Monday, November 13, 2017

නිතිය සැමට (Law for All );- හර්ෂ මංජු ශ්‍රී පාපොච්චාරණය. ( Welikada Massarcre)

මේ 121110 වැලිකඩ නම් පොතයි. කසුන් පුස්සෙවෙල විසින් රචිත මෙම පොතට සැමගේ ප්‍රණාමය හිමිවිය යුතුය. 1983 කළු ජූලියේදී සිදුවූ වැලිකඩ සංහාරය නැවතත් 2012 දි කරලියට පැමිණියේය. මරා දැමු ගණන නිල සන්කයා ලේකන වලට අනුව 27 කි. නමුත් මෙම පොත අනාවරණය කරන ආකාරයට එය ඊට වැඩි වේ. ලැයිස්තුවකට මරා දැමිණි. ඇතැම් ඉනියා බුද්දීමතුන්ට අනුව මෙම සංහාර දෙක ගැන නැවත මතක් කිරීම පරණ තුවාල නැවත අලුත් කිරීමකි. නීති සිසුන් කියවිය යුත්තේ අපරාද නඩු විදාන සංග්‍රහය, සිවිල් නඩු විදාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය, සාක්ෂි නිතිය සහ ආයතන සංග්‍රහය පමණක් නොවේ. මක්නිසාද ප්‍රයෝගික බාවිතයේදී මෙම පොත් වල සදහන් ආකාරයට නිතිය ලස්සනට සහ පැහැදිලිව නැත. යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මේ කාලයේ මෙම පොත සැමගේ අවදානයට ලක්විය යුතුය. රාජපක්ෂ සමයේ කෝට්ටේ හිමිවරු දෙනෙමක් ගාතනය කෙරිණි. ඒ පවුරානික කඩුවක් සොරකම් කිරීමට ගොසිනි. සැකකරු වුයේ හර්ෂ මංජු ශ්‍රිය. ඔහු වැලිකඩ බන්දනාගාරයේ සිටි අතර ඊලග නඩු දිනයේ පාපොච්චාරණයක් කිරීමට සිටි අතර මෙය බන්දනාගාර නිලදාරින්ටද රහසක් නොවිණි. නාකොටික් එකේ රන්ගජිව ලැයිස්තුවකට අනුව මුලින්ම අඩගසුවේ මොහුගේ නමයි. මෙම පොත වැලිකඩ සංහාරය පිලිබදව පරීක්ෂණ පැවැත්වීමට ඉතා හොද සාක්ෂියකි. අවම වශයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සබාවේ අවදානයවත් මෙයට යොමුවිය යුතුව ඇත. එසේ නොවුනහොත් යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හුදු නාම පුවරු පමණක් වනු ඇත. 

2 comments:

  1. හපෝ ඉතින් යහපාලනෙ

    ReplyDelete
  2. පුස්සෙවෙල කවදා හරි ලංකාවේ නමක් ගිය මාද්ය වේදියෙක් වෙනවා

    ReplyDelete

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...