනුව රටේ නඩු පවරන්නා ළමා අපයෝජකයින් සම්බන්දයෙන් ඉතා තද තීරණයක් ගැනීමට සුදානම් වේ. එයට මරණ දඩුවම පැමිණීම ගැන සලකා බැලේ. මෙහිදී ගැබුරු විමර්ශනයකට පෙර සැකකරුවන් රදවා තබා ගැනීම සැලකිල්ලට බදුන්ව ඇත. 

දකුණු කොරියාවේ මරණ දඩුවම නයිතික දණ්ඩනයකි. අවසාන වරට එය පනවනු ලැබුවේ 2009 වසරේ කන් හෝ සුන්ට එරෙහිවය. නමුත් දැන් රජය විසින් මරණ දඩුවම පැමිණවීමට තහනමක් ඇත. අවසාන වරට එය ක්‍රියාත්මක වුයේ 1997 දෙසැම්බර් මසදීය. 

2013 වන විට මරණ දඩුවම හිමි සන්කයාව අවම වශයෙන් 60 දෙනෙකි. 2016 පෙබරවාරි 19 වන දින 24 හැවිරිදි ලීම්ට මරණ දඩුවම පනවනු ලැබිය. ඔහු හමුදාවට බලෙන් බදවා ගත් හමුදා සාජන්වරයෙකි. ඔහු 2014 වසරේදී උතුරු කොරියානු දේශසීමාව අසල වෙඩි තැබීමේ සිද්දියකින් සොල්දාදුවන් 05 දෙනෙකු මරා දමමින් 07 දෙනෙකුට තුවාල කරනු ලැබිය. ඒ අනුව ලිම් ඇතුළුව මරණ දඩුවම ලැබ සිටින සන්කයාව 61 දෙනෙකි. 

මරණ දඩුවමට එරෙහි මෙම තහනම පනවනු ලැබුවේ 1998 පෙබරවාරි මස නොබෙල් සාම තියාග ලාබී සහ හිටපු ජනාදිපති කිම් ඩේ ජුන්ය. 1980 දී ඔහුටද මරණ දඩුවම පැමිනවනු ලැබිණි. ඒ දකුණු කොරියානු හමුදා අදිකරණයක් මගිනි. නමුත් එයින් වසර දෙකකට පසුව ඔහුට එරෙහිව පනවනු ලැබූ මරණ දඩුවම අත්හිටවනු ලැබිණි.

Monday, November 14, 2016

Ramyalatha Case;- Join hands Doctor's Mafia (Part 02)


This is a disclosure of a doctor get to gather with pharmacy mafia in Sri Lanka. This is included in Ramyalatha's complaint to the medical council.

I am a 42 years old married mother with three children. I am the bread winner of my family. My 17 years old son is ill due to the high quantity of medicine gave to him by the Bentota government hospital when BCG vaccine. He had undergone 09 operations now he cannot cured. My husband is a heart patient who under went by pass surgery.

I am doing farming. There was a pain in my right eye and I went to take medicine for it to Dr. P W U Jayalal. He gave me a prescription. I went to Gunawardana pharmacy seeking my medicine. It was on 20.02.2016. I put this medicine to my eye. The pain was not vanished. I went to the dispensary of Dr Sirisena. He said the medicine was wrong and it was suited for ear alignment. He took the prescription and wrong medicine from me saying he wanted to reprimand the pharmacy owner. For his medicine the pain was being remained. So I went Colombo eye hospital and admitted there for 17 days due to wrong medicine put into my eye. The hospital authority told me to bring the prescription and wrong  medicine. My husband contacted Dr. Sirisena much difficulty and got the prescription of Dr Jayalath and medicine from the pharmacy.

I was discharged on 11.03.2016 and made a complaint at Urugasmanhandiya police on 12.03.2016. After that I went to see Dr. Sirisena and told him that I would like to take legal action. He said it was useless. He further said the value of a eye was Rs1250/= and took it from the pharmacy owner and proposed me to come to a settlement with the owner of the pharmacy and also said i would be fallen in to a difficult situation if I would seek justice.

So I have made this complaint to the medical council regarding Dr. Sirisena.


0382231419
0773201270

කොරියානු දිනපොත (Korean Diary);- ට්‍රුම්ප් ජයග්‍රහණයෙන් පසු කොරියානු සංක්‍රමණිකයින්. ( After victory of Trump)



ඇමෙරිකාවේ ට්‍රුම්ප් ජයග්‍රහණය කළේය. මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නීතිවිරෝදී ලෙස රැදී සිටින කොරියානුවන්ට ගැටලුවක් ඇති වී තිබේ. ඒ ඔවුන්ව පිටුවහල් කිරීම වේ. 

