Thursday, February 22, 2018

නිතිය සැමට (LAW FOR ALL) ;- ජුරිය ප්‍රශ්නගත වූ මිනීමැරීම් නඩුවක්. (With link to the judgement)



""අම්මා පපුව හා උදරය (පෙදෙස පෙන්වා සිටි) අමාරුවෙන්අල්ලා ගෙන පිහියෙන් ඇන්නා කිවුවා. මම ඇහුවා මොකද වුනේ කියලා සුටික්කා පිහියෙන් ඇන්නා කියා කිවුවා 
සුටික්කා කියන්නේ කවුද?

මෙයාට ගමේ කියන්නේ සුටික්කා කියලා

කවුද සුටික්කා කියන්නේ?

විත්තිකරු පෙන්වා සිටි. "

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අපරාදයක් පිළිබද අබියාචනා නඩුවකි. අබියාචක වුයේ නිතිපතිවරයාය. වගවුත්තරාකාර චුදිත වුයේ බද්දේගම පදිංචි සුජිත් ලාල්ය. අංකය 14/2016 වේ. මෙය මිනීමැරුම් නඩුවකි. ගාල්ල මහා අදිකරණයේ අදිචෝදනා ගොනු කර තිබිණි. ඒ නිතිපතිවරයා විසිනි. මිනීමැරුම සිදුවුයේ 1997 ජුලි 20 වැනිදාය. මෙය දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාර දඩුවම් ලැබිය යුතු වරදකි. 

මහා අදිකරණ නඩුවේදී ජුරි සබාව පත් කලේ නැත. චුදිත වරදකරු වූ අතර මරණ දඩුවම හිමි වුනි. අබියාචනා කෙරිණි. ඒ නිතිය පිළිබද වරදක් එනම් ජුරිය අවශ්‍යද නැද්ද යන්න විත්තිකරුගෙන් නොවිමසීම පිළිබද අබියාචනා අදිකරණය ඉදිරිපිටදීය. එහිදී විත්තිකරු නිදොස් කොට නිදහස් කෙරිණි. 

ඉන්පසුව නීතිපතිවරයා ශේෂ්ට්‍රදිකරණයට අබියාචනා කළේය. ශේෂ්ට්‍රදිකරණය අබියාචන ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එහිදී අබියාචක නීතිපතිවරයා නැවත අලුතෙන් මහා අදිකරණයේ නඩුවක් පවරන ලෙස ඉල්ලා සිටියද එයට අවසර නොලැබිණි. 

එවකට මරණයට පත් කාන්තාවගේ දියණිය එනම් ප්‍රදාන සක්ෂිකරියගේ වයස අවුරුදු 16 කි. දැන් අවුරුදු 20ක් ගතව ඇත. ඇයට නිවැරදිව සාක්ෂි ලබා දිය හැකිද? විත්තිකරු මේ වනවිට වසර 08 ක් රක්ෂිත බන්දනාගාර ගතව ඇත. ජූරියක් ඔහු කැමති නම් ලබාදීම ඔහුගේ අයිතියකි. මේ අනුව විත්තිකරුට සාදාරන නඩු විබාගයකට ඇති අයිතිය උල්ලංගනය වී තිබේ. 

ඉහත දෙබසේ සාක්ෂි දෙන්නේ මියගිය තැනැත්තියගේ 16 හැවිරිදි දියණියයි. මෙම සුටික්කා යන චුදිත මියගිය අයගෙන් තම දියණිය ඉල්ලා සිට ඇත. ඒ රාත්‍රියේ නිවසට ඇතුල්විය. මොකද්ද කියන්නේ ඇසුවිට ඇය කියා ඇත්තේ ගෙදර අනික් කට්ටියගේන් අහන්න ඕන සහ මම ඔය පිහියට බිය නොවන බවයි. ඒ අවස්ථාවේ ගෙදර සිට ඇත්තේ මවත් සීයාත් මෙම දියණියත් පමනි. පියා අනික් දරු දෙදෙනා සමග වැඩ කරන ස්ථානයේ චාරිකාවකට ගොසිනි. චුදිත නිවසට ඇතුල් වන විට වෙලාව සවස 07 ට පමණය. දියණිය කාමරයේ පාඩම් කරමින් සිට ඇත. මව එනම් මියගිය අය සිට ඇත්තේ මුළුතැන් ගෙදරය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.








No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...