Tuesday, December 26, 2017

ජනතා අදිකරණය (102) ;- තීරණාත්මක මැතිවරණ නඩුවක්. (A judgement related to forthcoming local government elections)


මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 35/2016 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරුවන් 18 කි. වගයුත්තරකරුවන් වුයේ මැතිවරණ කොමිසමේ නිලදාරීන් ප්‍රාදේශීය සබා ගණනාවක නිලදාරීන් අමාත්‍ය ෆයිස් මුස්තාපා සහ නීතිපතිවරයා ඇතුළු තවත් නිලදාරින්ය. 

මෙය අග විනිසුරු ප්රියසත් ඩෙප් විනිසුරු අනිල් ගුණරත්න හා විනිසුරු නලින් පෙරේරා හමුවේ විබාග විය. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ මනෝහාර ද සිල්වා යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ රොමේෂ් ද සිල්වා නීතිඥ සුගත් කල්දේරා ජනාදිපති නීතිඥ ජේ සි වැලිඅමුණ ජනාදිපති නීතිඥ කුවේරා ද සොයිසා නීතිඥ පුලස්ති රූපසිංහ නීතිඥ චන්දක ජයසුන්දර නීතිඥ රුක්මල් කුරේ නීතිඥ චාරක ජයරත්න ද නීතිපතිවරයා වෙනුවෙන් ජනාදිපති නීතිඥ සහකාර සොලිසිටර් ජෙනරාල් එස් රාජරත්නම් සහ රජයේ නීතිඥ සුරේකා අහමඩ් ද පෙනී සිටියහ. 

තීන්දුව දුන්නේ 2017.12.15 වැනිදාය. තීන්දුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ලිවූ අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය.

පෙත්සම්කරුවන් කියා සිටියේ පළාත්පාලන චන්දය කලට වෙලාවට නොපවත්වීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩ වූ බවයි. ශේෂ්ට්‍රදිකරණය තීරණය කලේ මැතිවරණ කොමිසම පෙත්සම්කරුවන්ගේ  මුලික අයිතිවාසිකම් කඩ කල බවයි. තවද රජයට නියෝග කලේ පළාත්පාලන මැතිවරණය කලට වෙලාවට පවත්වන ලෙස.

චන්දය ජනතාවගේ මුලික අයිතියක් වේ. පළාත්පාලන ආයතන වලට දිගු ඉතිහාසයක් තිබේ. ඔවුන් බිම් මට්ටමේ විශාල කාර්යබරයක් සිදු කරති. ඔවුන් තොටිල්ලේ සිට මරණ මංචකය දක්වාම ජනතාව වෙනුවෙන් සුවිශාල කාර්යබාරයක් සිදු කරති. සමහර පළාත් පාලන ආයතන සතුව මාතෘ සායන සහ මෘත ශරිරිගාර දක්වා පාලන බලය හිමිව ඇත.

මෙසේ කලට වෙලාවට චන්දය නොපවත්වීමෙන් ජනතාවගේ දුක්ගැනවිලි ඇහුම්කන් දෙන පළාත්පාලන ආයතන වල බලදාරීන්ට ඇති ප්‍රවේශය අහිමි වේ.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.




No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...