එක්සත් ජනපදයේ නීතිවිරෝදී ලෙස රැදී සිටින දකුණු කොරියානු සංක්‍රමනයින්ගේ සන්කයාව 160000කි. ජනාදිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රුම්ප් සිය මැතිවරණ වියාපාරයේදී නීතිවිරෝදී සංක්‍රමනයින්ට වැට බදින බව ප්‍රකාශ කළේය. ඔහු දිගින් දිගටම කල බැන වැදීමක් විය. ඒ එක්සත් ජනපද පුරවැසියනට ඔවුන් විසින් රැකියා අවස්ථා අඩු කරන බවය. 

දකුණු කොරියානුවන් 160000 ඇතුළුව එක්සත් ජනපදයේ සිටින නීතිවිරෝදී සංක්‍රමනයින් ගණන මිලියන 03 කට ආසන්න බව ප්‍රවුර්ති වාර්තා පවසනු ලැබේ. ට්‍රුම්ප් කිවේ ඔවුන්ට අපරාද වාර්තා කල්ලි වල සාමාජිකයින් මත්ද්රවිය ජාවාරම්කරුවන් ඇතුලත් බවත් ඔවුන්ව අපේ රටින් පලවා හරින බවත් නැතිනම් සිරගත කරන බවත්ය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඔවුන් මෙහි නීතිවිරෝදී ලෙස රැදී සිටින බවය. 

තවද මෙම මර්දනයේ ඉල්ලක්කය වන්නේ මෙක්සිකෝවෙන් පැමිණි නීතිවිරෝදී සන්ක්රමනකයින් වෙනුවෙනි. ට්‍රුම්ප් තම සැලැස්ම යලි තහවරු කරමින් කියා සිටියේ මෙක්සිකානු දේශ සීමාව හරහා තාප්පයක් බදින බවය. 

මේ මස ආරම්බයේදී පෙව් පර්යේෂණ මද්‍යස්ථානය කල ගණනයකට අනුව 160000ක් දකුණු කොරියානු නීතිවිරෝදී සන්ක්රමනකයින් එක්සත් ජනපදයේ නීතිවිරෝදී ලෙස රැදී සිටි. එය වර්දනය වූ බව මෙම මද්‍යස්ථානය ප්‍රකාශ කරයි. 1990 දී 200000 දක්වාද 2011 දී 190000 දක්වා අඩුවක්ද 2012 දී 180000 ක්ද වශයෙනි. 

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීම සදහා පහත සබැදියාව වෙත යොමු වන්න. 

Sunday, November 13, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- ''මට ගෙදර යන්න බැහැ'' ( President Park & Duminda Silva)





ඇය කොරියාවේ යකඩ ගැහැනියයි. වර්තමාන ජනපතිනියයි. ඇය නමින් පාක් ජියන් හුයිය. ඇයට පසුගිය මාසයක කාලයක සිට දුෂණ අපචාර චෝදනා එල්ල වේ. සෙනසුරාදා සවස සියොල්හි මිලියනයක ජනතාවක් පාරට බැස ඇයට ඉල්ලා අස් වන ලෙස විරෝදතා පවත්වනු ලැබිණි. ඇය මේ සතිය තුල නඩු පවරන්නාගේ ප්‍රශ්න කිරීම් වලට මුහුණ දෙනු ඇත. නමුත් ඇය ගෙදර යාමට සුදානමක් නැත.

ඔහු මරණ දඩුවම හිමිව වැලිකඩ බන්දනාගාරයේ සිටින දුමින්ද සිල්වාය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වේ. ඔහුට එල්ල වුයේ මිනීමැරුම් චෝදනාය. දේශපාලනය කරන කාලයේ මැරකම් මත්ද්රවිය ළමා අපචාර වලට ප්‍රසිද්දියක් උසුලනු ලැබිය. දැන් ඔහු බන්දනාගාර රෝහලේ සිටින අතර සිංගප්පුරුවට යැවීමට උත්සහ කරන බව අන්තර් ජාලයේ සටහන් විය. මේ සිදුවන්නේ ප්‍රබල දේශපාලන හස්තයක උවමනාවටයි. 

මයිත්‍රී ජනවාරි 08 බලයට පත් වුනි. මේදේවල් ඕපාදුප විය නොහැක. ජනපති ලෙස දිවුරුම් දින රාත්‍රියේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලඥයකුගේ රාත්‍රී බෝජනයකට සහබාගි වෙමින් සිටියදී ඔහුගෙන් කල පළමු ඉල්ලීම වන්නේ රාජපක්ෂ පවුල රැක දෙන ලෙසයි. මේ දේශපාලඥයා අනකවරකු හෝ නොව මහින්ද අමරවිරය. 

දුමින්දව සිංගප්පුරු යවුවහොත් අනිවාර්යෙන් ශ්‍රී ලාංකීය ජනතාව ජාති කුල ආගම් කිසිදු බේදයකින් තොරව මහා පාරට බැසිය යුතුව ඇත. 




