Thursday, October 19, 2017

නිතිය සැමට (Law for All) ;- ආසිරි රෝහල නඩුව දිනයි.


මෙය ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ තවත් අබියාචන නඩුවකි. අංකය 152/2014 වේ. තීන්දුව දුන්නේ 2017.09.19 වැනිදාය. අබියචක අසිරි රෝහලයි. වගයුත්තරකරු සොයිසාය. හෙතෙම ගොනපිනුවල පදිංචි කරුවෙකු වේ. ඔහු 1999.12.27 දින අශා සෙන්ට්‍රල් රෝහලේ රසායනාගාර තාක්ෂණ නිලදරියෙකු ලෙස සේවයට බැදිනි. මේ අතර රෝහලේ නම අසිරි සෙන්ට්‍රල් රෝහල ලෙස වෙනස් විය. සේවායෝජක රෝහල සහ සේවකයා අතර රැකියාව පිළිබද පැහැදිලි ගිවිසුමක් විය. 2019.11.18 ඔහුගේ සේවය නතර කෙරිණි. ඒ වෙනත් ස්තස්නයක සේවයෝජකට නොදන්වා වැඩ කිරීම ගැනයි. මෙම රසායනාගාර සේවකයා වසරක පමණ කාලයක් දිවා කාලයේ වෙනත් ස්ථානයක වැඩ කරමින් රාත්‍රියේ ආසිරි රෝහලේ වැඩ කල අතර මෙය අසිරි රෝහලේ සෙසු නිලදාරීන් දැන සිටියහ. සේවය නතර කිරීමෙන් පසු කම්කරු උසාවියේ නඩුවෙන් සේවකයා දිනු අතර එහිදී ඔහුට වන්දි පවා පිරිනැමිණි. රෝහල සිවිල් පළාත් බද මහා අදිකරණයට අබියාචනා කළේය. අබියචනයද රෝහලට අවාසිසහගත විය. හේතුව වුයේ රෝහලේ නම වෙනස්වීමය. පසුව ශේෂ්ට්‍රදිකරණයට අබියචනය කෙරිණි. අසිරි රෝහල නඩුව දිනන ලදී. එහිදී ප්‍රමුකත්වය හිමිවුයේ සේවායෝජක සේව්‍ය අතර තිබු පැහැදිලි කොන්දේසි සහිත ගිවිසුමටයි. එහි වුයේ සේවකයකුට සේවා යෝජක ට දැනුම් නොදි අවසර නොගෙන වෙනත් ස්ථානයක වැඩ කල නොහැකි බවයි. රෝහලේ නම වෙනස් වීම බලපෑවේ නැත. 

මෙම අබියාචන නඩුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

2 comments:

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...