Thursday, November 10, 2016

කොරියානු දිනපොත (Korean diary);- ගුවන්ජු හි මස් මරන්නා. (Chun Doo-hwan)




ඔහු නමින් චුන් ඩු හුන්ය. අදත් දුකුනු කොරියානු ජනතාවගේ අප්‍රසාදයට ලක් වේ. 1931 ජනවාරි 18 උපත ලැබිය. හිටපු දකුණු කොරියානු හමුදා ප්‍රදානියෙකි. 1980 සිට 1988 දක්වා දකුණු කොරියාවේ ජනාදිපති ලෙස කටයුතු කළේය. 1996 ඔහුට මරණ දඩුවම හිමි විය. ඒ ගුවන්ජු සමුල ගාතනය පිළිබද ඔහුගේ බුමිකාව හේතුවෙනි. ජනාදිපති කිම් යන සම් ඔහුට සමාව දුන්නේ එවකට ජනාදිපති කිම් ඩේ ජුන්ග් ගේ උපදෙස් පරිදිය. ඔහු විරුදාවලි ලබන්නේ ගුවන්ජු හි මස් මරන්නා ලෙසිනි.

මෙම ගුවන්ජු නැගී සිටීම යනු කුමක්ද?

 ඒ 1980 මැයි 17 වැනිදාය. දකුණු කොරියානු හමුදා ප්‍රදානින් හමුදා නිතිය ක්‍රියාත්මක කළහ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටි ජනතාව මර්දනය කිරීමටය. එයට නායකත්වය දුන්නේ චුන් ඩේ හුන්ය. 

ජනතාව මෙහෙය වුයේ චෝනම් සරසවියේ සිසුන් සහ ගුරුවරුය. හමුදා සාමාජිකයින් ඔවුන්ට පහර දෙමින් ඔවුන්ව පලවා හැරීමට කටයුතු කළහ. සිසුහු නැවත ඩවුන් ටවුන් ප්‍රදේශයෙන් සංවිදානය විය. හමුදා බටයින් නැවත ඔවුන්ව මර්දනය කළහ.  සිසුන්ට රබර් උන්ඩ වලින් වෙඩි තැබීම සහ කදුළු ගැස් ප්‍රහාර එල්ල කළහ. ඔවුනේගේ මෙම  තිරිසන් ක්‍රියාව අනුමත නොකළ සාමාන්‍ය ජනතාව උද්ගෝෂණ වලට එකතු වුහ. එනම් දෙමාපියනට සහ සෙසු වැඩිහිටියනට තම දරුවන් රැක ගැනීමට අවශ්‍ය විය.

මෙහිදී මියගිය ගණන නිල වාර්තා වලට අනුව 200 කි. තවත් විරෝදතකරුවන් 1000ක් තුවාල ලැබිය.  

මෙම ගුවන්ජු නැගී සිටීම කොරියන් යුද්දයෙන් පසුව දශක ගණනාවක් පැවති ආඥාදායකත්වය අවසන් කිරීමක් විය. එනම් මෙයින් පසුව දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කෙරිණි. 

මෙම සමුල ගාතනය අදටත් දකුණු කොරියානු ජනතාව අනුස්මරණය කරති.


Wednesday, November 9, 2016

Ramyalatha Case ;- Get together Police Mafia and Pharmacy Mafia (Part 01)


This is a disclosure of a heinous act by the Officer In Charge Sujith Priyantha attached to Urugasmanhandiya police station who tried to defend pharmacy owner who gave wrong medicine for a woman which caused her blindness. 

The patient's name is Ramyalatha. She is a resident of Urugasmanhandiya police division. She is a mother of three children also. She is a farmer by profession and main earner for the family. 

The doctor gave her a prescription to put medicine to her eye. But the Gunawardana pharmacy gave her medicine which was for ear alignment. Her eve was rescued without fully blindness due to the swift and effective intervention by the Colombo National Eve hospital. 

The following was the way how police has implemented law regarding this unjust act. She was admitted in the Colombo National Eve hospital for seventeen days. She has got half of her eye site and made a complaint before Urugasmanhandiya police station.  It was on 12 March 2016. 

After 09 days of this complaint on 21 March 2016 the Officer In Charge of the said police called IP Sujith Priyantha Alpitiya filed a case before the Magistrate Court not about the owner of the pharmacy but for the worker of the pharmacy.  

After two hearings of the lawsuit the said officer summoned Ramayalatha to the police station via phone and proposed a settlement. He said the lawsuit would be defeated and take 01 lakhs 02 lakhs or 03 lakhs from the owner of the pharmacy and forced to come to a settlement. 

She opposed it. Then she was directed to a police officer called Soysa attached to the crime division. He told her that there was no document regarding the lawsuit in the police station.  

A lawyer also said her that her lawsuit would be definitely dismissed. 

She has written to the Inspector General of Police regarding this matter. 

Wait and see what the reaction of the Inspector General of Police, Pujitha Jayasundara. 

We would inform you about the doctor's mafia which attached to police and pharmacy mafia in the near future. 

The link to Sinhala version is 

කොරියානු දිනපොත (Korean Diary) ;- ළදරු නියගය ( Baby Drought)



''මා සේවය කරන ස්ථානයට ඉදිරිපසින් ඇත්තේ පාසලකි. ඒ නිසා උදැසන මට පාසල් ළමුන් මුණ ගැසේ නමුත් අන් කිසිදු ස්ථානයක මා වැඩි පුර ළමුන් දැක්කේ නැත. එක සාප්පුවක ළමා කොටසේ පමණක් මා ළමුන් සහ ළදරුවන් දුටුවෙමි. මේ තත්වය තුල මා සිහිනෙන්වත් නොසිතු දෙයක් විය. එනම් දකුණු කොරියාවේ ළමා නියගයක් ඇති බවයි''

දකුණු කොරියානු ජනගහනයෙන් 27% ක් එක් පුද්ගලයෙක් සිටින පවුල් වේ. එහි වැඩිහිටි ජනගහනය වැඩිය. අවිවාහක පිරිස වැඩිය. බාල පරපුර අඩුය.

 1948 ජනරජය පිහිටුවීමෙන් අනතුරුව ජනගහනය වැඩි විය. නමුත් ආර්ථිකය වර්දනය වීමේ බලපෑමත් සමග එය අඩු වුනි. නිල සංගණනය අනුව 1949 ජනගහනය 20188641 කි. 1985 සංගනනය අනුව එය 40,466,577කි. 

''මගුල් ගෙවල් අඩුවන විට ළදරු නියගය වැඩි වෙමින් පවතී. දකුණු කොරියාවේ 2000 වසරින් පසුව අඩුම දරු උපත් ගණන මේ වසරේදී වාර්තා විය. මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා උපත ලද ළදරුවන් ගණන 283100 කි. එය ගිය වසරට වඩා 16,800 ක අඩුවීමකි. 

වසර 2000 න් පසුව අඩුම මගුල් ගෙවල් ගනනද මේ වසරේදී වාර්තා වුනි. එය 188200කි. මේ වසරේ එය 2015 ට වඩා අඩුවේ එනම් වාර්තා වූ මගුල් ගෙවල් ගණන 302828ට අඩුය. විශේෂඥයින්ට අනුව මේ වසරේ එම සන්කයාව 300,000ට ලගා නොවනු ඇත. 2005 දී මෙම අඩු ළදරු උපත් ගැටලුව විසදීමට ආණ්ඩුව ආයෝජනය කල මුදල වොන් ත්රිලියන 80 කි එනම් එකසත් ජනපද ඩොලර් බිලියන 70 කි. ''

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීම සදහා පහත සබැදියාව වෙත යොමු වන්න.

Monday, November 7, 2016

ජනතා අදිකරණය (86);- දොන් සිරිපාලගේ නඩුව.




මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 213/2001 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු සමරක්කොඩි ආරච්චිගේ දොන් සිරිපාලය. වගයුත්තරකරුවන් වුයේ උප පොලිස් පරීක්ෂක නන්දන විජේසිංහ සහ මතුගම පොලිසියේ තවත් අයයි. මෙය විනිසුරු ප්‍රනාන්දු විනිසුරු ගුණසේකර විනිසුරු ද සිල්වා යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. 

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කේ තිරාණගම සමග නීතිඥ එම් ජේ ඒ හසාන් සහ නීතිඥ එස් කස්තුරිආරච්චි යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන්නීතිඥ සාලිය පිරිස් සහ රජයේ නීතිඥ ආර් හම්සා යන අය පෙනී සිටියහ. 

නඩු තින්දුව ද සිල්වා විනිසුරු ලියු අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය. තීන්දුව ලබා දුන්නේ 2002.05.31 වැනිදාය.

පෙත්සම්කරු 55 හැවිරිදිය. සිවු දරු පියෙකි. මෙම සිද්දියට මාස තුන හතරකට පෙර ඔහු නීතිවිරෝදී  මත්පැන් වියාපාරයට සමු දුන්නේය. සිද්දිය වූ දිනයේ පොලිසිය ඔහු අල්ලා ගත්තේ සුළු දිය පහකිරීමට යාබද කැලෑවකට ගිය අවස්ථාවේදීය. ඔහුව පොලිසියේ බැරැක්ක වෙත ගොස් පහර දුන්නේය. කැලේදී පහර දෙන විට ඔහු පොලිස් නිලදරියගේ අත සපා කෑවේය.  ඔහුගේ අත් දෙකේම අස්ථි බිදී තිබිණි. ඔහු වැත්තව රෝහලින් සහ කොලබ ජාතික රෝහලින් ප්‍රතිකාර ගනු ලැබිණි. ඔහුගේ තුවාල වයිද්‍ය වාර්තා මගින් ඔප්පු විය.

පොලිසිය කිවේ පෙත්සම්කරු පළමු වගයුත්තරකාර පොලිස් නිලදරියට පහර දුන් බවයි. තවද එම නිලදාරියා වත්තව රෝහලින් සහ පොලිස් රෝහලින් ප්‍රතිකාර ගත් බවයි. ශේෂ්ට්‍රදිකරණය පෙත්සම්කරුට සිදුවූ සියලු තුවාල අත්අඩංගුවෙන් මිදීමට තත් කිරීමේදී සිදුවූ බව පිළිගත්තේ නැත. එනම් මේ සියල්ල පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණීමේදී සිදුවූ බව පිළිගැනිණි. 

මේ සියලු කරුණු සැලකිල්ලට ගත් ශේෂ්ට්‍රදිකරණය පෙත්සම්කරුගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11 සහ 13(2) වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම්  රජයේ නිලදාරීන් උල්ලංගනය කර ඇති බව තීරණය කළේය. 

නීතියට වගකිවයුත්තා රජයයි. දුප්පත් පොහොසත් බේදයකින් තොරව සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව පිණිස නිතිය පවතී. ඒ අනුව රජය අදාල යාන්ත්‍රනය ක්‍රියාත්මක කල යුතුය. ඒ දුප්පත් පෝසත් බේදයකින් තොරවය.

ඒ අනුව රජය වන්දි ලෙස රුපියල් 50,000 ක මුදලක් පෙත්සම්කරුට ගෙවිය යුතු විය. තව රුපියල් 5000ක් රජය මෙම පෙත්සම වෙනුවෙන් පෙත්සම්කරුට ගෙවිය යුතු විය. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.janasansadaya.org/page.php?id=220&lang=en

www.jansansadaya.org

0773201270
0382231419

කොරියානු දිනපොත (Korean Diary) ;- ජනපති පාක් සහ අපේ අගමැති (President Park & Our Prime Minister)




දකුණු කොරියාවේ ජනපති පාක් ට එරෙහි ජන බලය වැඩි වෙමින් පවතියි. ඒ වංචනික සහ දුෂණ චෝදනා හේතුවෙනි. ඇය දෙවරක් ජාතියෙන් සමාව ඇයද සිටියාය. නමුත් ඇයට එරෙහි ජන බලය බුර බුරා නැගී සිටිති. 

ජනාදිපති පාක් ගියුන් හයි දකුණු කොරියාවේ යකඩ ගැහැණිය යන විරුදාවලිය ලැබිය. තවද ඇය දකුණු කොරියාවේ පළමු කාන්තා ජනාදිපතිනිය වේ. ඇය එහි 11 වන සහ වර්තමාන ජනාදිපතිනියයි.

අපේ රටේ අගමැතිට දුෂණ චෝදනා එල්ල වේ. ඒ මහා බැංකු බැදුම්කර සිද්දිය සම්බන්දයෙනි. මේ තත්වය මදකට වෙනස්වීමට යලි හිටපු මහා බැංකු අදිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට පැමිණීම හේතු වී තිබේ. තවද අගමැති රනිල් වික්‍රමසිංහ මාද්‍යට කියා ඇත්තේ තමන් අදාල වංචාව සම්බන්දයෙන් සිදුකරන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සුදානම් බවයි. මෙය හොද ප්‍රතිචාරයකි. නමුත් ජන බලය මිට වඩා ප්‍රබල විය යුතුව තිබේ.

ජනාදිපති මයිත්රිපාල සිරිසේන මහා බැංකු බැදුම්කර වංචාවෙන් රජයට වූ පාඩුව නැවත අය කර ගතයුතුයි කියන දැඩි ස්ථාවරයේ පසුවෙයි. මෙය අපේක්ෂා ජනිත කරවීමකි.





Sunday, November 6, 2016

කොරියානු දිනපොත (Korean Diary);- ජෙජු ගුවන් තොටුපල ගැටලුව. (Jeju Airport Problem)



ජෙජු දකුණු කොරියාවේ පිහිටි ඉතා ලස්සන දියුණු නගරයකි. ජෙජු ගුවන් තොටුපල ඉතාම කාර්යබහුලය. එහි දිනකට මගින් 70,000ක් පමණ ගැවසෙන බව වාර්තා වේ.

එහි පැමිණෙන චීන ජාතිකයින් ගුවන් තොටුපලේ කුණු දමා යයි. දැන් මෙම තත්වය ජෙජු බලදාරීන්ට ප්‍රශ්නයක් වී ඇත. මෙම සංචාරකයින්ට අපද්රවිය බැහැර කිරීමට බැග් පවා ලබා දී තිබේ. ඔවුන් වගකීම් වලින් නිදහස් බඩු ලබා ගෙන ඒවායේ ඇසුරුම් කවර ඉවත් කරයි. මෙසේ කරන්නේ ඔවුන්ගේ බඩු ගුවන් ගත කිරීම පිණිස බර සහ ප්‍රමාණය අඩු කර ගැනීමටය. ඔවුන් එම ඉවත් කරන ආවරණ එසේ ගුවන්තොටුපලේ ඔහේ දමා යාමට පුරුදුව ඇත. 

දැනට ගුවන් තොටුපල බලදාරින් ගේට්ටු පිරිසිදු කරනන් 2 සිට 3 දක්වා වැඩිකර තිබේ. එහෙත් ගැටලුවට විසදුමක් ලැබී නැත. අනාගතයේ මෙම තත්වය වලක්වා ගැනීමට ගුවන්තොටුපල බලදාරීන් අප්ද්‍රවිය දමා යන මගින් ගෙන් දඩ ගැසීමට සුදානම් වේ. 

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.



Thursday, November 3, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- කොරියන් ජාතිය (Korean Nation)


කොරියානු ජනතාවගේ ප්‍රදාන බාෂාව කොරියන් වන අතර ලිවීමේ කටයුතු වලදී හන්ගුල් ප්‍රදාන තැන ගනී. ලොව පුරා මිලියන 78 කට වැඩි ජනතාවක් කොරියන් බාෂාව කතා කරති. ප්‍රදාන වශයෙන්ම කොරියානුවන් දකුණු සහ උතුරු කොරියාවේ ජිවත් වෙති. තවද නිල වශයෙන් පිළිගත් සුළුතරයක් චීනය ජපානය රුසියාව යුස්බෙකිස්ථානය සහ පැරණි සෝවියට් සමුහාන්දුවේ අනෙක් රාජ්‍ය වල ජිවත් වෙති. 

ආසියාවේ සතර වෙනුවට විශාලම ආර්ථිකය ඇත්තේ දකුණු කොරියාවටයි. එය මෙම කරුණ සම්බන්දයෙන් ලෝකයේ 11 වන ස්ථානයට පත් වේ. එහි ආර්ථිකය මිශ්රය. දකුණු කොරියාව ඉතා දිලිදු තත්වයේ තිබී දියුණු වූ රටකි. එහි තොරතුරු සන්විදෙන තාක්ෂනය ඉතාම දියුණු තත්වයක පවතී. එහි එක් ප්‍රතිපලයකි දියුණු ජංගම දුරකථන.

කොරියානු ජනතාව ඉතා මිත්රශිලිය. අනෙකාට උදවු කිරීමට හිත සිතින් ඉදිරිපත් වේ. මා ඉන්චියන් ගුවන් තොටුපලින් එළියට පැමිණ ගුවන්ජු වෙත යාමට බසය සෙවුවෙමි. මට තොරතුරු අංශය සොයා ගැනීමට නොහැකිව පාරෙන් අනෙක් පසට ගියෙමි. එවිට කාරුණික මහතෙකු පැමිණ කරුණු විමසා ඉතා අපහසුවෙන් කොරියන් බාෂාවෙන් සන්නිවේදන කටයුතු සිදු කර මාව තොරතුරු අංශය වෙත රැගෙන යන ලදී. 

ඒ දිවා ආහාර අවස්ථාවයි. අපි සියලු දෙනා යාබද අවං හලකට ගියෙමු. මා අසුන් ගත් තැනට ඉදිරියෙන් සිටියේ අලුත් තැනැත්තියකි. මට කෑම ගන්නා අවස්ථාවේ සිරවීමක් සිදුවිය. යන්තම් කැස්ස සැදී මම එය වළක්වාගෙන නැවත කෑම ගත්තෙමි. මගේ ඉදිරිපස සිටි අමුත්තිය වීදුරුවකට වතුර ගන්නවා මම දැක්කෙමි. මා සිතුවේ ඇය බිමට වතුර ගන්නා බවයි. නමුත් ඇය එම වතුර වීදුරුව මට පිලිගන්වුවාය. මේ කොරියානු ජනතාවගේ කාරුණික බවයි. 

ජනතා අදිකරණය (85) ;- ''නෙට් බෝල් තරගයක් ''ගිය දුර නඩුව.


මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 124/95 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු හක්මන අලුත්වත්තේ පදිංචි ගම ඇතිගේ සරත් කුමාරය. වගයුත්තරකරුවන් වුයේ කඹුරුපිටිය පොලිසියේ නිලදාරීන් සහ නිතිපතිවරයාය. මේය ජි පි එස් ද සිල්වා (අග විනිසුරු) විනිසුරු රාමනතන් විනිසුරු විජේතුංග යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිමල් හපුආරච්චි වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ මනෝහර ද සිල්වා ජෙෂ්ට රජයේ නීතිඥ එස් ගම්ලත් රජයේ නීතිඥ කුමුදිනි වික්‍රමසිංහ යන අය පෙනී සිටියහ. තීන්දුව ලබා දුන්නේ 1996.10.30 වැනිදාය.

පෙත්සම්කරු පුහුල්වැල්ල මද්‍ය මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරයෙකි. ඔහු 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කල තමන්ගේ මුලික අයිතිවාසිකම් එනම් 11 සහ 13(1) වගන්තින් වගයුත්තරකරුවන් උල්ලංගනය කල බව කියා සිටි. සිද්දිය වුයේ 1995.03. 20 වැනිදාය. නාරන්දෙනිය මහා විද්‍යාලයේ නෙට් බෝල් තරගයක් සදහා පෙත්සම්කරු ඇතුළු ඔහුගේ පාසලේ සිසුන් සහ ගුරුවරු එම පාසලට ගියහ. වයස 15 න් පහල 17 න් පහල තරග පුහුල්වැල්ල පාසලේ සිසුහු ජයග්‍රහණය කළහ. ඉන්පසුව න්රන්දෙනිය පාසලේ සිසුන් කලහකාරී ලෙස හැසිරෙමින් පුහුල්වැල්ල පාසලේ සිසුන්ට පහර දෙන්නට පටන් ගත්හ. එවිට පෙත්සම්කරු ඇතුළු පිරිස තම පාසලට ඒමට තීරණය කළහ. 

ඔවුන් බස් නැවතුම් පොලට පැමිණ බසයට සිසුන් නග්වමින් සිටියදී එය අසලට පොලිස් ජීප් රථයක් පැමිණ නැවත්වුහ. එයින් බැස ගත් පොලිස් නිලදරියෙක් පෙත්සම්කරුගේ කකුල් වලට උන ලීයකින් පහර දුන්නේය. පෙත්සම්කරු තමන් පැමිණි කාරණය කිවුවද වගයුත්තරකාර පොලිස්කාරයා එය ගණන් නොගෙන ඔහුව කුඩුවට දැමු අතර එවිට නාරන්දෙණිය විදුහලේ විදුහල්පති පැමිණ එම නිලදරියගේ කනට යමක් කෙදුරු අතර ඔහුව නැවත ජීප් රථයෙන් එලියට ගෙන පා පහරක් එල්ල කළේය. මුනින් අතට බිම වැටුණු පෙත්සම්කරු යලි නැගිට සිටියේ ඉතා අසීරුවෙනි. ඔහුට නැවත ජීප් රථයට නගින ලෙස නියෝග කෙරිණි. තුවාල ලැබූ සිසුන් පිරිසක්ද අත්ඩංගුවට ගැනිණි. ඔවුන් සියලු දෙනවා කඹුරුපිටිය පොලිසියට ගෙන එන ලදහ. පොලිසියේදී පෙත්සම්කරුගේ අසනීප තත්වය බරපතල විය. ඔහුව පළමුව කඹුරුපිටිය දිස්ත්‍රික් වයිද්යවරයා වෙතත් ඉන්පසුව ගන්ගොඩගම රෝහලටත් යොමු කෙරිණි. ඔහු එම රෝහලේ මාර්තු 24 දක්වා ප්‍රතිකාර ගනු ලැබිණි. 1995.03.20 දින සවස 6.45 ට පෙත්සම්කරුව පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කෙරිණි. 

වගයුත්තරකාර පොලිස් නිලදාරියා කියා සිටියේ පුහුල්වැල්ල පාසලේ සිසුන් පෙත්සම්කරුගේ අනුමැතිය ඇතිව නාරන්දෙණිය පාසලේ සිසුන්ට පහරදුන් බවයි. එයට දිවුරුම් ප්‍රකාශද ඉදිරිපත් කෙරිණි. ඔහු කියා සිටියේ පුහුල්වැල්ල පාසලේ සිසුන් නාරන්දෙණිය පාසලේ සිසුන්ට පහර දුන් බවය. එයට නාරන්දෙණිය පාසලේ විදුහල්පතිගේ සහ සිසුන්ගේ දිවුරුම් ප්‍රකාශද ඉදිරිපත් කෙරිණි.

නමුත් පෙත්සම්කරුට පැහැදිලි වයිද්ය සාක්ෂි තිබු අතර පුහුල්වැල්ල පාසලේ සිසුන්ගේ හා ගුරුවරුන්ගේ දිවුරුම් ප්‍රකාශ බස් නැවතුම් පොලේ සිටි සුවාදින පුද්ගලයෙකුගේ දිවුරුම් ප්‍රකාශ මෙහිදී වැදගත් එමෙන්ම ප්‍රබල සාක්ෂි විය.

පෙත්සම්කරු නඩුව ජයග්‍රහණය කළේය. එනම්පළමු වගයුත්තරාකාර පොලිස් නිලදාරියා 11 වන සහ 13(1) වගන්තින් පෙත්සම්කරු සම්බන්දයෙන් උල්ලංගනය කල බව තීරණය කෙරිණි. පෙත්සම්කරුට හිමි වූ මුළු වන්දිය සහ නඩු ගාස්තුව රුපියල් 5000 කි. පළමු වගයුත්තරකරු වන්දි ලෙස රුපියල් 3000 ක්ද රජය වන්දි ලෙස රුපියල් 1250 ක්ද නඩු ගාස්තු ලෙස රුපියල් 750 ක්ද පෙත්සම්කරුට ගෙවිය යුතු විය. 

මෙම නඩුවේ පිටපතක් පොලිස්පතිට යවා වන්දි සහ ගාස්තු 1996 දෙසැම්බර් 31 ට පෙර පෙත්සම්කරුට ගෙවීමට සහතික වන්නැයි රෙජිස්ටාර්ට නියෝග කෙරිණි.  

නඩු තීන්දුව අගවිනිසුරුවරයා ලිවූ අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය පල විය. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බශාවෙන් කියවීම සදහා පහත සබදියාව වෙත යොමු වන්න. 

Wednesday, November 2, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- ජෙජු සත්‍ය කොමිසම (Jeju Truth Commission)







මෙය 2000 වසරේදී පිහිටවනු ලැබිණි. ඒ ජෙජු හි 4, 3 සිදුවීම් වල විමර්ශන සෙවීමට පිහිටවූ ජාතික කමිටුවයි. ජෙජු දුපතකි. එය දකුණු දිග කොරියාවේ පිහිටි විශාලතම දුපත වේ. 

''ජෙජු දුපතේ මෙම කණගාටු දායක සිද්දිය ඇතිවුයේ 1948 අප්‍රියෙල්සිට 1949 මැයි දක්වාය. මෙම කැරැල්ලේ ඉල්ක්ය වුයේ කොරියාවේ එක්සත් ජනපද හමුදා ආණ්ඩුව සහ පසුකාලින කොරියානු ආණ්ඩුවයි. අපරාදකරු පක් හොන් යෝඋන්ග් ය. එය ඇති වුයේ එක්සත් ජනපද හමුදා ආණ්ඩුවේ ජාතික පොලිසියේ මර්දනයට සහ දකුණු කොරියාවේ පමණක් පවත්වාගෙන ගිය මැතිවරණයට එරෙහිවය. පුද්ගලයින් 25,000 සිට 30,000 දක්වා මරා දැමිණි. එය ජෙජු දුපතේ ජනගහනයෙන් 1/5 කි.''

මෙම කොමිසම පත් කලේ 1948 සහ 1954 අතර සිදුවූ ආයුද්ද සන්නද නැගී සිටීම සහ කැරැල්ලේ සිදුවීම් සොයා බැලීමටය. එය ඉතිහාසයේ දිගම කොමිසන් සබාව වේ. 2009 දක්වා ක්‍රියාත්මක විය. සහබාගි වූ වින්දිතයින් ගණන 14028 කි. පළමු වාර්තාව 2003 දී එලි දැක්විණි. ජනාදිපති රෝ මු හයින් නිල සමාවක් ඉල්ලා සිටි අතර 2006 දී සැමරුම් උළෙලකටද සහබාගි වුනි. 

ලංකාවේ සිදුවීම් ගණනාවක් ඇති විනි. ඒ 1971 නැගී සිටීම, 88/89 නැගී සිටීම, 2009 අවසන් වූ යුද්දය ඒ අතර වේ. මේ සියලු අවස්ථා වලදී විශාල ජිවිත හා දේපල හානියක් සිදු විය. 2009 ජයග්‍රහණය කල 30 අවුරුදු යුද්දයේදී යුද අපරාද සිදුවූ බවද ප්‍රකාශ වේ. 

නමුත් මේ සියලු අවස්ථා වල සත්‍ය සොයා බැලීමක් සිදුවුයේ නැත. සිදුකල එකම දේ ඉතිහාසය යට ගැසීම පමණි. මා 1983 වැලිකඩ බන්දනාගාර සංහාරය ගැන පර්යේෂණ කටයුත්තක නිරත වීමේදී හිටපු නීතිපති වරයකුගෙන් සම්මුක සාකච්චාවක් ඉල්ලා සිටියෙමි. ඔහු පැවසුවේ තමන්ට පරණ තුවාල අලුත් කිරීමට අවශ්‍ය නොවන බවයි. මෙවන් මානසිකත්වයක් තුල සිදුවන එකම දේ ඉතිහාසය නැවත නැවත සිදුවීමයි. තවද ජාතියේ පරිහානියයි.





ජෙජු දියුණු වන්නේ ඉතිහාසය අමතක නොකිරීම නිසාය. එම දුපතේ සිදුවූ නැගී සිටීම අනුස්මරණය කිරීමට ඉතාම දියුණු කවුතුකාගාරයක් සහ ස්මාරකයක් ගොඩනගා තිබේ. 

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...